Header Ads

හිසකෙස් වැටීම නිට්ටාවටම නතර කරන ස්වාභාවික ක‍්‍රම මෙන්න.


හිසකෙස් වැටීම නිට්ටාවටම නතර කරන ස්වාභාවික ක‍්‍රම මෙන්න.
ඔයාලට ඔයාලගේ හිසකෙස් වැටිලා යන විදිහ දැක්කහම හිතෙන්න පුළුවන් ඔයාලව වයසට යනවා කියලා. මේ තත්වය ඇති වුනහම කරන්න  ඕන හොදම දේ තමයි සන්සුන්වෙලා මේකට ගන්න  ඕන හොදම විසඳුම මොකක්ද කියලා හිතන එක. ඉතින් ඒ ප‍්‍රශ්ණයට හොදම දේ තමයි අපි මේ ලිපියෙන් ඔයාලට කියන්න හදන්නේ. ඔයාලට මේ සත්කාරය නිවසේදීම සිදු කරගන්න පුළුවන් ඉතාම සාර්ථක සත්කාරයක් . මේ සත්කාරයෙන් ඔයාලට ඔයාලගේ නැති වුන හිස කෙස් නැවත ලබාගන්න පුළුවන්.

ඔබගේ හිසකෙස් ගිලිහීමට හේතු:
හිසකෙස් ගිලිහීමට හේතු කීපයක් හදුන්වා දෙන්න පුළුවන්. ඒවායින් කීපයක් අපිට නතර කරන්න පුළුවන් වගේම සමහරක් අපිට නතර කරන්න බෑ. මොකද ඒ තත්ත්ව අපේ පාලනයෙන් පිටත තියෙන නිසායි. හොදම දේ ඔබට එම තත්වය ඇතිවීමට බලපාන හේතුව දැනගැනීමයි ඉන්පසුව ඔබට පුළුවන් ඒ වෙනුවෙන් පිළියමක් යොදන්න.

1. හිසකෙස්වල ආතතිය.
මෙම තත්වය කාන්තාවන්ට ඇතිවන්නේ හිසකෙස් තදින් බැදීම හේතුවෙනුයි. මෙසේ සිදු කිරීම මගින් හිසකෙස් වලට ඇතිවන ආතතිය නිසා හිසකෙස් හැලීයයි. පිරිමින්ට මෙම තත්වය ඇතිවන්නේ සෑම විටම හිස් ආවරණයක් පලදීම නිසායි.

2. ජානමය තත්ත්ව
ඔබගේ දෙමාවුපියන්ට මෙම තත්වය ඇතිවී නම් ඔබටත් මැදිවියට ඒමත් සමගම මෙම තත්වය ඇතිවේ. වාසනාවකට මෙන් ඔබට මේ තත්වය මගහරවා ගන්න පුළුවන් මේ සත්කාරය මගින්.

3. හිසකෙස්වලට විලාසිතා සිදුකරන උපකරණ.
මේවා මගින් හිසකෙස් වලට හානි සිදුකරයි එමගින් හිසකෙස් ගිලිහී යයි. හිසකෙස් අයන් කිරීම කේ‍්‍රල් කිරීම මගින් හිසකෙස් වලට විශාල හානියක් සිදුවේ.


නිවසේදී සිදු කරගත හැකි සත්කාර

1. ප්‍රෝටීන්
ප්‍රෝටීන් ඔබගේ හිසකෙස් වලට සැලකිය යුතු ආකාරයෙන් බලපෑ හැකිය. හිසකෙස් ප‍්‍රධාන වශයෙන් ප්‍රෝටීන් මගින් තැනී ඇති නිසා හිසකෙස් හැලී යාම ප්‍රෝටීන් හිගවීම නිසා බලපායි. එම තත්වයෙන් මිදීමටනම් ඔබ මස්, මාළු, බිත්තර හා පරිප්පු වැනි ප්‍රෝටීන් බහුල ආහාර දිනපතා ආහාරයට ගත යුතුය.

2. තෙල් සම්භාහනය


හිසට තෙල් යොදා සම්භාහනය කිරීම හිසකෙස් වර්ධණයට ඉතාමත් හොද දෙයකි. එමගින් ඔබගේ හිස් කබල මෙන්ම හිසකෙස්ද ශක්තිමත් කරදෙයි. ඔබට පහසුවෙන්ම සපයාගත හැකි ඔලිව් තෙල් හෝ පොල්තෙල් යොදා මෙම සත්කාරය සිදුකර ගත හැකිය.

පළමුව ඔබගේ හිසකෙස් සෝදාගන්න. ඉන් පසුව හිසකෙස් හොදින් වේලීමට ඉඩ හැර තෙල් ස්වල්පයක් අතට ගෙන එය හිස්කබලට යොදා හොදින් සම්භාහනය කරන්න. මෙය දිනපතා සිදු කරන්න.

3. ළුණු යුෂ


මෙය ඉතාමත් සාර්ථක ක‍්‍රමයක් වෙනවා. පළමුව සම්පුර්ණ ළුණු ගෙඩියක්ම ගෙන එයින් යුෂ ලබාගන්න. ඉන් පසුව ඔබ හිසකෙස් ෂැම්පු දමා පිරිසිදු කර එම ළුණු යුෂ වලින් සෝදා දමන්න.

4. ඔමේගා 3 මේද අම්ලය.


හිසකෙස් වැඞීමටනම් හිසකෙස් පෝෂණ වියයුතු බව අප සියළුම දෙනා දන්නා දෙයක්. හිසකෙස් වර්ධණය සමස්ථ ශරීරයම වර්ධණයට බලපානවා. ඔබ මේ ඔමේගා 3 මේද අම්ලය ඇති ආහාර පරිභෝජනයෙන් හිසකෙස් වර්ධණය කරගෙන හිසකෙස් වැටීයාම වලක්වා ගන්න පුළුවන්. ඔබ කලයුත්තේ ඔමේගා 3 මේද අම්ලය අඩංගු සෝයා බෝංචි, සැමන් වැනි ආහාර පරිභෝජනයට ගන්න එක.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






No comments:

Powered by Blogger.