Header Ads

නින්දෙන් ඔබට දීර්ඝායුෂ ලබාගන්නට නම් මෙන්න මේ දේවල් කරන්න


නින්දෙන් ඔබට දීර්ඝායුෂ ලබාගන්නට නම්
 මෙන්න මේ දේවල් කරන්න


මේ අප බොහෝ දෙනෙකුට පොදු කාලසටහනය.එදා අපේ මව්පියන් කෙතරම් දිවා කල වෙහෙසුනත් ඔවුනට රාත‍්‍රී නිශා යාමයේ පහසු නින්දක් හිමිව තිබිණ. එහෙත් අවාසනාවක මහත… දැන් අපට සැප සම්පත් තිබේ… හොඳ ජීවන තත්ත්වයක් තිබේ. එදාට වඩා සල්ලි තිබේ. ඒත් විවේකය, හිතේ සැනසුම හා නින්දෙන් නම් අප දුප්පත්ව තිබේ. නින්ද අතිශයින් දුර්ලභ වූ සමාජ පන්තියක් නියෝජනය කරන යුගයෙක අප මේ සටහන තබන බව නම් සැබෑය.
නින්ද දිගාසිරි ගෙනෙනවා
අප කවුරුත් නින්දට සුවිශේෂී තැනක් ලබා දිය යුතුය. විශේෂයෙන්ම රාත‍්‍රී කාලයේදී ප‍්‍රමාණවත් නින්දක් ලබාගනිමින් දිගාසිරි විඳීමට කවුරුත් උත්සුක විය යුතුය. ප‍්‍රමාණවත් නින්ද දීර්ඝායුෂට හේතු වන බව ඔප්පු වී හමාරය

වයස අනූව නින්ද අවශ්‍ය ප‍්‍රමාණ
අත දරුවන් නිදා ගන්නා මුළු කාලයේ එකතුව දිනකට පැය 16 ක් පමණ ආරම්භයේ සිට ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වෙයි.

වයස අවු 1-3 පැය 12-14
වයස අවු 3-5 පැය 11-13
බොහෝ අත දරුවන් අවු. පහෙන් පසු කෙටි නින්ද අමතක කරයි
වයස අවු 5-12 පැය 10-11
තුරුණු වියේදී පැය 8.5-9.5
වැඩිහිටියන් පැය 7-9




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





No comments:

Powered by Blogger.