Header Ads

ඔබෙත් දණහිස් වේදනාව තියෙනවනම් මෙන්න මේ ස්වාභාවික ප්‍රතිකාර ටික කරන්න.


 ඔබෙත් දණහිස් වේදනාව තියෙනවනම් මෙන්න මේ ස්වාභාවික ප්‍රතිකාර ටික කරන්න.

මිනිස් සිරුරේ අනේක විධ වේදනාවන් නොයෙක් ස්ථන වල ඇති වේ. මේ සියල්ලටම ඛෙහෙත් ගැනීමට යාමෙන් අවසානයේදී තවත් රෝග රැසකට අත වැනීමක් ද සිදු වේ. වේදනානාශක ලෙස අප ලබාගන්නා බොහෝ ඛෙහෙත් පෙති වලින් විවිධ ආකාරයේ අතුරුඵල රාශියක් ඇති වේ.


මේ සියළු වේදනාවන් අතරින් බොහෝ පුද්ගලයින් පීඩාවට  පත් වී ඇත්තේ දණහිස්  වල ඇති වන වේදනාවන්ගෙනි. මෙය වයස් බාධාවකින් හෝ කාන්තා පිරිමි බේදයකින් තොරව ඕනෑම අයෙකුට ඇති විය හැකි වේදනාවකි. පුද්ගල ජීවන රටාවන්ගේ ඇති වී තිඛෙන සංකීර්ණත්වය හා විවේකය මඳකම මේ සඳහා බොහෝ සෙයින් බලපා ඇත.




මේ ලිපියෙන් ගෙන එන්නේ ඛෙහෙත් පෙති වලින් තොරව දණහිස් වේදනාවෙන් මිදිමට හැකි ක්‍රම කීපයකි.


01. ව්‍යායාම


දණහිස් වේදනාව සමනය කරන විවිධ ආකාරයේ ව්‍යායාම ක්‍රම ඇත. ඔබට ගැලපෙන ව්‍යයාම දැනගැනීමට වෛද්‍ය හෝ උපදේශකයෙකුගේ උපදෙස් ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ.




02. ආහාර පාලනය


දණහිස් වේදනාව ඇති වීමට විවිධ හේතු බලපායි. ඔබට වේදනාව ඇති වූයේ යූරික් අම්ලයේ වැඩි වීමක් නිසා නම් එසේ වැඩි වීමට බලපාන ආහාර ගැනීම නැවැත්විය යුතුය. ඒ අතරම මේ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ද ලබාගත යුතුය.




03. ඉගුරු හා කහ අඩංගු තේ


මෙම දෙවර්ගයේම ප්‍රතිඔක්සිකාරකයන් අන්තර්ගත වේ. මේවායින් තේ සාදා දිනකට අඩුම තරමේ දෙවරක් පානය කිරීම කළ යුතුය. මේ පානය මඟින් දණහිස් වේදනාව මෙන්ම දණහිස් ඉදිමීම ද අඩු කරයි.




04. සිරුරට වැඩියෙන් මැග්නීසියම් ලබා ගන්න


මැග්නීසියම් දණහිස් වේදනාවට සුවය ලබා දේ. මෙය ආහාර ආකාරයෙන් හෝ ඛෙහෙත් ආකාරයෙන් ලබා ගත හැක. කෙසේ වෙතත් ආහාර ලෙසින් මැගිනීසියම් ලබා ගැනීම වඩාත් ආරක්ෂාකාරී ය. මැගිනීසියම් අඩංගු ආහාර ලෙස පළා වර්ග, ධාන්‍ය වර්ග, මාළු, අලිගැටපේර, යෝගට්, කෙසෙල් හා ා්රන ජයදජදක්එැ පෙන්වා දිය හැක.




05. පිරිසිඳු ඔලිව් තෙල්


වේදනාව ඇති දණහිස් වල පිරිසිඳු ඔලිව් තෙල් හොඳින් ආලේප කර මඳ වේලාවක් තිඛෙන්නට හරින්න. මෙය අභ්‍යන්තරයට අවශෝෂණ කොටගෙන වේදනාව ඇති කරවන අංශ= විනාශ කරයි.


උපදෙස් ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ.





No comments:

Powered by Blogger.