මැලේසියානුමහ කොමසාරිස්ගෙන් කරුණු විමසයිපහර දුන් 5 ක් අත්අඩංගුවේ.

චතුර පමුණුව
මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අයි. අන්සාර් මහතාට ක්වාලාලම්පූර් ගුවන්තොටුපළේදී කොටි හිතවාදීන් පිරිසක් විසින් පහරදීම ගැන කරුණු විමසීමට මෙරට මැලේසියානු මහකොමසාරිස්වරයා ඊයේ (5 දා) විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබිණි.
මෙම ප්‍රහාරය තරයේ හෙළාදකින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
පෙරේදා (4 දා) මෙම ප්‍රහාරයට ගොදුරු වූ අන්සාර් මහතා රෝහල්ගත කර තිබේ.
මේ අතර මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඊබ්‍රාහිම් අන්සාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු ඊයේ (5 දා) එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළට ඇරලීමෙන් පසු ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම කොටි හිතවාදීන් පිරිසකගේ පහරදීමට ලක්වුණේ පෙරේදා (4 දා) දිනදීය.
මෙම ප්‍රහාරයෙන් පසු අන්සාර් මහතා ගුවන්තොටුපොළ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මැලේසියානු නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ඩලුක් ෂඩාන් අබ්දුල්ලා මහතා විසින් මෙම අත්අඩංගුවට ගැනීම තහවුරු කර ඇති බව එරට ස්ටාර්ඔන් ලයින් ප්රවෘත්ති වෙබ්අඩවිය කියයි.
මෙම පහරදීම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තරයේ හෙළා දකින ලදී. ඊයේ මෙරට මැලේසියානු මහකොමාසාරිස්වරයා විදේශ අමාත්‍යාංශයට කැඳවා මේ ගැන රජයේ ස්ථාවරය දැනුම්දී තිබේ.
උපුටා ගැනීම
දිවයින පුවත් පත

No comments: