ඔබෙත් තොල් කළුයි නම් මේ ස්වාභාවික පිළියම් ටික හරියටම කරන්න.

ගොඩක් පිරිමි අයට තියන තවත් එක ප්‍රශ්ණයක් තමයි තොල් කලු වෙන එක. ඔව් ගොඩක් වෙලාවට සිගරට් බොන අයට තමයි මේ ප්‍රශ්ණෙ වැඩිපුර එන්නෙ. හැබැයි ඊට අමතරවත් තොල් කලු වෙන හේතු ගොඩක් තියනවා. අපි අද කතා කරන්න යන්නෙ තොල් කලු වෙනවට කරන්න පුලුවන් ප්‍රතිකාර ගැන.
1.තොල් කලුවීම වළක්වාගත හැකි ක්‍රම
දුම්බීම නවත්වන්න
සිගරට් තොල් කලුවීම හෝ තොල් අවපැහැවීමට ප්‍රධාන හේතුවක්. දුම්බීම නැවැත්තුවේ නැත්නම් කරන කිසිම ප්‍රතිකාරයක් හරියන්නෙ නෑ.
කෝපිබීම අවම කරන්න
කැෆේන් තොල් කලු කරයි. තොල් විතරක් නෙවෙයි දත් අවපැහැගැන්වෙන්නත් හේතුවක්. ඒ වෙනුවට white or green tea හෝ කිරි පානය කරන්න.
අධික හිරු එළියෙන් දෙතොල් ආරක්ෂා කරගන්න
තොල්වලද මෙලනින් අඩංගු නිසා අධික හිරු එළිය තොල් කලු කරයි. ඒ නිසා අධික හිරු එළිය සහිත ස්ථානයකට යෑමට සිදුවන අවස්ථාවක තොල් හිරු එළියෙන් ආරක්ෂා කරන ආලේපනයක් භාවිත කර යන්න.
තොල් සිවිය නිතර ඉවත් කරන්න
තොල්වල වැස්ලින් යොදා දත්බුරුසුවක් ගෙන තොල් මෘදු ලෙස පිරිමදින්න. මෙය දිනපතා කරාට කමක් නෑ
ශරීරයට අවශ්‍ය ජල මට්ටම පවත්වාගෙන යන්න
දිනකට වතුර වීදුරු 8 බොන්න. ඔබ අඩුවෙන් ජලය පානය කරන විට ඔබගේ මුඛය මෙන්ම තොල්ද වියළිවේ. එය තොල් කලුවීමට හේතුවක්.
සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරුවන්න
විටමින් ඌනතාවය තොල් කලු කරයි. ඒ නිසා නැවුම් එලවළු පළතුරු අඩංගු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම වැදගත්. තොල් පාට වැටීමට අවශ්‍ය වන්නේ විටමින් සී. ඒ නිසා විටමින් සී අඩංගු ආහාර වැඩිපුර ගන්න.
ක්ලෝරීන් සහිත වතුර පානය අවම කරන්න
ක්ලෝරින් තොල් අවපැහැගන්වයි.
තොල් සම්බාහනය කරන්න
තොල් සම්බාහනය තොල්වලට පිරිපුන් පෙනුමක් මෙන්ම හොඳ රතු පැහැයක් ගෙනදෙයි. අයිස් කැටයක් සහ කොට්න් රෙදි කැබැල්ලක් ගන්න. රෙදි කැබැල්ල තුළ අයිස් කැටය දමා දිනපතා විනාඩි 5ක් සම්බාහනය කරන්න. ඊට අමතරව වැස්ලීන් හෝ මීපැණි භාවිත කළ හැක. සම්බාහනයෙන් තොල්වල රුධිරය හා ඔක්ෂිජන් උත්තේජනය කරනවා. ඒවගේම තොල්වල හොඳ පෝෂණයක් මෙමඟින් ලැබෙන අතර තොල්වලට නැවුම් හා සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ලැබේ. ඉරිතැලුනු වියළි අඳුරු පෙනුම නැති කරයි.
2.තොල් වර්ණ ගැන්විය හැකි ස්වාභාවික ක්‍රම
දෙහි යුෂ
ආමන්ඩ් සමඟ මුසු කළ දෙහි යුෂ තොල්වල ආලේප කරන්න. රාත්‍රී ආලේපකර උදේ වනතුරු තබන්න. ආමන්ඩ් තෙල් වෙනුවට ග්ලිසරීන් වුවද භාවිත කළ හැක. ස්වාභාවික දෙහි වල අඩංගු සුදු කිරීමේ ගුණය සහ ආමන්ඩ් පෝෂණය තොල් අඳුරු පැහැය නැති කරයි. තවත් ආකාරයකට මීපැණි, දෙහි යුෂ හා ග්ලිසරීන් මිශ්‍රකර ආලේප කිරීමත් සුදුසුයි.
මීපැණි සහ ස්ට්‍රොබෙරි
ස්ට්‍රෝබෙරි යුෂ තේ හැඳි 1 හා පැණි තේ හැඳි 2 මිශ්‍ර කර තොල්වල ආලේප කර පැය 2ක් තිබෙන්නට හරින්න. මීට අමතරව ඔබට බීටිරූට් යුෂ, දෙළුම් ඇට, කැරට්, රතු මිදි, පිපිඤ්ඤා වලටත් තොල්වල අඳුරු පැහැය ඉවත්කළ හැක.
මුදවපු කිරි හෝ යෝගට්
මුදවපු කිරි හෝ යෝගට් තොල් මත ආලෙප කර සම්බාහනය කිරීමෙන්ද තොල්වල පැහැය මෙන්ම තොල්වල තෙත් පෙනුම ආරක්ෂා කරගත හැක.
තොලේ මැරුණු සෛල ඉවත් කරන්න
තේහැඳි 1ක් මීපැණි, සීනි සහ ආමන්ඩ් ඔයිල් තේහැඳි භාගයක් මිශ්‍රකර තොල්වල ආලේප කරන්න. ඉන්පසු දත්බුරුසුවක් ගෙන මෘදුව පිරිමදින්න. එවිට මැරුණු සෛල ඉවත්වේ.
රෝසපෙති
රෝසපෙති අමුකිරි වල දමා පැය කිහිපයක් තබන්න. ඉන්පසු එම කිරි එකට මීපැණි මිශ්‍රකර තොල්වල ආලේපකර විනාඩි 15ක් පමණ තබා සෝදාහරින්න
පොල්කිරි
ඔබට දිනපතා පොල්කිරි තොල්වල ආලේප කළ හැකි නම් ඔබගේ කලු තොල් ඉක්මණින් වර්ණගැන්විය හැක.
අර්තාපල්
අර්තාපල් වල අඩංගු catecholase එන්සයිමය මිනිස් සමේ අඳුරු පැහැය ඉවත් කිරීමට උපකාරීවේ. එලෙසම අල පෙති දෙකකින් ඔබගේ තොල් සම්බාහනය කළ හැකි නම් තොල්වල කලු පැහැය ඉවත්කළ හැක.
කෝමාරිකා
කලුතොල් වලට තවත් උචිතම ස්වාභාවික සත්කාරයක් තමයි කෝමාරිකා. ඊට අමතරව හානි වුනු තොල් සෛල අලුත්වැඩියා කිරීමේ හැකියාවක්ද කෝමාරිකා සතුව ඇත. කෝමාරිකා ආලේපකර විනාඩි 30ක් පමණ තබා මද උණුවතුරෙන් සෝදා හරින්න.
පිපිඤ්ඤා
මිනිස් සමට හිතකරම දෙය මෙයවේ. පිපිඤ්ඤා සම පැහැපත් කරනවා සේම තොල්ද පැහැපත් කරයි.
ඔලිව් ඔයිල්
ඔලිව් ඔයිල් වල අඩංගු ඔක්සිකාරක ගුණය හා විටමින් ඊ තොල්වල කලු පැහැය ඉවත්කරයි,
දෙළුම් ඇට සහ කිරි
අඳුරු තොල්වලට රෝස පැහැයක් ගෙන ආ හැකි තවත් එක් ක්‍රමයක් තමයි දෙළුම් ඇට හා කිරි මිශ්‍ර ආලේපය. මේවායේ විශේෂත්වය වන්නේ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවීමයි.
කහ කුඩු සහ කිරි
කහ යනු හොඳ බෙහෙතකි. මෙය ඉන්දියාවේ මිනිසුන් විසින් තොල්වල වර්ණය ආරක්ෂා කරගැනීම සඳහා දිගුකාලයක සිට භාවිත කරනු ලබයි. කහකුඩු හා කිරි මිශ්‍රකර තොල්වල ආලේප කර විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.
කැරට් යුෂ
නිතර කැරට් යුෂ පානයෙන් කැරට් වල අඩංගු ඔක්සිකාරක ගුණය හා විටමින් ඒ තොල් අඳුරු පැහැය නැතිකිරීමට උදව්වේ. ඊට අමතරව කැරට් යුෂ තොල්වල ආලේපයෙන්ද සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: