Header Ads

ඔබේ ලග්නය අනුව ඔබට වඩාත්ම ගැලපෙන මිතුරා හොයාගන්නේ මෙන්න මෙහෙමයි.


 ඔබේ ලග්නය අනුව ඔබට වඩාත්ම ගැලපෙන  මිතුරා හොයාගන්නේ මෙන්න මෙහෙමයි.

අද අපි කියන්න යන්නේ ඔබේ ලග්නය අනුව ඔබේ හදවතට ලංවෙන මිතුරන් අඳුනා ගන්නා හැටි. ඔබ දන්නා පරිදි ලග්න 12ක් තියෙනවා. මේවා අපි විශේෂ කොටස් වලට ඛෙදනවා.


01) ගිනි රාශි - මේෂ / සිංහ / ධනු

02) වායු රාශි - මිථුන / තුලා / කුම්භ

03) ජල රාශි - කටක / වුශ්චික / මීන

04) පඨවි රාශි - වෘෂභ / කන්‍යා / මකර


ඉහත සඳහන් කාණ්ඩ එක හා සමාන ලක්ෂණ දක්වයි. උදාහරණයක් ලෙස, ඔබ සිංහ ලග්නයේ නම්, ඔබේ හොඳම මිතුරා ධනු හෝ මේෂ වීමට වඩාත් ඉඩ තිබේ. එසේම මෙම කාණ්ඩ සමහරක් එකිනෙක හා මිත්‍ර වන අතර අනෙකුන් නොගැලපෙනු ඇත.


උදා:- ජල රාශි සහ ගිනි රාශි එකතු වන විට එතන සිදුවන්නේ අලස බවකි. මන්දයත් ගින්දර ජලයේදී නිවීමයි. සහ ජලය රත් වීමයි,


නමුත් ඔබ ගිනි රාශි වී, වායු රාශියක කෙනෙක් හා බැඳේ  නම්, එම සම්බන්ධය ඉතා බලවත් වේ. මන්දයත් වායු මගින් ගින්න වැඩි කිරීම සහ ගින්න මගින් වායුවට ප්‍රාණය දෙන බැවිනි.


මේ අනුව ජල රාශිවලට ගැලපෙන්නේ පඨවි රාශීන් වේ.


ආදරයට මඟ පාදන ලග්න

මිථුන, ධනු යන ලග්න දෙස බලන්න. එකක් ගිනි රාශි වන අතර අනික වායු වේ. එසේම මෙම දෙකිහිම දක්නට ලැඛෙන්නේ මිනිස් රූපයි. එනම් මෙම ලග්න අයිතිකරුවන්ට මානුෂික ගතිගුණ තදින් ඇති බවයි. ඔවුන් ඉතා සංවේදී වේ. එසේම මෙම ලග්න දෙකට ද්වී ගතිගුණ ඇත. එනම් මිථුන හිමිකරුවන්ට පිරිමි හෝ ගැහැණු සමඟ වැඩ කිරීමට අමුතු හැකියාවක් ඇත. ධනු ද එසේමය. ධනු හිමිකරුවන් අසාධාරණයට එරෙහිව නැගී සිටියි. අප ලද පර්යේෂණ හා අතීත වාර්තා අනුව මිථුන සහ ධනු එක්වූ තැන්හි ලොව බලවත්ම සම්බන්ධය ඇති වේ.


මෙලෙස සිංහ / වෘෂභ / මේෂ ලග්න අතර සහ කටක / මීන / මකර ලග්න අතර ආදර ආකර්ෂණයක් පවතී. අවාසනාවට මෙන් වුශ්චික ලග්නයට ගැලපෙන වෙනත් ලග්නයක් නොමැත. මෙය විශ්වයේ අභිරහසක් ලෙස පෙන්විය හැක.



අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.