Header Ads

ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම් ඔබටත් හර්නියා හැදෙන්න පුළුවන්.


 ඔබ හිරට හිරේ ඇදුම් අඳින කෙනෙක් නම්  ඔබටත් හර්නියා හැදෙන්න පුළුවන්.


ගෑණු ළමයෙක් වුණාම හැඩට ඉන්න ඕන කියලා ඒ දවස්වල හිටපු ආචිච්ලා, අම්මලා ඉන හිරවෙන්න ඇදුම් අඳින්න කියලා බල කළා. ඒ හින්දම ඉන තව තවත් හැඩ කරගන්න පුළුවන් තරම් හිරට ඉනට ඇඳුම් අදින්න ඇතැම් අය පෙළඹුනා.

ඒ විතරක් නෙමෙයි සමහර අය ඉන, බඩ ප්‍රදේශය පුළුවන් තරම් හිර කරගෙන ඇඳුම් ඇදීම පුරුද්දක් විදිහටත් කරනවා. “මට හිර නැතුව ඇඳුම් අඳින්න බෑ. බෙල්ට් එකක් නැතුව අදින්න බෑ.” මේ විදිහට එක් එක්කෙනාගේ කැමති අකමැති දේවල් හුරු පුරුදුකම් නිසා සිද්ධ වෙන දේ නවත්වන්න කාටවත් මොන විදිහටවත් පුළුවන්කමක් නැහැ.

දැන් සමහර ගෑණු ළමයි හිරට අඳින jeans අඳින්න කලින් පොලිතින් උරයක් කකුලට දමලා ඊට පස්සේ ඇඳුම අඳින්නත් පුරුදු වෙලා.මේ තරමටම tight jeans විලාසිතාවක් වෙලා.

ඒ වුණාට ඒ විදිහට ඇඳුමක් ඇදලා වේදනාවෙන් හරි ඉවසගෙන හිටියත් නැවතත් ඇදුම ගලවා දමන විට ඉන වටේට ඇතිවෙන වේදනාව සමහර වෙලාවට ඉවසාගෙන ඉන්නත් බැරි තරම්. ඇත්තටම මේ විදිහට ඇතිවෙන වේදනාව හැරුණු විට ඉන තදවන ලෙස ඇඳුම් ඇඳීම නිසා තවත් අහිතකර ප්‍රතිඵල ඇති වෙන්නට පුළුවන්දැයි යම් සැකයක් තිබුනා.

ඇත්තෙන්ම මේ විදිහට ඉන තද වෙන ලෙස ඇඳුම් ඇඳීම වෛද්‍ය විද්‍යාත්මකව කොතරම් දුරට යහපත් දෙයක් දැයි විමසා බලමු. සමාන්‍යයෙන් තරමක් හිරවන විදිහට ඇඳුම් ඇඳීමෙන් ඒ නිසා ඇතිවෙන අපහසුතාව හැරුණාම වෙනත් ගැටලුවක් ඇත්තේ නැහැ.

එහෙම වුණත් ඒ විදිහට ඇඳුම් ඇඳීමෙන් හර්නියා තත්ත්වයක් තිබෙන අයෙකුට නම් ඇති කරන්නේ සුළු අපහසුතාවක් විතරක්ම නෙමෙයි. ඒ වාගේම ඇති වන තෙරපුම නිසා හර්නියා තත්ත්වයක් ඇති වීමේ අවදානම කීප ගුණයකින් වැඩි වන බවයි වෛද්‍ය මතය.

මෙවැනි හර්නියා අවධානමක් තිබෙන අයෙක් ඉන සිරවන ලෙස ඇඳුම් ඇදීමෙන් බඩවැල් තව තවත් තෙරපීමට ලක් වී ලේ සැපයුමට ගැටලු ඇති කරවිය හැකියි. ඒ පමණක් නොවෙයි ඉන ප්‍රදේශය කැපි යන අයුරින් තරමක් තදට පටියක් වැනි යමක් දිගින් දිගට බඳිනවා නම් එමඟින් ඉන වට සමේ ඇති සෛලවල වෙනස්කම් ඇති වී පසුකාලීනව ඒවා පිළිකාවක් ලෙස වර්ධනය වන්නට ද පුළුවන්.

ඒ නිසා ඉන සිරවෙන්න, හැඩ වෙන්න හිතාගෙන තව තවත් ඇඳුම් ඇඳීමෙන් නැති ලෙඩ ඇගේ නොදාගෙන ශරීරයේ තරමට ගැලපෙන හොඳ ඇඳුමක් තෝරා ගෙන ඇන්දා නම් මේ ගැටලුවලින් නිදහස් වෙලා හිතේ සතුටින් ඉන්න පුළුවන්.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.