දවල් දොළහට පෙර වතුර වීදුරු හයක් ඔබ බොන්න පුරුදු වෙනවානම් ඔබට මෙන්න මේ විශ්මිත ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

අපේ ශරීරයේ හදවත, මොළය යන මේ සියලූ දේම 70%ක් පමණ සෑදී ඇත්තේ ජලයෙන් බව ඔබ දන්නවාද?
මේ නිසාම වතුරට කිසිම ආදේශකයක් නම් තවමත් සොයා ගෙන නැහැ. නමුත් ඇතැම් අය පිපාසයට මෝල්ට් කිරිපිටි වාගේම වෙනත් පැ‚ බීම භාවිතයට පුරුදු වුවත් එය වතුරට ආදේශකයක් නොවන බව සිහිතබා ගත යුතු දෙයකි. ශරීරයේ උණුසුම පාලනයටත්, ආහාර ජීර්ණ පද්ධතියකම ක්‍රියාකාරිත්වයටත් ජලය නම් අත්‍යවශ්‍යම සාධකයකි. මේ නිසාම ජලය පානය කිරීමේ නිසි පුරුදු ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුමයි.
වතුර පානය කිරීමේ නිසි පුරුදු ඇතිකර නොගත හොත් එය ජීවිතයට අවදානම් තත්ත්ව ඇතිවීමට හේතුවිය හැකිය. මේ නිසා දිනකට වතුර වීදුරු 8ක්වත් පානය කළ යුතු බව නම් අප බොහෝ දෙනා දන්නා කාරණයකි.
විශේෂයෙන්ම අප පාන්දරින්ම අවදි වූ විටම වතුර වීදුරුවක් (250 ථත) පානය කිරීමට හැකි නම් එය ඔබේ දවසම ප්‍රබෝධමත් කිරීමට සමත් වන්නකි.
කිරි වෙනුවට වතුර
නමුත් බොහෝ දෙනා හුරු වී සිටින්නේ තේ හෝ කෝපි වැනි උත්තේජනීය පානයකින් දවස ආරම්භ කිරීමටය. එහෙත් මේ වෙනුවට අවම වශයෙන් වතුර ලීටර් 1/2කින් හෝ සිරුර පෝෂණය කරගැනීම නම් වඩාත් වැදගත්. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ ඇල් ජලයට වඩා උතුරුවා නිවාගත් වතුර වීදුරුවකි. එය විසබීජවලින් තොර වන අතරම සිරුරම සිසිල් කරවන හොඳම පානයයි.
වතුර බෝතල්
කාර්යබහුල ජීවිතයක් ගෙවන බොහෝ දෙනා ජලය පානය කිරීමට පුරුදුව සිටියත් වතුර බෝතල් අසුරන පිළිබඳ ඇත්තේ අඩු අවධානයකි. ඇතැම් අය ඉවත දැමිය යුතු ප්ලාස්ටික් බෝතල්වල වතුර දමා ශීතකරණගත කරයි. තවද තද අව්වේ වාහන තුළ මෙන්ම වායුසමීකරණ කාමරවලද විවිධ උෂ්ණත්ව යටතේ බෝතල්වල ජලය ගබඩා කර තැබීම නම් එතරම් සෞඛ්යාරක්ෂිත නොවන්නකි. විශේෂයෙන්ම ප්ලාස්ටික් වතුර බෝතල් නම් එක් වරක් භාවිත කිරීමෙන් පසුව ඉවත් කිරීමට මතක තබා ගන්න. මේ වෙනුවට හොඳ ප්‍රමිතියක් සහිත තරමක් මිල අධික බෝතලයක් භාවිතයට ගන්න. එය තරමක් මිලෙන් අධික වුණත් සෞඛ්යාරක්ෂිත බව නම් සුරකින බව නම් නොරහසක්.
ගුරුලේත්තුව වඩා හොඳයි
ගෙදරදී පානය සඳහා ගන්නා වතුර තැබීමට වඩාත් සුදුසු වන්නේ මැටිවලින් සෑදූ ගුරුලේත්තුවකි. එමඟින් වතුරවල නියමිත උෂ්ණත්වය වගේම නියමිත මිනරල් සංයුතියද පවත්වා ගෙන යයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලත් වතුර බෝතල් (ප්‍රමිති සහතික ලත් වතුර බෝතල්) වර්ග 40ක් පමණ හඳුන්වා දී ඇත. නමුත් අද අපට විවිධ නම්වලින් බෝතල් වර්ග 400ක් පමණ දැක ගැනීමට හැකිය. විනෝද ගමන් යන විට ඔබ මිලට ගන්නා වෙළෙඳපොළේ ඇති මෙවැනි බෝතල් ගැන නම් විශ්වාසයක් තබන්න එපා.
වතුර බීමේ හොඳ පුරුදු
වතුර බීමේ නිසි පුරුදු අතර ඇති මේ කරුණු ගැනත් ඔබේ අවධානය යොමු කරන්න.ශදමබට අදප්බ ාරසබනසබට අ්එැර දමඑාදදරි.
දවල් 12ට පෙර වතුර කෝප්ප 5 - 6ක්වත් පානය කිරීම ඔබේ සෞඛ්‍යමත් ජීවිතයට වැදගත් වන්නක්. නමුත් රෑ නින්දට යෑමට පෙර නම් වැඩිපුර වතුර පානය කිරීම එතරම් සුදුසු නැත. කුඩා දරුවන්ට නම් වතුර බීමේ පුරුද්ද ඇති කරවීම නම් මවුපියන්ගේද වගකීමකි. එය දරුවන්ගේ නිරෝගී බවටත් ඛෙහෙවින්ම ඉවහල් වෙයි. දරුවන් අනිවාර්යයෙන්ම වතුර කෝප්ප 6ක්වක් දිනකට පානය කිරීමට හුරුවිය යුතුයි.
බොහෝ දෙනා ක්‍රීඩා කිරීමෙන් හෝ මහන්සි වී යම් කාර්යයක නිරත වීමෙන් පසුව පිපාසය නිවීමට පැ‚බීම හෝ කෝලා පානය කිරීමටද හුරුව සිටියි. නමුත් ශරීරය ක්‍රියාකාරී වී වෙහෙසීමෙන් පසුව මෙවැනි පානවලට හුරුවීම නම් හිතකර නොවේ. විශේෂයෙන් මෙවැනි අවස්ථාවලදී මෙම පාන භාවිතයට ගැනීම තහනම් කළ යුතු වන්නේ එය එතරම්ම අහිතකර වන බැවිනි.
දරුවන්ට නම් පැ‚ බීම වෙනුවට සතියකට 3 - 4 වරක්වත් සුප් වර්ග හෝ පලතුරු බීම ඔබට නිවසේදීම පිළියෙල කර දීමටද හැකිය. දියවැඩියාව වැනි ඇතැම් රෝගීන් නම් තමන් දිනකට පානය කළ යුතු වතුර ප්‍රමාණය පිළිබඳ වෛද්‍යවරුන්ගෙන් විමසා දැනුම්වත් වීමද වැදගත්ය.
තිබහට පෙර වතුර බොන්න
බොහෝ දෙනෙක් වතුර බීමට පුරුදුව සිටින්නේ පිපාසයක් දැනුණ විටදීය. නමුත් අප වතුර පානය කළ යුතු වන්නේ පිපාසය ඇතිවීමට පෙරය. එම නිසා වතුර බීමට නිසි වේලාවක් තබාගත යුතු නැත. උදාහරණයක් වශයෙන් කුඩා දරුවෙක් අම්මාගෙන් වතුර ඉල්ලා සිටින්නේ පිපාසය නිසා නම් එම මොහොතේදී දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය 8%කින්ද, හෘද ස්පන්දනය වැඩිවීම 13%කින්ද වකුගඩුවල ක්‍රියාකාරිත්වය 15%කින්ද අඩුවන බවද වෛද්‍ය විද්‍යාත්මකව තහවුරුවී ඇති දෙයකි. මේ නිසා ඔබේ පෝෂණය පිළිබඳ අවධානය යොමු කිරීමේදී වතුරවලට ප්‍රමුඛත්වය ලබාදිය යුතුමයි.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: