Header Ads

ජීවිතයේ සුභ අසුබ හෙලිකරන ජන්ම පත්‍රයේ සැගවුණු රහස් මෙන්න.


ජීවිතයේ සුභ අසුබ හෙලිකරන ජන්ම පත්‍රයේ සැගවුණු රහස් මෙන්න.

ජෝතිෂ්‍ය විද්‍යාව ලෙස සැලකෙන්නේ ඉතාම උසස් ශාස්ත්‍රයකි. එකී ශාස්ත්‍රය හරහා මනුෂ්‍ය ජීවිතවලට සලසන සහනයද අපමණය. මේ ශාස්ත්‍රය හරහා මිනිසාට සම්බන්ධ වන කේන්ද්‍ර සටහන මනුෂ්‍යයාට ඒ හා සමානවම වැදගත් වන්නේද ඒ නිසාමය. මෙතරම් වැදගත් කේන්ද්‍රය අප හරියාකාරව භාවිත කරන්නේ කෙසේද, පරීක්ෂා කර බැලිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිතව දැන සිටීම අපගේ ජීවිතවලටද විශේෂයෙන් වැදගත් වන්නේය.

ජෝතිෂ්‍ය විද්‍යාව ලෙස සැලකෙන්නේ ඉතාම උසස් ශාස්ත්‍රයකි. එකී ශාස්ත්‍රය හරහා මනුෂ්‍ය ජීවිතවලට සලසන සහනයද අපමණය. මේ ශාස්ත්‍රය හරහා මිනිසාට සම්බන්ධ වන කේන්ද්‍ර සටහන මනුෂ්‍යයාට ඒ හා සමානවම වැදගත් වන්නේද ඒ නිසාමය. මෙතරම් වැදගත් කේන්ද්‍රය අප හරියාකාරව භාවිත කරන්නේ කෙසේද, පරීක්ෂා කර බැලිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිතව දැන සිටීම අපගේ ජීවිතවලටද විශේෂයෙන් වැදගත් වන්නේය.

හොඳ නරක දෙකටම බලපාන ජන්ම පත්‍රය

කෙනකු මෙලොව එළිය දුටු වහාම මවුපියන් කරන්නේ උපන් වේලාවත් රැගෙන ජෝතිර්වේදීන් හමුවීමය. අනතුරුව උපන් වෙලාවට, නැකැතට, දිනයට අනුව නමට අකුරු නියම කිරීම ජෝතිර්වේදියා විසින් සිදුකරනු ලබයි. කෙසේ වෙතත් අතීතයේ ජන්ම කේන්ද්‍රය හොඳින් පරීක්ෂා කර බලා ඒ ඒ අසුබ පල මඟහැර, සුබ පල වඩා වර්ධනය වන ආකාරයට නම් තැබීම හෝ නමට අකුරක් නියම කිරීම සිදුකළද අද පරිගණකය ඉදිරියේ සියල්ලම තීරණය කෙරෙන තත්ත්වයක් උඩ බොහෝ දුරට සිදුවන්නේ නවීන වට්ටෝරුවකට අරුත්සුන් එහෙත් නවීන පන්නයේ නමක් ඇතුළත් කිරීමයි. බොහෝ විට ජෝතිෂය පිළිබඳ අල්ප දැනුමැති තරුණ මවුපියන් පවා කරනුයේ නම් ලබා දෙන පුද්ගලයා ගැන විශ්වාස තබා බැලූ බැල්මට සුන්දරත්වයක් සහිත නමක් දරුවාට යෙදීම පමණි. කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී ලබා දෙන අකුරු කිසිම ආකාරයකින් නමක් ආරම්භ කිරීමට සුදුසු ඒවා නොවනවා සේම සමහර නම් එම ජන්ම පත්‍රයට අනුව වස් සහිත වීමද අපට දැකගත හැකිය. එමෙන්ම සමහර නම්වල තේරුම ඉතා ව්‍යාකූල බවකින් යුක්ත බවද අපට පහසුවෙන්ම හඳුනාගත හැකිය.

මේ දේවල් වර්තමානයේ මේ ආකාරයට සිදු වුණද අතීතයේ කේන්ද්‍ර පරීක්ෂා කරන පන්සලේ හාමුදුරුවන් වහන්සේ හෝ ජෝතිෂවේදියා විසින් සිදුකරනු ලැබුවේ කේන්ද්‍ර හිමියාගේ යහපතට මිස අයහපතට ඒ දේවල් නොකිරීමයි. මක්නිසාදයත් කේන්ද්‍රයක් මුළු ජීවිතයටම බලපාන බව හා නමක් යෙදීමේදීද එම යොදන නම කියවන කියවන වාරයක් පාසා එකී තැනැත්තාගේ යහපතට හෝ අයහපතට එය බලපාන බව ඔවුන් දැන සිටීමයි.

විවාහකයකු නම් මුළු පවුලේම කේන්ද්‍ර එකටම පරීක්ෂා කිරීමයි වැදගත් වෙන්නේ.

කේන්ද්‍ර සටහන අනුව පලාපල පරීක්ෂා කිරීමට යන්නන් අඩු වශයෙන් තමා විවාහකයකු නම් බිරියගේ හෝ සැමියාගේද ජන්ම පත්‍ර ගෙනයෑමට වගබලා ගත යුතුය. දරුවන් සිටීනම් ඔවුන්ගේ ජන්ම පත්‍රද ඒ හා සමඟම පරීක්ෂා කිරීම විශේෂිත වන්නේය. මෙසේ කීමට බලපාන කරුණු රාශියක් පවතී. කිසියම් අයකුට අවුරුදු 39දී බරපතළ අපල කාලයක් ලබා තිබේ නම් ඇතැම් අයගේ කේන්ද්‍ර අනුව බිරියගේ හෝ සැමියාගේත් එසේත් නැතිනම් දරුවන්ගේත් කේන්ද්‍ර හරහා එකී අපල සහ ග්‍රහදෝෂයන් භංග වී යෑමට ඉඩ ඇත.

මේ නිසා සියලුම කේන්ද්‍ර එකවර පරීක්ෂා කරවා ගැනීම තුළින් ග්‍රහ අපලවල දැනට පවතින සැබෑ තත්ත්වය අපට නිවැරැදිව හඳුනා ගැනීමට ඉඩ ලැබෙනු ඇත. නමුත් ජේ‍යාතිෂවේදියාද මෙහිදී සැලකිය යුතු කරුණක් ඇත. එනම් තමා වෙතට පැමිණෙන සේවා දායකයාගෙන් සෑම කේන්ද්‍රයකටම අනවශ්‍ය අයුරින් මුදල් අය නොකිරීමයි.

කේන්ද්‍ර බැලීමට යනවිටදී කුඩාදරුවන් රැගෙන යෑම නුසුදුසුය

දරුවන්ගේ කේන්ද්‍ර පරීක්ෂාවට යන්නේ නම් මවුපියන් එක්ව ජේ‍යාතිෂවේදියා හමුවීමට යෑම වැදගත්ය. එහිදී සැලකිය යුතු විශේෂ කරුණක් වන්නේ අවුරුදු 10,12,13 වයස්වල දරුවන් රැගෙන යෑමෙන් වැළකී සිටීමයි. එයින් දරුවාට සිදුවන්නේ විශාල යහපතකි. මක්නිසාදයත් ජේ‍යාතිෂවේදියා පලාපල කියනා විටදී යහපත් දේට අමතරව අයහපත් දේද ප්‍රකාශ කිරීම සාමාන්‍ය සිරිතකි. එහිදී අයහපත් දේ මේ පුංචි දරුවන්ගේ සිත් තුළ තදින් කාවැදීමට ඉඩ ඇත. උදාහරණයක් ලෙස 'මේ දරුවා අවුරුදු 20දී බඳිනවා, ඉගෙනීමටත් අසමත්' 'නෑදෑයන්ගෙන් මේ දරුවාට ප්‍රයෝජන ලැබෙන්නෙ නැහැ' වැනි කාරණා ඇසුණු විටදී ළමා මනසට ඉතා ඉක්මනින් මේවා කාවැදී දරුවන් තවතවත් දුර්වල වීමටද ඉඩ තිබේ. මවුපියන් කළ යුත්තේ දරුවන්ගේ හොඳ පැත්ත පමණක් ප්‍රකාශ කොට නරක දෙයින් මුදා ගැනීමට පිළියම් යෙදීමයි.

හස්ත රේඛා ශාස්ත්‍රයත් ඉතා වැදගත්

ජන්ම පත්‍රය පරීක්ෂා කරන අතරම අත්ල පරීක්ෂා කරවා ගැනීමද වැදගත් වේ. අවුරුදු 29 දී ජීවන රේඛාව කැපී ඇත්නම් හෝ අත්දෙකේම කැපී ඇත්නම්, 29 මාරක ග්‍රහයකුගේ බැල්ම ඇත්නම් හස්තරේඛා ශාස්ත්‍රය හරහා ඒ දේවල් ඉතා පහසුවෙන් නිගමනය කර ගත හැකිය.

මීට අමතරව හදිසි ආපදාවන් ගැනද ඉතා ඉක්මනින් දැනගැනීමට හස්තරේඛා ශාස්ත්‍රය වැදගත් වේ. වැදගත්ම කරුණක් වන්නේ,

අප පලාපල පරීක්ෂා කරවා ගැනීමට යෑමේදී විශේෂ දිනයක් යොදාගෙන ඉතා පිරිසුදුව පැරැණි ක්‍රමයට බුලත් අතක් හෝ බුලත් කොළ කිහිපයක් හෝ රැගෙන යෑම වැදගත් වේ. මෙය ජේ‍යාතිෂවේදියා සලකන්නේ තමාට කරන ගෞරවයක් ලෙසය. එසේම මිල මුදලට වඩා මේ චාරිත්‍ර අගයන දෛවඥයන් සිටින බවද අප අමතක නොකළ යුතුයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 


No comments:

Powered by Blogger.