මූණට තරම්ම දෙපා වලටත් සලකන්න, මෙන්න ඔබෙ දෙපා හැඩ කර ගන්න අපෙන් Foot Care ටිප්ස් ටිකක්.

වැඩි දෙනෙක් හිතන්නෙම නැති කාරණයක් ගැනයි අනිවා බියුටි ටිප්ස් වලින් අපි අද කතා කරන්න හදන්නෙ. ඒ ඔබේ දෙපා ගැන. මූණට , අතේ ඇඟිලි වලට දක්වන සැලකිල්ල ඔබ ඔබේ දෙපාවලටත් දක්වනවාද? බලන්න. ඔබේ කකුල් දිහා විළුඹෙන් පහල කොටස කළු වෙලා සපත්තු වලට කැපුණු කැලල් හැදිල තියෙන්න පුළුවන්.
අඩු සැලකිලි ලබන ඔබේ දෙපා ලස්සන කරගන්න පොඩි ටිප්ස් ටිකක් කියන්න අපි හිතුව. සුන්දර දෙපා යුගලක් ලබා ගැනීමට ඔබට නිවසේදීම කල හැකි සත්කාර කීපයක්ද අපි ගෙනාව. මෙන්න මේ දේවල් අනුගමනය කලොත් ඔබේ දෙපාවල නිරෝගීබව හා ප්‍රසන්න පෙනුම රැකගන්නට හැකි වේවි.
1. Shoe Cuts වලක්වගන්න
ඔබේ දෙපා අවලස්සන කරන ප්‍රධානම දෙයක් තමයි shoe cuts . ඒ කියන්නෙ සපත්තු වලින් වෙන කැපුම් පාරවල්. මේ දේවල් වලක්වගන්න ඔබ හැම විටම ඔබේ දෙපා වලට පහසු පාවහන් තෝරාගන්න. අළුතෙන් ගන්න සෙරප්පුවක හෝ සපත්තුවක තද බවක් දැනෙනවනම් ඒවා කකුලට තද වෙන තැන් වලට දල්වා නැති ඉටිපන්දමක කඳ කොටස අතුල්ලන්න. එයින් ඔබෙ දෙපා කැපෙන එක වැලකේවි.
2. දවස අවසානයේ දෙපා පෙඟෙන්න තබන්න
රාත්‍රී නින්දට යාමට පෙර විනාඩි 15ක් පමණ ඔලිව් තෙල් බින්දු කීපයක් එක් කරගත් මඳ උණුසුම් ජලයේ දෙපා ඔබා ගෙන සිට අතින් පිරිමැද සෝදා හරින්න. ඔබේ දෙපාවල දවස පුරා රැඳුණු කුණු දූවිලි ඉවත් කිරීමට මේ ඉතාම වැදගත්. දෙපා පෙඟුනු පසු යටි පතුල් pumice stone එකකින් අතුල්ලන්න. මෙය ඔබට ඕනෑම රූපලාවන්‍ය උපකරණ ඇති කඩයකින් මිලදී ගන්න පුළුවන්. යටි පතුලේ රළු ස්වභාවය ඉවත් කරන්න මෙය උදව්වක් වේවි.
3. නියපොතු කැපීම නිසි ආකාරයට කරන්න
ඔබ ඇඟ සොදාගත් පසු වේලාවකම දෙපා වල නියපොතු කපන්න. පෙඟී ඇති නිසා පහසුවෙන් නිය කැපිය හැකියි. උල් ආකාරයට කපන්නේ නැතිව නිය කෙලවර රවුමට හෝ හතරැස්ව සිටින ආකාරයට නියපොතු කපා කෙලවර මැදගන්න. උල් ලෙස සිටින ලෙස නියපොතු නොකැපීමෙන් හදිසියෙ කකුල කුමක හෝ ගැටීමෙන් ඇති විය හැකි හානිය අවම කරගත හැකියි.
4. දෙපා වල තෙතමනය රැකගන්න
දිනපතා රාත්‍රී නින්දට පෙර මොයිස්චරයිසර් ක්‍රීම් එකක් දෙපා වල ආලේප කරන්න. යටි පතුල් වලත් ආලේප කර හැකි නම් මේස් එකක් පලඳින්න. ඔබේ ඇඟිලි කරු අතර ක්‍රීම් ආලේප කිරීමෙන් වලකින්න.
එසේම ඇඟ සේදූ පසු දෙපා හොඳින් තෙතමාත්තු කරන්න. ඇඟිලි කරු අතර තෙතමනය නොරැඳෙන ලෙස හොඳින් පිසදාගන්න.
5. සුන්දර දෙපා යුවලක් ලබා ගැනීමට නිවසේදී කල හැකි සත්කාර කීපයක්.
පැළුනු යටි පතුල් සඳහා සත්කාර 3ක්
i. කෙසෙල් සහ මී පැණි සත්කාරය
හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩියක් පොඩි කර එයට මී පැණි තේ හැන්දක් සහ දෙහි යුශ තේ හැඳි 1\2ක් එක් කර මිශ්‍ර කරගන්න.
එය දෙපතුල් වල තවරා පැය බාගයක් පමණ තියෙන්නට හැර මද උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
මෙම සත්කාරය දවසක් හැර දවසක් කරන්න.
ii. රාබු සත්කාරය
රාබු ගෙඩියක් පොතු හැර කුඩාවට කපා තම්බා ගන්න.
තම්බා ගත් රාබු හොඳින් පොඩි කර පැළුනු යටි පතුල් වල තවරා පැයක් තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
මෙම සත්කාරය සතියකට දෙවරක් කරන්න.
iii. කහ සහ මී පැණි සත්කාරය
කහ තේ හැඳි 2ක්, අබ තෙල් මේස හැන්දක් මී පැණි මේස හැන්දකට මිශ්‍ර කරන්න.
එය පැය බාගයක් පමණ වියලෙන්න හැර මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
මෙම සත්කාරය දිනපතා සතියක් පමණ කරන්න.
ගෙදරදීම හදාගන්න පුළුවන් Foot Scrub 3ක්
i. සීනි, මී පැණි, ඔලිව් තෙල් වලින් ස්ක්‍රබ් එකක්
සීනි මේස හැඳි 2ක්, මී පැණි මේස හැන්දක්, ඔලිව් තෙල් හෝ පොල් තෙල් මේස හැන්දක්, දෙහි යුශ තේ හැන්දක් හොඳින් එකට මිශ්‍ර කරගන්න.
ඔබේ දෙපා මඳ උණුසුම් වතුරේ විනාඩි 15ක් පමණ පෙඟෙන්නට හැර අතින් අතුල්ලමින් පිරිසිදු කරගන්න.
සාදාගත් එක ආලේප කර රවුමට අතුල්ලමින් ස්ක්‍රබ් කර සෝදා හරින්න.
ii. කඩල පිටි සහ හාල් පිටි වලින් ස්ක්‍රබ් එකක්
කඩල පිටි මේස හැඳි 2ක්, හාල් පිටි මේස හැඳි 2ක්, සීනි තේ හැන්දක් මිශ්‍ර කරගන්න. එය පේස්ට් එකක් ආකාරයට එන තුරු දෙහි යුශ එකතු කරගන්න.
මේ මිශ්‍රනය කකුලේ තවරා විනාඩි 5ක් තබා රවුමට අතුල්ලමින් ස්ක්‍රබ් කරගන්න.
මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
iii. ස්ට්‍රෝබෙරි වලින් ස්ක්‍රබ් එකක්
හොඳින් ඉදුණු ස්ට්‍රෝබෙරි ගෙඩි කීපයක් ගෙන පොඩි කර එයට සීනි තේ හැන්දක් මිශ්‍ර කරගන්න.
මේ මිශ්‍රනයෙන් කකුල ස්ක්‍රබ් කරගෙන එය විනාඩි 15ක් පමණ තිබෙන්නට හරින්න.
මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
*මේ සත්කාර කිරීමට පෙර ඔබට ඇති ඇලර්ජි/අසාත්මිකතා ගැන දැනුවත් වන්න.*
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: