Header Ads

හැමදාම උදේට නිවිති යුෂ වීදුරුවක් පානය කිරීමෙන් ලැඛෙන ප්‍රතිඵල ඔබ දන්නවද?


හැමදාම උදේට නිවිති යුෂ වීදුරුවක් පානය කිරීමෙන් ලැඛෙන ප්‍රතිඵල ඔබ දන්නවද?



යකඩ ආහාරයක් මතක් කරන්න කිව්වොත් උගත්, නූගත් ඕනෑම කෙනෙක්ට මතක් වෙන ශාකයක් තමයි නිවිති කියන්නේ. ඒ තරමටම නිවිති පෝෂණයෙන් ගුණයෙන් අනුන ශාකයක් කියලා ඕනෑම පුද්ගලයෙක් දන්නවා. විටමින් ඒ. විටමින් සී සහ විටමින් බී පෝෂ්‍ය පදාර්ථ වලින් අනුන නිවිති ගම්වල හැම ගෙවත්තකම වගේ දැකගන්න පුළුවන්. හෘදයාකාර පත්‍ර වලින් සමන්විත දිගු වැලක් වන නිවිති වැලේ ඉදුණු දම් පැහැති ගෙඩි තියෙනවා. මේ වැල හරියට වවනවානම් අඩි ගණනක් උසට හෝ දිගට යවාගන්නත් පුළුවන්. ඉතාම සශ්‍රීකත්වයෙන් වැවෙන එළවළුවක්. ශීත, මධ්‍යම ඕනෑම ප්‍රදේශයක රෝපණය වන නිවිති ප්‍රභේද දෙකක් පවතිනවා. ඒ ප්‍රභේද දෙක තමයි දණ්ඩ කොළ පැහැති ප්‍රභේදය සහ දණ්ඩ දම් පැහැති ප්‍රභේදය. මේ ප්‍රභේද දෙකෙන්ම ලැඛෙන්නේ එකම පෝෂණ ගුණයක්.


ආයුර්වේදයට අනුව ඊ්ිැකකදජැ්ැ කුලයට අයත්වන නිවිති ඊ්ිැකකදජැ්ැ නමැති උද්භිත විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. නිවිති අපි එළවළුවක් ලෙස පමණක් භාවිතා කළත් මේ ශාකයේ පවතින ඖෂධීය ගුණය ඉතා ඉහළයි. ආයුර්වේදයේ ඉපැර‚ සංහිතා ග්‍රන්ථවල මේ ශාකය පිළිබඳ සඳහන් වෙනවා. වරක සංහිතාවේ ශාක වර්ග වලට අයත් විශේෂ කොටසක් පවතිනවා. ඒ ශාකවලට අයත් කොටසේ නිවිති ඖෂධය ගැනත් සුවිශේෂී සඳහනක් පවතිනවා. ඇත්තටම නිවිති කියන්නේ රසයෙන් අනුන එළවළුවක් වගේ ගුණයෙන් අනුන ඖෂධයක්. ආයුර්වේදයට අනුව පෝතකි යන අන්වර්ථ නාමයෙනුත් හඳුන්වන නිවිති සෙවල ගතියකින් සමන්විත නිසා ලපිච්බිලාල යන නමිනුත් හඳුන්වනවා. නිවිති කියන්නේ නින්ද නොයන යට නින්ද ළගා කරන්නට හැකි ඇති සුවිශේෂී ඖෂධයක් නිසාම මේ ශාකය .මෝහිනී. යන නමිනුත් හඳුන්වනවා.


වෙනත් ඖෂධවල වගේ නිවිති ඖෂධ වට්ටෝරු ලෙස සාදා ආහාරයට ගැනීමක් කරන්නේ නැහැ. නමුත් එළවළුවක් ලෙස හෝ සලාදයක් ලෙස ආහාරයට ගත්තොත් ඔබ නොසිතන රෝග රැසකට මෙමගින් සුවයක් ලබාගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් නිවිති පරිප්පු සමග මිශ්‍ර කර ව්‍යංජනයක් හදා ආහාරයට ගන්නවා. ඉතාම රසවත් වගේම ගුණවත් ව්‍යංජනයක්. වාෂ්පයෙන් තම්බා සලාදයක් ලෙස ආහාරයට ගැනීමත් ගුණදායකයි.


සුප් එකක් හදද්දී එහි උකු බව වැඩිකරන්න නිවිති එක් කරන්නත් පුළුවන්. මේ ශාකයේ පවතින අධික සෙවල බව නිසාම නිවිතිවල එයටම ආවේ‚ක රසයක් සහ ගුණයක් පවතිනවා. සමහර ආහාර වර්ග පාට කිරීම සඳහා කෘතීම වර්ණ භාවිතා කරනවා. එය ශරීරයටත් යම් අහිතකර බවක් ගෙන දෙන්න පුළුවන්. කැවිලි වර්ග ආදී විවිධ ආහාර වර්ග වර්ණවත් කරන්න නිවිති ඇට තලා ගන්නා දම්පාට ද්‍රාවණයෙන් පුළුවන්. මේ වර්ණ කාරකය ශාක සාර නිසා මෙමගින් නිසි වර්ණයක් වගේම රසක් ගුණයකුත් ලැඛෙනවා. රසකැවිලි වර්ණ කිරීමට නිවිති ඇට භාවිත කර එයට දෙහි ස්වල්පයකුත් මිශ්‍ර කළොත් දම්පාට තවත් වැඩිපුර ලබාගන්න පුළුවන්.


සමහර ආහාර වර්ග තියෙනවා ගැබි‚ මාතාවන්ට, කුඩා දරුවන්ට ආහාරයට ගැනීමට නුසුදුසු ඒවා. නමුත් ගැබි‚ මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට වගේම කුඩා දරුවන්ටත් නිවිති ආහාරයට දීම ඉතාම සුදුසුයි. ගුණදායකයි.


නිවිති කොළ වාෂ්පයෙන් තම්බලා උයල ආහාරයට ගත් විට හොඳින් මල පිට කිරීමේ හැකියාවක් ඒ තුළ පවතිනවා. නිවිති වල පවතින ස්වභාවික කෙඳි වර්ග නිසා හොඳින් ආහාර දිරවා පහසුවෙන් මල පිට කිරීමට මේ ඖෂධීය එළවලුව ඉතා ගුණදායකයි. ඒ නිසයි මලබද්ධය ඇති රෝගීන්ට නිවිති ආහාරයක් ලෙස ගැනීමට නිර්දේශ කරන්නේග


නිවිති ළා දම් පාටින් සමන්විතයි. පුංචි පොකුරු වගේ තමයි හැදෙන්නේ. දෙඹර, බඹර, ගෝනුසු වැනි සත්ත්ව දෂ්ටන වලදී නිවිති මල් උණු වතුරෙන් තම්බා කෂායක් ලෙස පානය කිරීමෙන් ශරීර ගතවූ එවැනි සත්ත්ව විෂ නැති කරන්න පුළුවන්.


අතීතයේ දරුවන් ප්‍රසුත කිරීමට සුදානම් වන ගර්භ‚ මවුවරුන්ට නිවිති කොළ තම්බා කෂායක් ලෙස පානය කරන්න දීමෙන් පහසුවෙන් වේදනාවෙන් තොර ප්‍රසුතියක් කිරීමට අතීත වෙදැදුරන් ඉඩ ප්‍රස්ථතාව සලසා දී තිඛෙනවා. අධික උෂ්ණත්වය නිසා මේ වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් දැඩි දුෂ්කරතා වලට මුහුණ දෙන අපට පෙනෙන්නට තිඛෙන දෙයක්. නිවිති කොළ හොඳින් කොටා මිරිකා ගත් යුෂ දිනකට මිලි ලීටර් 15ත් 30ත් අතර ප්‍රමාණයක් පානය කළොත් ඔබේ ශරීරයට දැනෙන අධික දැවිල්ල සහ උණුසුම අඩු කරගන්න පුළුවන්. ඇත්තටම නිවිති කියන්නේ ශරීරයට සිසිලසක් ලබාදෙන ඖෂධීය ශාකයක්. ඒ වගේම නාසයෙන් ලේ ගැලීම් සිදුවෙන අවස්ථාවලදී නිවිති කොළ යුෂ ස්වල්පයක් පානය කිරීම ඉතාම සුදුසුයි.


නිවිති කියන්නේ ඉදිමීම, රතු වීම වැනි ප්‍රධාන තත්ත්ව සුව කිරීමට සමත් ඖෂධයක්. එවැනි ස්ථානවල නිවිති කොළ ස්වල්පයක් කොටා ප්‍රදාහ ස්ථානයේ ආලේප කිරීමෙන්, සුවයක් ලබන්නත් පුළුවන්. සමේ ඇතිවුණු විසර ගෙඩිවල නිවිති කොළ, අමුකහ සමව අරගෙන එළගිතෙල් හෝ බටර් එක්ක අඹරා ආලේප කළොත් විසර ගෙඩි පුපුරා සැරව ඉවත්වී එය පිරිසිදු කර ඉක්මන් සුවයක් ලබන්නත් හැකියාව පවතිනවා.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.