Header Ads

නෑම පිළිබද අපි නොදන්නා මෙ වැරදි මත ගැන හරියටම දැනගන්න ඔබත් නාන කොට මෙ වැරදි නම් කරන්න එපා.


නෑම පිළිබද අපි නොදන්නා මෙ වැරදි මත ගැන හරියටම දැනගන්න ඔබත් නාන කොට මෙ වැරදි  නම් කරන්න එපා.



අද අපි නෑම සමට ඇති කරන බලපෑම සේම නෑම හා සම්බන්දයෙන් සමාජයේ පවතින වැරදි මත ගැන සාකච්ජා කරමු .

නෑමට වඩා හොඳ උණු වතුරය .

මෙය මුළුමුනින්ම වැරදි මතයකි .නෑම සඳහා වතුර වතුර භාවිතා කිරීමේදී උණු වතුරෙන් නෑම මඟින් සමට විශේෂිත වාසි අත්වේය යන මතයේ සිටින්නන් අපට හමුවේ .අධික ශීතල දේශගුණයකදී හැරුණු කොට නෑම සඳහා උණුවතුර භාවිතා කල යුතු නැත .නමුත් උණු වතුර භාවිතා කල යුතුවූ විශේෂිත වූ රෝගා බාධ .එසේම වයෝවෘද්ධ වුවන්ට හැරෙන්න උණු වතුර භාවිතයෙන් ලැබෙන යහපත් ප්‍රතිපලයක් නැත .සැමට ඉතාම හිතකර වන්නේත් ,නෑම සඳහා සුදුසුම වන්නේ ඇල් වතුරය .උණුවතුරින් බිලිඳුන් ,දරුවන් නෑවීමට හුරුපුරුදු වූවෝ සමාජයේ වෙති .නමුත් මෙසේ භාවිතා කරන උණුවතුර වල රස්නය අධික වීම නිසා බිළිඳුන්ගේ සමට් හානි සිදුවිය හැකිය .විශේෂයෙන්ම දහඩිය බිබිලි පවතින විටක රස්නය සහිත වතුරෙන් නෑවීම මඟින් දහඩිය ගඩු වැඩිවී ඒවා කැසීමද ඇතිවිය හැකිය.එසේම උණු වතුර භාවිතා කරමින් නාන විට සම වියළි විය හැකිය .එබැවින් සැලකිය යුතු රෝගී තත්වයකින් නොපෙලේ නම් නෑම සඳහා හොඳම ඇල් වතුරයි .බිලිඳුන් උණු වතුරෙන් නාවන්නේනම් එම වතුර හොඳහැටි නිවා ගැනීමද ඉතාම වැදගත් වෙයි .

සමට වඩාත් හිතකර ළිං වතුරය .
මෙයද වැරදි විශ්වාසයකි .එසේම නෑමට භාවිතා කරන වතුර ළිං වතුර වීම හරහා සමට විශේෂිත වූ වාසි අත්වේය යන මතය බොහෝ දෙනෙකු තුල තිබේ .ළිං වතුර නෑම මඟින් කොණ්ඩය හොඳින් වැවී දිගු කෙස් කළඹක් හිමිවේය යන්න වැරදි තවත් වැරදි මතයකි .නෑම සඳහා භාවිතා 86488700-woman-in-bathtubකරන වතුර ළිං ජලය හෝ නළ ජලය හෝ ඒවා පිරිසිදු වීම පමණි වැදගත් වන්නේ.සමහර විට අපිරිසිදු ළිඳක වතුර නෑමට ගැනීම හරහා සමට හානි සිදුවිය හැකිය .මී උණ වැනි රෝග හටගත හැකිය .එබැවින් ක්ලෝරීන් භාවිතා කර හෝ ප්‍රමිතියකට අනුව පිරිසිදු කර නළ හරහා අපට ලැබෙන ජලය පිරිසිදු බැවින් නෑමට සුදුසුය .

එසේම විනෝද චාරිකාවල යෙදෙන විට සේම ඈත ගම් පළාත්වල වෙසෙන්නන්ට නෑමට සිදුවන්නේ වැව් ජලයයි .අවට පරිසරයේ තිබෙන අපද්‍රව්‍ය ,විෂ රසායනිකයන් ,කෘමිනාශක ආදිය සේදී වැව් ජලයට එකතුවේ .එබැවින් වැව් ජලයේ විෂ සාන්ද්‍රණය ඉහල අගයක් ගනී .මෙවැනි වතුරක් නෑම සඳහා සුදුසු නැත .මී උණ වැනි රෝග සේම වැව් ජලයේ පවතින මඩ සම මත තැන්පත් වීමෙන් කැසීම් වැනි රෝග හටගත හැකිය .එබැවින් හැකි සෑම විටම නෑමට වැව් ජලය භාවිතා කිරීමෙන් වැලකි සිටීම සැමට සේම සෞඛයටද හිතකර වෙයි .

කෙසේ නෑවත් ප්‍රතිපල එක සමානය .

නෑමෙන් සැමට උපරිම ඵල ලැබිය හැකි ක්‍රමය නම් පුරවා ගත් ජලයක (Bath Tub එකක ) බැස නෑමය .එහිදී අවශ්‍යනම් සමට හිතකර තෙල් වර්ගයක් (Bath Oil) එම වතුරට මුසුකල හැකිය .වැඩිවේලාවක් සම මත ජලය ස්පර්ශ වන මේ ක්‍රමය මඟින් වැඩි වාසි අත්කරගත හැකිය .එසේම වතුරක බැස සිටීම මඟින් ගතට සිතට ඇතිවන සහනදායි හැඟීම මෙමගින් ලබාගත හැකිය . අප වතුර මලකින් (Shower ) නාන විට වැඩි වේලාවක් ඒ සඳහා ග්ටහ නොකරන අතර සමේ ජලය ස්පර්ශ වන කාලයද අඩුය .නමුදු සමහර විටෙක පිහිනුම් තටාක වල මුහුදු ජලයේ නාන්නට සිදුවූ විට අනිවාර්යෙන්ම පිරිසිදු වතුරින් හොඳින් නැවත නෑමද ඉතාම වැදගත් වෙයි .එසේ නොමැති වූ විට විෂබීජ ,ලවණ ගතිය නිසා සම කැසීම් ආසාදන හටගත හැකිය .මෙය ද අවධානයට යොමු කල යුත්තකි .

ස්වභාවික දේ හිසේ ගා නෑම ගුණදායකය ..
මෙයද සෑම විටම නිවැරදි නොවේ .සමහර අය හිස්හොරි සඳහා සේම කෙස්වල නිරෝගී බව අපේක්ෂාවෙන් විවිධ ද්‍රව්‍ය හිසේ ගා නෑමට පුරුදු වී සිටිති .දෙහි ,උළුහාල් ,ගොඩපර ආදී විවිධ ස්වාභාවික ද්‍රව්‍ය හිසේ අතුල්ලා නෑම සමාජයේදී දැකිය හැකිය .නමුත් මෙවැනි ක්‍රම වලින් ඵල ලබාගැනීමට ඒවා භාවිතා කල යුතු ප්‍රමාණයක් පිළිබදව සමහරුන් දැනුවත් නැත .එසේම දෙහි වැනි දෑ හිසේ අතුල්ලා අව්වේ සිටීම මඟින් සමේ කළු ලප ඇතිවිය හැකිය .මෙම ද්‍රව්‍ය හිරුඑළිය සමඟ ප්‍රති ක්‍රියා කිරීම ඊට හේතුවයි .එබැවින් නෑමේදී හිසකෙස් පිරිසිදු කර ගැනීමට හොඳම ක්‍රමය නම් සුදුසු ෂැම්පු යොදා ඒවා හොඳින් ඉවතට යන ලෙස සේදීමද ඉතාමත් වැදගත් වෙයි .ඉන්පසු සුදුසු “කන්ඩිෂනර් ” වර්ගයක් යෙදීමද කල යුතුය .නෑමෙන් පසු හොඳින් කොණ්ඩය වියළා ගැනීමද සුදුසු තෙල් වර්ගයක් යෙදීමද කල යුතුය .

නානවිට තදින් කුණු ඇතිල්ලිය යුතුය …
මෙයද මිත්‍යා මතයකි .නාන විට ඇඟේ කුණු ඇතිල්ලීම සඳහා සමහරුන් දොලගල් ,පොල් මුඩු .ලණු ආදිය භාවිතා කරනු දැකිය හැකිය .එසේම සමහරු බිත්තිවල ,ගස්වල පිට අතුල්ලමින් නාන අයුරුද දැක ගත හැකිය .මේ ආකාරයට තදින් සම ඇතිල්ලීමේ අවශ්‍යතාවයක් නැත .අපේ සම මත කුණු තට්ටු ලෙස තැන්පත් වීමක් සිදුවන්නේ නැත .එදිනෙදා නෑමේදී අතින් ඇඟ අතුල්ලා පිරිසිදු කාරකයක් යොදා (Body Wash ) යොදාගෙන සේදීම ප්‍රමාණවත්ය .

මේ ආකාරවලට විවිධ ද්‍රව්‍ය යොදාගෙන සම තදින් ඇතිල්ලීම මඟින් සමේ රළු ගතියක් ඇතිවීමට සේම එම තැන් අවපැහැ ගැන්වීමක් ඇතිවිය හැකිය .ශරීරයේ සමහර තැන් කළු වීම නිසා එම තැන් තදින් අතුල්ලමින් නාන අවස්ථා අපට හමුවේ .එවිට සිදුවන්නේ එම තැන් තවත් අවපැහැයට හැරීමය එවැනි ස්ථාන සඳහා කල යුත්තේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමය .සමහරවිට සමේ විවිධ රෝග ,පුස් රෝග නිසා සේම ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වයේ ගැටළුකාරී තත්ත්ව නිසා මෙසේ සම අවපැහැ ගැන්විය හැකිය .

largeනෑමේදී දණහිසින් පහල කොටසට විශේෂත්වයක් දැක්විය යුතු නැත ..

මෙයද බොහෝ දෙනා තුල ඇති වැරදි විශ්වාසයක් බව පෙනේ .බොහෝ කාන්තාවන් තමන්ගේ දණහිසෙන් පහල කොටස පිළිබදව නෑමේදී එතරම් සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ .යටි පතුලේ පැලී කුණු එකතුවුණු තැන “පියුමික් ” ගලක් මඟින් අතුල්ලා සෝදා හැරීම හොඳය .එසේම ෂැම්පු ස්වල්පයක් වතුරට දමා දෙපා එහි දමා ටික වේලාවක් තබා එය බුරුසුවකින් කකුලේ පැළුණු තැන්වල ඇති කුණු අතුල්ලා හැර සෝදා දැමීම මඟින් සුන්දර දෙපා යුගළක් හිමිකර ගත හැකිය .තවද නෑමෙන් පසු නියපොතු මෘදු වී ඇති බැවින් ඉදිරිපස හතරැස් හැඩයක් එන ලෙස නියපොතු කපා හැඩකර ගැනීමද ඉතා වැදගත් වෙයි …




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






No comments:

Powered by Blogger.