Header Ads

හදිසියේ Fit එකක් හැදුණොත් මෙන්න මේ දේවල් ටික හරියටම කරන්න තප්පරයක්වත් පරක්කු වෙන්න එපා


හදිසියේ Fit එකක් හැදුණොත් මෙන්න මේ දේවල් ටික හරියටම කරන්න තප්පරයක්වත් පරක්කු වෙන්න එපා


ත‍සඑ එකක් එහෙමත් නැත්නම් වලිප්පුව කියන තත්වය කුඩා දරුවන් අතර බහුලව ඇති වන තත්වයක්. සමහර අයගේ කුඩා වයසේ ඇති වන මේ තත්වය වැඩිහිටි විය දක්වාම පවතෙන්නටත් පුළුවන්.


දරුවෙකුට ත‍සඑ එකක් ආවොත් කල යුතු නොකළ යුතු දේවල් ගැන දෙමව්පියෝ විතරක් නෙමෙයි හැමදෙනාම දැනුවත්ව සිටීම වැදගත්. මුලින්ම ඔබ කලබල නොවිය යුතුයි.


දරුවා සිටින්නේ අනතුරු සහිත තැනක නම් උදාහරණයක් විදියට විදුලි පේනු අවට තිබේ නම් ළිඳක් හෝ එවැනි හදිසි අනතුරක් ඇති විය හැකි තැනක නම් එතනින් දරුවාව ඉවත් කරන්නට පියවර ගන්න.


ඉන් පසු දරුවාව වම් ඇලයට හරවන්න. කට ඇතුලට විවිධ දේවල් දමන්නට යන්න එපා. ඒ වගේම අතට යකඩ වැනි දේ දෙන්නට යන්නත් එපා. වලිප්පුව ඇති වන ආකාරය මතක තබා ගන්න.


දරුවාගේ ගැහීමක් සිදු වනවා නම් ඒ සිරුරේ කුමන කොටස් වලද කියා මතක තබාගන්න. වෛද්‍ය වරයෙක් වෙත රැගෙන ගිය පසු මේ දේවල් ඔඛෙන් විමසාවි. දරුවාගේ ඉදිරි ප්‍රතිකාර සඳහා එය වැදගත් වේවි.


වලිප්පුව ඇති වන කාලය දළ වශයෙන් විනාඩි කීයක්ද කියා මතක තබා ගන්න. දරුවාට අධික උණ ඇත්නම් අත් යට සහ කකුල් යට ඉකිලි කිහිලි තෙත රෙදි කැබැල්ලකින් තෙත් කරන්න.


දරුවාව වම් ඇලයේම තිඛෙන පරිදි ඉක්මනින් ළඟම ඇති රෝහලකට ගෙන යන්න. විවිධ අත් ඛෙහෙත් කරමින් ගෙදර තබා ගන්නට යෑම දරුවාගේ ජිවිතයටද අවදානමක් වෙන්නට ඉඩ තිඛෙනවා.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
 



No comments:

Powered by Blogger.