මුත්‍රා තදකරගෙන සිටීමේ අවදානම සුලූපටු නොවේ මෙය දන්නේ නම් ඔබ එසේ සිදු නොකරනු ඇත.

ඔබ වැඩ අධික වීම හේතුවෙන් මුත්‍රා නොදමා එය සිර කරගෙන සිටීද? මෙය දන්නේ නම් ඔබ එසේ සිදු නොකරනු ඇත.
වර්තමානයේ බොහෝ දෙනෙකු ගෙවන්නේ කාර්යබහුල ජීවිත. එම නිසා ඇතැම් විට රැකියාවට, පාසලට, උපකාරක පන්තියට යන බොහෝ දෙනෙක්ට සාමාන්‍ය ජීවන රටාවෙන් මිදීමට සිදුවනවා. බොහෝ විට එවන් අවස්ථා වලදී මුත්‍රා කිරීමට ඇති අවශ්‍යතාවය මැඩපවත්වා ගැනීම සිදු කෙරෙනවා. ඇතැමුන් නොවැලැක්විය හැකි හේතු නිසා මෙසේ සිටියත් තවත් සමහරුන් කම්මැලිකම නිසා හෝ තම ප්‍රියතම රුපවාහිනී වැඩසටහන අතරතුර පවා මෙසේ මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය මැඩපවත්වා ගන්නවා.
හේතු සාධක කවරක් වුවද මෙම තත්වයට ඔබ අප සියලු දෙනා මුහුණ දී තිඛෙනු නොඅනුමානයි. මෙය පුරුද්දක් වශයෙන් සිදු කිරීම ශරීරයට හානිකර බව ඔබ දැන සිටියාද?
එසේ කිරීමෙන් පහත දැක්වෙන රෝග ලක්ෂණ ඇති වීමේ අවධානම ඉහල දමනවා.
1. මුත්‍රාශයේ මුත්‍රා සම්පූර්ණයෙන් පහව නොයාම
මෙය ඹරසබ්රහ රුඑැබඑසදබ ලෙස වෛද්‍යවරු හදුනා ගන්නා අතර රෝග ලක්ෂණය නම් මුත්‍රා පහකිරිමේදී මුත්‍රාශයේ ඇති මුත්‍රා සම්පූර්ණයෙන් පහව නොයාමයි. මේ සදහා බලපාන ප්‍රධාන හේතුව නම් අවශ්‍යතාවය ඇතිවූ විට මුත්‍රා පහ නොකිරීමයි. එනම් සිර කරගෙන සිටීමයි. මෙහිදී සිදුවන්නේ මුත්‍රා සිර කරගෙන සිටීමේදී මුත්‍රාශ බිත්ති මත ඇති වන පීඩනය නිසා මුත්‍රාශ බිත්ති දුර්වල වීමයි. මෙම තත්වය වයස් ගත වීමත් සමග වඩාත් දැඩිව බලපානවා
2. මුත්‍රා මාර්ගයේ ඇතිවන ආසාදන
මුත්‍රා පහකිරීමේ අව්ශ්යතාවය බොහෝ වෙලා නවතා ගෙන සිටීම නිසා ඇතිවිය හැකි අහිතකර තත්වයක් ලෙස මුත්‍රා මාර්ගයේ ආසාදන හැදින්විය හැකියි. ඔබත් දිනපතා මෙසේ සිදු කරයි නම් එමගින් ඔබට මුත්‍රා මාර්ගයේ ආසාදනයක් ඇතිවීමේ හැකියාව ඉහල දමනු ලබනවා. ඔබ මුත්‍රාශයේ රදවාගෙන සිටිනුයේ ශරීරයෙන් ඉවත් කිරීමට රැුස් කරන ලද දේවල් නිසා මෙම අහිතකර තත්ත්ව ඇතිවීම නිරායාසයෙන් සිදුවේ.
මුත්‍රා සිර කරගෙන සිටීම හා මුත්‍රා පහ කිරීමේ අවශ්‍යතාවය ඇති වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන කරුණකි. මන්දයත් මුත්‍රාශය පිරි ඇති බවට මොලයට යැවෙන සංවේදනය සදහා මුත්‍රාශයේ තිඛෙන මුත්‍රා පරිමාව පුද්ගලයින් මත රදාපවතින නිසා එය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වියහැකි නිසා.
ඇතැම් පුද්ගලයින්ට මෙම අවශ්‍යතාවය පැය 3-6 දක්වා පාලනය කිරීමට හැකි අතර ඇතැම් බර වාහන රියදුරන් පැය 10 වැනි දිගු කාලයක් පවා මෙම අවශ්‍යතා පාලනය කරනවා. මෙය මුත්‍රාශ පරිමාව, ශරීරයේ තරල තත්වය, ජලය ලබාගැනීමට ඇති හැකියාව, මුත්‍රාශයේ සංවේදීතාවය වැනි සාධක රාශියක් මගින් පාලනය වනවා.
මෙසේ ඇතිවන අවධානම් තත්ත්ව බොහෝ විට සුවකරගත හැකි ඒවා වන අතර පුරුද්දක් වශයෙන් කරගෙන යාමෙන් ඇතැම්විට මුත්‍රාශය ඉදිමීම, මුත්‍රාශ ගල් ඇතිවීම, වකුගඩුවල ගල් ඇතිවීම වැනි රෝග තත්ත්ව පවා ඇති විය හැකියි.
එම නිසා වඩාත් නිරෝගිමත් ජිවිතයක් ගතකිරීම සදහා ඔබේ සිරුරේ කි‍්‍රයාකාරිත්වයට අවශ්‍යතාවයන්ට සෑම විටම ඉඩ දෙන්න. එමගින් ලෙඩ රෝග අවම ජීවිතයකට උරුමකම් කීමට ඔබට හැකිවනු ඇත.

No comments: