Header Ads

ඇගිලි අතර ඇති පරතරයෙන් හෙළිවෙන ඔබේ ජීවිතයේ වත ගොත මෙන්න.


ඇගිලි අතර ඇති පරතරයෙන් හෙළිවෙන ඔබේ  ජීවිතයේ වත ගොත මෙන්න. 
 


අත් පරික්ෂාකර බලා පුද්ගලයෙකුගේ චරිත ස්වභාවය පිළිබඳව වටිනා තොරතුරු රාශියක්ම අනාවරණය කරගැනීමට හැකි විද්‍යාව” හස්ත රේඛා ශාස්ත්‍රය ලෙස හඳුන්වන බව ඔබ දන්නවා ඇති’ අප ක්‍රියා කරන ආකාරය” තෝරාගැනීම් සිදුකරන ආකාරය සහ අනෙකුත් පුද්ගලයින් සමග ගනුදෙනු කරන ආකාරය වැනි වැදගත් තොරතුරු රාශියක්ම එමගින් අනාවරණය කරගන්නට හැකියාව තිඛෙනවා’

අත්ලේ ඇති රේඛා පිරික්සා බලා තොරතුරු පවසන සාමාන්‍ය ක්‍රමවේදයට අමතරව” ඇගිලි අතර ඇති පරතරය පිරික්සා බලා තොරතුරු පවසන ක්‍රමවෙදයකුත් තිඛෙනවා’

මේ පහත පින්තූරයේ දිස්වෙන පරිදි ඇගිලි අතර පරතරය පිහිටන ආකාරය ඒ” බී සහ සී වශයෙන් ප්‍රධාන කොටස් තුනකට ඛෙදා වෙන්කරන්න පුළුවන්’ එම පිහිටීම් වලින් හෙළිවෙන ජීවන රහස් මොනවාද කියා දැන් අපි සොයා බලමු’

මෙහිදී ඔබ ඔබේ අතේ ඇගිලි වැඩි ආයාසයකින් එකට එකතු කිරීමට උත්සහ කරන්න යන්න එපා’ ඇගිලි එකට ලං කරන විට පවතින ස්වභාවික ක්‍රමයටම තිඛෙන්නට ඉඩ හරින්න’


A පිහිටීම (ලොකු පරතරයක් )

ඔබේ අතේ ඇගිලි අතර වැඩි පරතරයක් පවතිනවා සේම” විවුර්ත පෞර්ශයක්ද ඔබට උපතින්ම උරුම වී තිඛෙනවා’ ඒවගේම ඔබ ඉතාමත්ම ධෛර්ය සම්පන්න පුද්ගලයෙකි’ අන් අය සතුටු කිරීමට වඩා තමන් සතුටු වීමට නිතර උත්සහ කරන ස්වභාවයකින් යුතු පුද්ගලයෙක් ලෙසද ඔබ හඳුන්වන්නට පුළුවන්’ ඔබ ඔබේ හැගීම් සගවා ගැනීමට උත්සහ නොකරන නිසා” ඔබ වඩාත් කෙලින් කතා කරන සහ ක්‍රියා කරන ස්වභාවයකින් යුක්තයි’ සැම විට අලුත් මිතුරන් ඇතිකරගැනීමේ සහජ හැකියාවක්ද ඔබට උපතින්ම උරුම වී තිඛෙන බව නොදුටු ලෝකයට වාර්තා වෙනවා’

B පිහිටීම (ඉතාමත් සුළු පරතරයක්)

ඔබ අන් අය සමග වඩාත් විවුර්ත වුනත්” සිතින් බොහෝ දේවල් විඳ දරාගෙන සිටින කෙනෙකි’ අසන්නට සහ දකින්නට ලැඛෙන දේවල් වඩාත් හොඳින් තේරුම් ගැනීමේ” හඳුනාගැනීමේ සහ විනිශ්චය කිරීමේ සුපිරි හැකියාවක් ඔබට තිඛෙනවා’ ඔබ වැඩියෙන් කතා බහ නොකරන කෙනෙක් වුනත්” සතුටු වෙන අවස්තාවන් වලදී වඩාත් හොඳින් සතුටි වෙන හැටි ඔබ දන්නවා’ වෙනත් විදියකට කියනවානම් ඔබ වඩාත් සමබර පුද්ගලයෙකි’ කතා කල යුතු සහ සවන් දියයුතු නියමිත වෙලාව ඔබ හොඳින් දන්නා නිසා” බොහෝ දෙනෙක් ඔබගෙන් උපදෙස් ලබාගන්නට වැඩි කැමැත්තක් දක්වනවා’ හාස්‍යයට ප්‍රිය කරන ඉඳ හිට හොඳ විහිළුද කිරීමට දන්නා පුද්ගලයෙක් ලෙස ඔබ හඳුන්වන්නට පුළුවන්’

C පිහිටීම (පරතරයක් නොමැති)

ඔබ අන් අය වගේ නොවෙයි” පුද්ගලිකත්වය වඩාත් අගය කරනවා’ ඒවගේම ඔබේ පුද්ගලිකත්වය අන් අය සමග ඛෙදා ගැනීමට ඔබ වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ’ ඔබ පුද්ගලයින් ලෙහෙසියෙන් විශ්වාස කරන්නේ නැහැ” එම නිසා කෙනෙකුට ඔබේ විශ්වාසය දිනාගැනීම තරමක් අපහසුයි’ අන් අයට ගෞරව කරන ආචාරශීලී ස්වභාවයක්ද ඔබේ තිඛෙනවා’ නිතර නිකරුනේ කතා නොකරන සුළු ස්වභාවයකින් යුතු ඔබ” වඩාත් හොඳින් සවන් දෙනවා’

ඉදිරිපත් කරනු ලැබූ මෙම ලිපියෙන් අතේ ඇගිලි අතර ඇති පරතරය විමසා බලා පුද්ගලයෙකුගේ චරිත ස්වභාවය විශ්ලේෂණය කරන ආකාරය ඔබ දැනගන්නට ඇති කියා අප සිතනවා’


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 

No comments:

Powered by Blogger.