ඔබේ නිවස තුල මෙම පැළෑටිය තිඛෙනවානම් මකුළුවෝ වැනි කෘමි සතුන් දකින්නටවත් ලැඛෙන එකක් නැහැ.
ඔබේ නිවස තුල මෙම පැළෑටිය තිඛෙනවානම් මකුළුවෝ වැනි කෘමි සතුන් දකින්නටවත් ලැඛෙන එකක් නැහැ.
මෙම ලිපිය පටන් ගන්නට කලින් මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නට කැමතියි. පේපර්මින්ට් සුවඳට මකුළුවන් සහ අනෙකුත් කෘමි සතුන් විකර්ෂණය වෙන බව ඔබ අසා තිඛෙනවාද? එය සත්‍යයක් වුනත් තවමත් බොහෝ දෙනෙක් ඒ පිළිබඳව නොදැන සිටීම අවාසනාවට කරුණකි. පෙපර්මින්ට් ඔයිල් වලට ස්තූතිවන්ත වෙන්න ඔබේ නිවසේ වෙසෙන කරදරකාර කෘමි සතුන් ඉතාමත්ම පහසුවෙන් ඔබට පලවාහරින්නට පුළුවන් බව මතක තබාගන්න.
ස්පේ‍්‍ර බෝතලයකට වතුර පුරවාගෙන ඊට පෙපර්මින්ට් ඔයිල් බින්දු 10ක් හෝ15ක් අතර ප්‍රමාණයක් එකතු කරගන්න. කලවම් කරගත් පසුව ඉන් පෙපර්මින්ට් සුවඳක් නොදැනේනම් තව පෙපර්මින්ට් ඔයිල් බිඳු කිහිපයක් එකතු කරගන්නට අමතක කරන්න එපා. මීලගට ඔබට කරන්න තිඛෙන්නේ මකුළුවන්, කුරුමි‚යන් සහ කැරපොත්තන් ගැවසෙන ස්ථාන වලට එය ස්පේ‍්‍ර කිරීම පමණයි. එම සුවඳට ප්‍රිය නොකරන කෘමි සතුන් ඔබේ නිවසෙන් පලා යනවාට කිසිඳු සැකයක් නැහැ.
එය තවත් ප්‍රභල කරගැනීමට අවශ්‍ය නම්, පේපර් මින්ට් ඔයිල් වලින් පොගවාගත් පුළුන් කූරක් මකුළුවන් වැනි කෘමි සතුන් ඇතුළු වෙන ස්ථානයක තබන්න. එය ඉතාමත්ම සරල දෙයක් වුනත් එමගින් ලැඛෙන ප්‍රතිපල දකින ඔබ මවිතයට පත්වේවි. ඔබ නොදැන සිටියාට පෙපර්මින්ට් ඔයිල් භාවිතා කරමින් හිසරදය සහ අජීරණය වැනි තත්වයන් සමනය කරගන්නට පුළුවන්. ඔබට මකුලුවන්ගෙන් සහ වෙනත් කෘමි සතුන්ගෙන් කරදර තිඛෙනවානම් මෙම සරල ක්‍රමවේදය භාවිතා කරන ලෙස අපි නිර්දේශකරනවා.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments: