දවසම අපහසු කරන මළ බද්ධය ඇති වන්නේ ඇයි? මළ බද්ධය හැදෙන්න ප්‍රධාන හේතු මෙන්න.

"බලන්නකෝ ඩොක්‌ටර් පුතා දැන් දවස් තුන හතරකින් ටොයිලට් ගියේ නෑ නේ." යන්න වෛද්‍යවරුන් හමුවට පැමිණෙන මාපියන් ගේ සුලබ පැමිණිල්ලකි. මළ බද්ධය (Constipation) කුඩා දරුවන් අතර සුලබ රෝගී තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය.
දරුවා කලින් මළපහ කළ ආකාරය සමඟ සංසන්දනය කිරීමෙන් මෙය හඳුනාගත හැකිය. එනම් මළ බද්ධයේ දී මළපහ කරන වාර ගණන කලින් අවස්‌ථාවන්ට වඩා අඩු වෙයි. මළවල සංයුතිය ඝන (Solid) වෙයි. මීට පෙර අවස්‌ථාවලට වඩා වැසිකිළි යාමේදී මළ පිට කිරීමට අපහසුවක් දැනෙයි. මළ බද්ධය සමඟ අත්වැල් බැඳගත් අනෙක් වැදගත් රෝගී තත්ත්වය නොදැනුවත්වම ඇඳුම් වල මළ පිට කිරීමයි. Soilling ලෙස මෙය වෛද්‍ය විද්‍යාව තුළ හඳුන්වයි.
සාමාන්‍ය දරුවකුගේ මළ පහ කිරීම එක් දරුවකුගෙන් තවත් දරුවකුට වෙනස් වන ස්‌වරූපයක් පවතියි. මවුකිරි බොන ළදරුවන් සමහර විට දින කිහිපයකට මළ පිට කරන්නේ නැත. මළ බද්ධය ඇති වූ පසුව දරුවෝ වැසිකිළි යාමේ දී අධික වේදනාත්මක බවක් දක්‌වති.
අධික උණ රෝගයකින් පෙළෙන අවස්‌ථාවක දී හෝ ගුද මාර්ගය අසල තුවාල, පැලුම් (Fissures) පවතින අවස්‌ථා වල දී එම රෝගී තත්ත්වයන් ඉවත් වී යන තුරු තාවකාලික මළ බද්ධයෙන් පෙළේ. අමතර ලෙස දියර ගැනීම, මළපහ බුරුල් වී යන බෙහෙත් (Laxatives) මෙහිදී ප්‍රතිකාර ලෙස ලබාගත යුතුය.
මීට අමතරව බලෙන් වැසිකිළි යාමට පුරුදු කිරීම, තමාට නුහුරු නුපුරුදු පරිසරයක වැසිකිළි යාමට සිදු වීම, පාසලේ හෝ විනෝද චාරිකාවක දී අපිරිසිදු වැසිකිළි වලට යාමට සිදු වීම, මානසික ගැටලූ ආදිය ද කුඩා ළමයින්ගේ මළ බද්ධයට ප්‍රධාන ලෙස හේතු වෙයි.
මළ බද්ධයට බලපාන ප්‍රධාන හේතු
* ගුද මාර්ගයේ අවහිරතා පැවතීම
* ගුද මාර්ගය නියමිත ස්‌ථානයේ නොපිහිටීම . මෙහි දී බොහෝ විට ගුද විවරය වෘෂණ කෝෂ අසල හෝ යෝනි මාර්ගය තුළට විවර වෙයි.
* ස්‌නායු සෛල නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, හර්ෂ්ස්‌ප්‍රන්ග් (Hirschsprungdiseas) රෝගය. මෙහිදී ස්‌නායු ගැංග්ලියන් නොපිහිටීම නිසා අන්ත්‍රයේ ක්‍රමාකුංචන නිසි පරිදි සිදු නොවෙයි.
සුෂුම්නාවේ ආබාධ ඇතිවීම
හෝර්මෝන අසමතුලිතතා
මෙහිදී ප්‍රධාන වශයෙන් තයිරොයිඩ් හෝර්මෝන අඩුවෙන් ස්‍රාවය, පැරත් හෝර්මෝනය අඩුවෙන් ස්‍රාවය ප්‍රධාන වෙයි. තයිරොයිඩ් ග්‍රන්ථියේ අසාමාන්‍යතා හඳුනාගන්නා ප්‍රධාන රෝග ලක්‌ෂණයක් වන්නේ මළ බද්ධයයි.
මොළයේ ක්‍රියාකාරිත්වය අඩාල වීම
මානසික දුර්වලතා හෝ උපත ලබන විට මොළයට වන අනතුරු මේ අතර ප්‍රධාන වෙයි. මළ බද්ධය කුඩා දරුවන් අතර සුලබ වීමට ඉහත දැක්‌වූ හේතුවලට අමතරව බලපාන තවත් ප්‍රදාන කරුණු කිහිපයක් පවතියි. පෙර පාසල් හා පාසල් යන දරුවන් අතර මෙම කරුණු ප්‍රධාන වෙයි.
ගුද මාර්ගයේ පවතින අභ්‍යන්තර කපාට නිසි පරිදි විවෘත නොවීම.
තන්තුමය ආහාර අඩුවෙන් ගැනීම මළ පිට නොකර රඳවා ගැනීමේ පුරුද්ද.
මෙවැනි අවස්‌ථා වලදී දරුවා මළපහ නොකර රඳවාගෙන සිsටියි. මෙහිදි ජලය අවශෝෂණය වන අතර ඝන කුට්‌ටි ලෙස මළ ගුදය තුළ රැඳී පවතියි. මෙය දීර්ඝ කාලයක් සිදු කරන විට ගුදය ආශ්‍රිත අන්ත්‍ර කොටස් ඇදී විශාල වෙයි. මේ තත්ත්වය දිගටම පවතින විට දියරමය මළ ද්‍රව්‍ය ඝන මළ ද්‍රව්‍ය පහළට ගොස් යට ඇඳුම් අපවිත්‍ර කරයි. Soiling යනු මේ තත්ත්වයයි.
මළ පහ නොකිරීම නිසා (Stool witholding behavior) මළ බද්ධය ඇති වීම විෂම චක්‍රයක් ලෙස ක්‍රියා කරයි. ගුද මාර්ගය ආශ්‍රිත තුවාලයක්, පැල්මක් නිසා ළමයා මළපහ නොකර සිටියි. මෙවිට මළ එකතු වී මළ බද්ධය ඇති වෙයි. දිගින් දිගටම මළ එකතු වන විට මෙම අපද්‍රව්‍ය පිට කිරීම වේදනාකාරීය. මේ නිසා දිගටම ඔහු මළ පිට නොකිරීමට පුරුදු වෙයි.
මළ බද්ධයෙන් දීර්ඝ කාලයක් පෙලෙන ළමයෙකුගේ රෝග නිධානය හා ගුදය ආශ්‍රිතව පරීක්‌ෂාවන් වැදගත් වෙයි. උදරයේ එක්‌ස් කිරණ ඡායාරූප, පාරවනි පරීක්‌ෂා, බේරියම් විකිරණශීලි ඡායාරූප, තයිරොයිඩ් හෝර්මෝන පරික්‌ෂාව වැදගත්ය. මළ බද්ධයට නිතර ගොදුරු වන විට මුත්‍රා ආසාදනයද සුලබ වෙයි.
මළබද්ධයෙන් වැළකෙන්නේ කෙහොමද?
1. මළ බද්ධයට හේතු වූ ඉහත කරුණු හඳුනාගෙන ඒවාට පිළියම් කිරීම
2. මළ මෘදු කරන ඖෂධ (Softing) ලබා දීම.
3. සේලයින් පොල්තෙල් වස්‌ති ලබා දීම.
4. මළ පහසුවෙන් දියකර හරින ඖෂධ (Laxatives) ලබාදීම
5. අතින් ඝන මළ ඉවත් කිරීම
6. තන්තු හා දියර ආහාර වැඩිපුර ලබා ගැනීම
7. මා පියන් මේ සම්බන්ධව දැනුවත් කර, නිවසේ හොඳ මානසික වාතාවරණයක් නිර්මාණය කිරීම.
මේ අනුව යම් දරුවකු දීර්ඝ කාලයක් මළ බද්ධයෙන් පෙළේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගැනීම රෝගී තත්ත්වය උත්සන්න වී විෂම චක්‍රය ක්‍රියාත්මක වීම නතර කර ගැනීමට ඉවහල් වෙයි.
වෛද්‍ය ජී.ජී චමල් සංජීව
ශික්‌ෂණ රෝහල කරාපිටිය
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: