මෙය දින 03ක් පානය කල හැම කෙනෙකුගේම ශරීරයේ අනවශය සීනි ප්‍රමාණය ඉවත් වුණා
මෙය දින 03ක් පානය කල හැම කෙනෙකුගේම
ශරීරයේ අනවශය සීනි ප්‍රමාණය ඉවත් වුණා
අපේ ශරීරයේ තරබාරු කම සදහා මුලික වශයෙන් සීනි විශාල දායකත්වයක් සපයන අතර මේදයත් සැලකිය යුතු දායකත්වයක් සපයනවා. මෙහිදී දැනගත යුතු කාරණාවක් නම් අපේ ශරීරයේ එදිනෙදා කටයුතු කිරීම සදහා සීනි අත්‍යාවශ්‍ය සාධකයක් වන බවය. නමුත් සීනි අවශ්‍ය ප්‍රමාණයට වඩා භාවිතයට ගැනීමෙන් බොහෝ දෙනෙක් සෞඛයමය ගැටළු වලට මග පාදා ගන්නවා. ලොව පුරා සිටින ජනතාව අති බහුතරයක් තමන් එදිනදා පාවිච්චි කරන ආහාර මගින් තමන්ගේ ශරීරයට විශාල වශයෙන් සීනි ඇතුළු වන බව නොදන්නා කරුණක්. උදාහරණයක් ලෙස සුපිරි වෙළදසැල් වල ඇති බොහෝ ක්ෂණික ආහාර වල විශාල වශයෙන් සීනි අඩංගු වෙනවා. විවිධ පැණි බීම වර්ග, සැකසු ආහාර,රස කැවිලි ආදියත් සීනි අධිකව අඩංගු ආහාර වනවා. මේවා නිතර භාවිතයෙන් ඔබේ ශරීරයට අවශය පමණටත් වඩා අධිකව සීනි එකතු වනවා. මේ සදහා අපට සරල කාබෝහයිඩ්රේට අඩංගු මී පැණි, මිදි, පලතුරු ආහාර වේලට එක් කරගත හැකියි.
අපේ ශරීරය හැඩගැසී තිඛෙන්නේ සරල කාබෝහයිඩ්රේට ඉක්මනින් භාවිතයට ගන්නා ආකාරයට. මෙම කාබෝහයිඩ්රේට ශරීරයට රසායනික ශක්තිය උපදවා ගන්න ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනවා. එම නිසා අවශය පමණට වඩා අධිකව සීනි ආහාරයට ගැනීමෙන් ඒවා මේදය බවට හරවා ශරීරය තුල ගබඩා කිරීමේ ක්‍රියාවලියක් සිදු වනවා. මෙමගින් ශරීරයේ අධික තරබාරුව ඇති වීමට ඉහල දායකත්වයක් සපයනවා. එසේම ස්වභාවික සීනි වලට වඩා කෘතීම ආහාර වලින් ශරීරයට එකතු වන්නා වූ සීනි වඩාත්ම අහිතකර ප්‍රතිපල ලගාකර දෙනවා. මෙසේ අතිරේක සීනි මේදය බවට හරවා ගබඩා කෙරෙන්නේ අපේ ශරීරයේ ඉන, උකුල, කලවා සහ උදරය වැනි ප්‍රදේශ වලයි. එම නිසා එම ප්‍රදේශ වල අධික තරබාරුවක් හටගන්නවා. මෙහි ඇති තවත් භයානක කමක් නම් ඇතැම් පුද්ගලයන් සීනි අධි භාවිතය සදහා ඇබ්බැහි වීමයි.
අධික සීනි භාවිතය නිසා ඇතිවන අතුරු ප්‍රතිපල කිහිපයක් පහතින් දැක්වෙනවා.
නොඉවසිලිමත් භාවය
මානසික හා කායික වෙහෙසකර බව
ආහාර ජීර්ණ අපහසුතා
මානසික ආතතිය
හිස රිදීම්
නිදිබර ගතිය
මානසික තත්ත්ව විචලනයන්
ඉහත රෝග ලක්ෂණ බහුලවම දක්නට ලැඛෙන ඒවා වන අතර ඇතැමෙක්ට ඉහත ලක්ෂණ නොපෙන්වා සිටීමටද පුළුවන්. එසේම තවදුරටත් අධිකව සීනි පරිභෝජනය නිසා දියවැඩියාව නමැති රෝගය වැළදෙනවා. දියවැඩියාව බටහිර වෛද්‍ය ක්‍රමය අනුව නිට්ටාවට සුවකල නොහැකි රෝගයක් ලෙසත් නමුත් පාලනය කල හැකි රෝගයක් ලෙසත් දක්වා තිඛෙනවා.
වර්තමානයේ බොහෝ විට ඉතාම අඩු වයසකින් දියවැඩියාව වැලදුණු පුද්ගලයින් පිලිඔදව අසන්නට ලැඛෙනවා. එම නිසා ඔබත් ඔබේ අයහපත් ආහාර පුරුදු වලින් දැන්ම මිදෙන්න. විශේෂයෙන්ම සීනි අධිකව භාවිතයෙන් මිදෙන්න. සීනි වලට ඇබ්බැහි වූ පුද්ගලයන් හට ඇතැම් විට ආහාර වේලෙහි සීනි අඩු වූ විට ආහාර ගත්තද නොගත්තා සේ හැගී යනවා. මෙසේ සිදු වන්නේ එම පුද්ගලයාගේ මොලය මගින් සීනි සහිත ආහාර වේලක් අවශය බව ඔබට දන්වා සිටීම නිසයි. එහිදී බොහෝ විට අදාල පුද්ගලයා කොපමණ ආහාර ගත්තද පැණිරස යමක් ආහාරයට ගන්නා තුරු මෙම අවශ්‍යතාවය පවතිනවා.
ඔබටත් ඔබේ ශරීරයේ වැඩිපුර ඇති සීනි වලින් මිදෙන්න අවශ්‍යද? මෙන්න ඒ සදහා පහසු විසදුමක්.
මේ සදහා වැය වන්නේ දින 3 වැනි කෙටි කාලයක් පමණි.
පළමු දිනය
උදැසන ආහාරය ලෙස බිත්තර තුනක් පිස ආහාරයට ගන්න.
උදැසන හා දහවල් කෑම වේල අතර ඇට වර්ගයකින් කප් එකක් පමණ ආහාරයට ගන්න.
දහවල් ආහාරයට චිකන් සමග බීට්, කැරට්, රාබු හෝ බෝංචි වැනි එළවලු තම්බා පිස ආහාරයට එකතු කර ගන්න.
රාත්‍රී ආහාරය සදහා තම්බා පිසින ලද මාළු සමග බෝංචි හෝ පිසින ලද හතු ආහාරයට ගන්න.
දෙවෙනි දිනය
උදැසන ආහාරය ලෙස බිත්තර තුනක් පිස ආහාරයට ගන්න. තවද නිවිති ස්වල්පයක් ඔබේ ආහාර වේලට එක් කරගන්න.

දවල් ආහාරයට පිපිඤ්ඤා සමග මාළුමිරිස්, ගෝවා, කැරට් සහ ඔලිව් අඩංගු සරල ආහාර වේලක් පිළියෙළ කරගන්න. ආහාර පිසීමේදී ලෙමන් යුෂ සහ විනාකිරි වැනි දෑ යොදාගන්න.
රාත්‍රී ආහාරය සදහා තම්බා ගන්නා ලද කොල පැහැති එළවලු කීපයක් සමග තම්බා පිසින ලද මාළු ආහාර වේලට එකතු කරගන්න.
තෙවැනි දිනය

දවල් කෑම වෙලා සදහා ලෙමන් යුෂ යොදා පිළියෙළ කල රෝස්ට් චිකන් සමග ලූනු සහ ඔලිව් ආහාරට එකතු කරගන්න.
රාත්‍රී ආහාරය සදහා හතු සමග සුදුලූනු සහ තම්බා ගන්නා ලද එළවලු කීපයක් එකතු කර ගන්න.
මෙම ආහාර වට්ටෝරු පිළියෙළ කරන විට තෙල් භාවිතය හැකිතාක් අඩුකර ඉතාම සරල ආකාරයෙන් පිසගන්න. සාර්ථක ප්‍රතිපල සදහා ප්‍රධාන වේල් අතර මැද ආහාර ගැනීම හැකිතාක් දුරට අවම කරන්න.
ඉහතින් සදහන් කල ක්‍රමයට අමතරව පහත පානයන් ද ඔබේ ආහාර වේලට එක්කර ගැනීමෙන් ඔබට සීනි භාවිතයෙන් පහසුවෙන්ම මිදිය හැකියි.
ඔබත් ශරීරයට අහිතකර පැණි බීම භාවිතයට ඇබ්බැහි වී සිටිනවානම් එම අයහපත් පුරුද්දෙන් මිදෙන්න පහත පාන ඒ සදහා ආදේශකයක් ලෙස භාවිතයට ගන්නට ඔබට පුළුවන්. මෙම පාන ඔබගේ ශරීරයේ සීනි මට්ටම පමණ ඉක්මවා වැඩි නොකරන අතර ඔබගේ ශරීරයේ පරිවෘතිය වැඩි දියුණු කොට ශරීරයට නැවුම් බවක් ලබාදෙයි.
පහත පලතුරු වලින් එකක් ගෙන එයින් කුඩා කැබැල්ලක් කපා වතුර බදුනකට දමන්න. උදා ථ- මිදි, දොඩම්, ස්ට්‍රෝඛෙරි, මිංචි හෝ බ්ලුඛෙරි. මෙම ජලය ශීතකරණයක බහා පාවිච්චියට ගැනීමට ඔබට හැකි වේ.
තවද ඔබට හරිත තේ හෝ විවිධ රස වර්ග එක් නොකළ තේ කෝප්පයක් පානය කල හැකියි. දවසකට දෙවරක් වත් එසේ පානය කල යුතුයි.
ඒසේම ඔබට සීනි නොදැමූ කළු කෝපි කෝප්පයක් පානය කල හැකියි.
ඔබ මේ ආකාරයෙන් දින තුනක් ආහාර වේල් පාලනය කළහොත් ඔබේ මානසික ආතතිය, සීනි අධි භාවිතය නිසා ඇති වන වෙහෙසකර බවින් අත් මිදීමට සම්පූර්ණයෙන් හැකියාව ලැබේවි. එසේම ඉන් ඔබ්බටද සීනි භාවිතය පාලනයක් ඇතුව පවත්වා ගෙන යාමෙන් ඔබටත් නිරෝගිමත් දිගුකාලින ජීවිතයකට උරුමකම් කියන්නට හැකියාව ලැබේවි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments: