අයියා මල්ලීට ඇසිඩ් ගහලා වේදනාව නිසා මල්ලී ළිඳට පැනලා

ඇල්පිටිය - විදානආරච්චි, කීර්තිරත්න
එකම පවුලේ අයියා සහ මල්ලී අතර ඇති කරගත් ආරවුලකදී අයියා විසින් මල්ලීට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර ඇත.
ඉන් ඇතිවූ වේදනාවට ළිඳකට පනින ලද මල්ලී මියගොස් ඇත. මේ සිද්ධිය වාර්තා වන්නේ ඇල්පිටිය පොලිස් වසමේ වල්අඹගල ප්‍රදේශයෙනි.
මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය, වල්අඹගල, විදුරම් පෙදෙස පදිංචි පෝද්දිවෙල මාරගේ ඩග්ලස් ජානක (27) නමැති එක්දරු පියෙකි.
සැකකරු වන පෝද්දිවෙල මාරගේ ටයිටස් ජානක නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි ඇල්පිටිය මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා වාර්තාවද සමඟ සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඇල්පිටිය පොලිසියට නියෝග කළේය. ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අබේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. කරුණාරත්න, පො.සැ. (6992) ගුණරත්න සහ පො.කො. (72848) සම්පත් යන පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
උපුටා ගැනීම
දිවයින පුවත් පත

No comments: