Header Ads

මෙන්න මේ සිපිලිස් රෝග ලක්ෂණ ඔබටත් තියෙනවද? බලන්න. ඔබටත් හැදෙන්න කලින් මේ රෝගය ගැන දැනුවත් වෙන්න


මෙන්න මේ සිපිලිස් රෝග ලක්ෂණ ඔබටත් තියෙනවද? බලන්න. ඔබටත් හැදෙන්න කලින් මේ රෝගය ගැන දැනුවත් වෙන්න


සිපිලිස් යනු ලිංගිකව හැසිරිමෙදි සම්පේ‍්‍රෂණය වන Treponema pallidum බැක්ටිරියා වර්ගයක් හේතුවෙන් ඇතිවන රොගි තත්වයක්.සිපිලිස් ඉතා වේගයෙන් ආසාධන ඇති කරන රෝගි තත්වයක්.
ප‍්‍රතිකාර නොකලහොත් සිපිලිස් වලට පුළුවන්   හානි  කරන්න  ස්නායු ,ශරිර පටක හා මොලයට නැවත සුවකල නොහැකි ලෙස.මෙම රෝගය ශරිර පද්ධතියේ නිදන්ගතව තිබිමෙන්  ශරිරයේ සැම පටකයකට සහ අවයවයකටමට මුළුමනින්ම බලපාන්න පුළුවන්.2000 වසර වන තෙක් මෙම සිලිපිස් ව්‍යාප්තිය තත්වය අඩු වශයෙන් පැවතුනද මේවන විට එහි ව්‍යාප්තිය ඉහලින් වර්ධනය වන බව වාර්ථා වෙනවා.
ඔයාට සිපිලිස් වැලදි ඇතැයි සැකයක් තිබෙනවානම් ඔයා දැනගෙන ඉන්න  ඕන එහි රෝග ලක්ෂණ සහ ප‍්‍රතිකාර සොයාගන්න. ඔයාට සිපිලිස් වැලදි නොතිබුනත් ඔයා දැනුවත්වෙලා ඉන්න  ඕන ඒක වලක්වා ගන්න ආකාරය ගැන.

මිනිස්සුන්ට සිපිලිස් වැලදෙන්නේ කොහමද කියලා තේරුම් ගමු.

ඔයා වරක්  තේරුම් ගත්තම කොහොමද  කෙනෙකුට සිපිලිස් වැලදෙන්නේ කියලා ඔයාට එහි තිබෙන අවදානම ගැන රූපයක් මවා ගන්න පුළුවන්.මෙම සිපිලිස් තුවාල ස්පර්ශවිමෙන් රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට හුවමාරු වෙනවා.මෙම තුවාල ශරිරයේ  ඕනෑම තැනක තිබිය හැකියි.බහුලව පුරුෂ ලිංගයේ හා යෝනියේ බාහිරව පෙනෙන්න තිබ්ය හැකියි. මිට අමතරව යෝනි මාර්ගයේ ගුද මාර්ගයේ ඇතුලේද තිබෙනවා.ඒ වගේම තොල් වල හා මුඛය තුලද දැකිය හැකියි.
ඔබ රෝගය අසාධිතවු පුද්ගලයකු සමගින් යෝනි, මුඛ සහ ගුද සංසර්ගය යෙදුනා නම් සිපිලිස් ඇතිවිෙමි අවදානමට ඔබ ලක්වෙනවා.
එකම බාජන වල ආහාර ගැනිමෙන් ,වැසිකිලි ආසන වලින් ,දොරගුළු,පිහිනුම් තටාක මගින් සිපිලිස් ව්‍යාප්ත විය නොහැකියි. ඔබට රෝගය වැලදිමට නම් සෘජුවම සිපිලිස් ආසාධිත තුවාල සමග ස්පර්ශ විමක් සිදුවෙන්න  ඕන.
මේවන විට සිපිලිස් ස්පර්ශවිම් 75% ක් සුවිශේෂයෙන් පිරිමින් සමග ලිංකව හැසිරෙන පිරිමි අතර වැඩිපුර සිදුවන බව වාර්ථාවි තිබෙනවා.
ඔබ පිරිමින් සමග ලිංකව හැසිරෙන පිරිමියෙක නම් ආරක්ෂාකාරි ලෙස ලිංගිකව හැසිරිමට පුහුණුවිම ගොඩක් වැදගත් වෙනවා

සුපරික්ෂාකාරි වන්න. සිපිලිස් රෝග වාහකයින් ඔවුන්ට සිපිලිස් වැලදි ඇතිබව අවුරුද්දක් පමණ වන තුරු නොදැන සිටිය හැකියි. 

රෝගයේ මුලික අවස්ථාවෙදි සැලකිය යුතු රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ.මෙම නිසා ගොඩක් අය දන්නේ නැහැ ඔවුන්ට සිපිලිස් වැලදි ඇති බව.ඔවුන් මෙම රෝග ලක්ෂණ දැක්කත් ඒක සමාජ රෝගයක් කියලා අඳුර ගන්නේ නැ .ඒ හේතුවෙන් ප‍්‍රතිකාර නොකර බොහෝ කාලයක් ගතවිම හේතුවෙන් සුළු තුවාල වසර 1-20 අතර කාලයෙ ටිකෙන් ටික වැඩිදියුණු වෙමින් ආසාධනය වෙනවා. එමෙන්ම රෝග වාහකයා නොදැනුවත්ව අන් අයට රොගය පතුරනවා.  

ප‍්‍රාථමික අවස්ථාවෙදිම සිපිලිස් රෝග ලක්ෂණ හඳුනා ගනිමු
සිපිලිස් අදියර තුනකින් යුක්තයි.
ප‍්‍රාථමික (පලවෙනි) අවධිය
ද්විතියික (දෙවැනි) අවධිය
තෘතික (තුන්වැනි) අවධිය (ප‍්‍රමාදවු)

ප‍්‍රාථමික (පලවෙනි) අවධිය
සාමාන්‍යයෙන් සිපිලිස් තුවාලයකට නිරාවරනය විමෙන් සති 3කට පසුව පලවෙනි අවධිය පටන් ගන්නවා.නිරාවරය වි දවස් 10 - 90 කාලය අතර ශරිරයේ කොතැනක වුවත් රෝග ලක්ෂන පෙන්විය හැකියි
සිපිලිස් ප‍්‍රාථමික අවස්ථාවෙදි වේදනා රහිත නොයෙක් කුඩා තුවාල හට ගැනිම සිදුවෙනවා
එම තුවාල කුඩායි ,තදයි, වක‍්‍රාකාරයි වේදනාවක් රහිතයි. එක තුවාලයක් හෝ වැඩිපුර තිබිය හැකියි.
ශරිරයට රෝගය ඇතුල්වන කොතැනක වුවත් තුවාල ඇති වෙනවා. බහුලව වශයෙන් පුරුෂ ලිංගය , යෝනි මාර්ගය , ගුද මාර්ගය ,මුඛයෙහි තුවාල ඇති වෙනවා.
තුවාලය සති 4 - 8 ඇතුලත පැල්ලමක් වත් ඉතිරි නොකර ඉබේම සුව වෙනවා.ඒකෙන් අදහස් වෙන්නෙ නැ සිපිලිස් සුවවෙලා කියලා.
නිසි ප‍්‍රතිකාර නොලැබිම නිසා ආසාධනය දෙවෙනි අදියරට මාරු වෙනවා.


ද්විතියික (දෙවැනි) අවධිය
ප‍්‍රාථමික ආසාධනය ඇතිවි සති 4 -8 පසුව දෙවෙනි අදියර පටන් ගන්නවා එය මාස 1-3 අතර පවතිනවා.
"maculopapular rash"
දෙවැනි අවස්ථාවෙදි මෙය පටන්ගන්නේ අත්වල අල්ලෙ ඇතිවෙන කුෂ්ටයක් ලෙස හා කකුල් පතුලේ ඇතිවන තුවාල සමගයි.සාමාන්‍යයෙන් මෙම වර්ගයේ කුෂ්ට කසන්නේ නැ.නමුත් එය ගොරෝසු තත්වයකින් යුක්තයි.එමෙන්ම සමෙහි රතු දුඹුරු පැහැති ලප ඇතිවෙනවා.මෙම අවස්ථාවෙ ශරිරයේ අනෙක් තැන්වල ඇතිවන කුෂ්ට වලට වඩා යන්තම් පොඩි වෙනසක් තමයි මෙහි දිස්වන්නෙ.මේ අවස්ථාවෙදි මිනිස්සු උපකල්පනය කරනවා මේක සාමාන්‍ය දදයක් හෝ කුෂ්ඨයක් කියලා ඒනිසා ඔවුන්ට සබෑවටම වැලදි තිබෙන ආසාධනයට ප‍්‍රතිකාර කිරිම ප‍්‍රමාද වෙනවා.



මිට අමතරව ඇතිවන රෝග ලක්ෂන නම්
විඩාව ,ඇගපත වේදනාව, උන, උගුරේ තුවාල , හිසරදය ,ඛේට ග‍්‍රන්ථි ඉදිමිම, හිසේ කොන්ඩය තැනින් තැන ගැලවි යාම , බර අඩුවිම
සිපිලිස් ද්විතියික අවස්ථාවෙදි ප‍්‍රතිකාර නොකරන අයගේ  ආසාධනය වැඩිදියුණුවි එහි උච්චතම අවස්ථාව හේවත් තෘතික අවස්ථාවට පත්වෙනවා.
තෘතික (තුන්වැනි) අවධිය
තුන්වන අවධිය ආරම්භ වන විට 1 වන හා දෙවන අවධිවල තිබු රෝග ලක්ෂන අතුරුදහන්වෙනවා. තවමත් සිපිලිස් බැක්ටිරියාව සිරුර තුල සිටිනවා.නමුත් තවදුරටත් රොග ලක්ෂන සලකුනු නොපෙන්වයි.මෙම අවධිය වන විට වසරක් අවසන් වි තිබිමට පුළුවන්.මෙම අවස්ථා තුනෙදිම ප‍්‍රතිකාර නොලබපු අයගේ ශරිරය තුල වෙසෙන සිපිලිස් බැක්ටිරියාව වර්ධනය වි ඉතාමත් දරුණු රෝග ලක්ෂණ ඇතිවිම පටන් ගන්නවා.
මුලික ආසාධන වලට පසුව සිපිලිස් තෘතික අවස්ථාව අවුරුදු 10 - 40 වනතෙක් නොපෙන්විය හැකියි
උච්චතම අවධියේදි සිපිලිස් විසින් මොලය , හදවත, ඇස්, වකුගඩු ,අශ්ථි, සන්ධි වලට බරපතල ලෙස හානි කරනවා.මෙම හානියේ බරපතලකම මරණය සිදුකිරිමට ප‍්‍රමාණවත්.
වෙනත් ලක්ෂණ
මාංශපේෂි චලනය කිරිමට අපහසුවිම, හිරිවැටිම ,අංශභාගය ,අන්ධ බාවයට පත්විම, උමතුව

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි









No comments:

Powered by Blogger.