ගෙදරදීම ලස්සන වෙන්න මෙනන් මේ ස්වාභාවික ක්රම අනුගමනය කරන්න.
ගෙදරදීම ලස්සන වෙන්න මෙනන් මේ ස්වාභාවික
ක්රම අනුගමනය කරන්න.
ඉරත් එක්ක ඇහැරෙන බිරියකට ගෙදර ෙදාරේ කරන්න කප්පරක් වැඩ තියෙනවා. ඒ වැඩ ගොන්න අතරේ තමන් කවුද කියන කාරණයත් අමතක වෙලා යන තරම්.
ගෘහණියකට පැවරෙන රාජකාරි ගොන්න අතරේ මුල්තැන රැඳෙන්නේ මුළුතැන්ගෙය. උයන පිහන අතරේ අතේ ගෑවෙන දැලි වතුර තමන් ඇඳගෙන ඉන්න ඇඳුමෙම පිහිදාන අයත් නැත්තේ නැහැ. එහෙම නැත්නම් අත් දෙකේ තෙත පිටින්ම වැඩ කරනවා. වතුර රැඳෙන හැම වාරයකම අත්දෙක තෙත මාත්තු කරගන්න. ඒ සඳහා වෙනම රෙදි කැබැල්ලක් තබාගන්න. එහෙම නැතිනම් නිතර දෙවේලේ වතුර රැඳෙන ඔබේ අත් දෙක රැලි වැටෙන්න පුළුවන්.
කහට පැල්ලම් බැඳුණු නියපොතු ඇඟිලි එතරම් ප්රියජනක බවක් ඇති කරන්නේ නැහැ. කෙසෙල් මුහ, අළුකෙසෙල්, එළබටු, දෙල්, අල වර්ග, වම්බටු වගේ එළවළු කපද්දී අත්වල කහට බැඳෙන එක සාමාන්යයි. අත් දෙකේ රැඳුණු කහට පිටින් කුස්සියෙන් එළියට නම් යන්න එපා. කහට ටික අයින් කරගෙන පිරිසුදුව කුස්සියේ වැඩ ටික ඉවර කරන්න. ගාගත්ත පොල් ටිකක් අතුල්ලන්න. දෙහි ලෙල්ලක් වුණත් කමක් නැහැ. අමු තක්කාලි කෑල්ලක් අතේ පොඩි කරලත් කහට යවන්න පුළුවන්.
කුරුලෑ හිතට හරිම වධයක්. කොත්තමල්ලි ඇටවලට සූදුරු ඇට ටිකක් එකතු කරලා කුඩු කරගෙන ඇල්වතුරෙන් දිය කරලා මුහුණේ ගාන්න. වෙනිවැල් ගැට කෑල්ලක් ඇල්වතුරෙන් ගල ගාලා මුහුණේ ගාන්නත් පුළුවන්. ඇල් වතුරට දෙහි බින්දු කිහිපයක් එකතු කරලා මුහුණ හොඳින් සෝදන්න.
බාහිරින් ශරීරයට සත්කාර කළාට විතරක් මදි. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම වගේ පිරිසුදු ජලය පානය කරන්න. කොළ කැඳ වීදුරුවක් බොන්න. සතියකට තැඹිලි ගෙඩි දෙකක්වත් බොන්න. බාර්ලි, සව්, බෙලිමල් වගේ දේවල් නිතර නිතර පානය කරන්න. බාර්ලි සව් අඹරලා මුහුණේ ගෑවත් අගුණ නැහැ.
කලබලේට ළිප උඩ තියන භාජනවල අත යන්තම් ගෑවෙනවා. ඒ වෙලාවට වතුර කරාමයට අත අල්ලන්න. ඊට පස්සේ බිත්තර සුදු මදය හෝ කෝමාරිකා මදයෙන් ටිකක් ආලේප කරන්න. තෙල් තාච්චියෙන් තෙල් ඉහුණම අයිස් කැටයක් අරගෙන එතැනට තියන්න. නැත්නම් දිය බුබුළු මතුවෙන්න පුළුවන්. දැවිල්ල අඩු වුණාට පස්සේ කෝමාරිකා පෙත්තක් ආලේප කරන්න.
බැරි වෙලාවත් තද හුමාලයට නිරාවරණය වුණොත් ඇල්වතුරෙන් හෝදන්න එපා. හම එතකොට ඉක්මනට රැලි වැටෙන්න හදනවා. මී පැණි හෝ ඔලිව් තෙල් ටිකක් ගාන්න.
දවස තිස්සේම අපි අත් කකුල් වෙහෙසෙනවා. මඳක් රස්නේ උණුවතුර ටිකකට දෙහි පළුවක ඉස්ම එකතු කරලා අත් කකුල් හොඳට පෙඟෙන්න ඉඩ දෙන්න. තෙත මාත්තු කරලා තල තෙල් ටිකක් හරි ඔලිව් තෙල් ටිකක් හරි ගාන්න. කෝමාරිකා යුෂට තලතෙල් ටිකක් එකතු කරලා ගාන්නත් පුළුවන්.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
සිංහල ඔන්ලයින්
අපේ page එකට like එකක් දාලා share කරන්න

No comments: