Header Ads

නිරපරාදේ හෘදයාබාධ හදාගන්නේ නැතිව මේ වටිනා උපදෙස් ටික හරියට පිළි පදින්න


නිරපරාදේ හෘදයාබාධ හදාගන්නේ නැතිව මේ වටිනා
උපදෙස් ටික හරියට පිළි පදින්න 

 
රුධිරයේ කොලෙස්ටරෝල් අඩුකර ගන්නේ කොහොමද? මේ ගැටලුවට අද බොහෝදෙනා මුහුණ පාන ප්‍රශ්නයක්” සාමාන්‍යයෙන් ස්ථුල පුද්ගලයෙකුගෙන් ඔබට කොලෙස්ටරෝල් ඇත්දැයි ඇසුවොත් අනිවාර්යෙන්ම ඔබට දෙන පිළිතුර වන්නේ මට කොලෙස්ටරෝල් තිඛෙනවා යන්නයි’ කොලෙස්ටරෝල් අවම කර නොගතහොත් අවසාන ප්‍රතිථලය වන්නේ හෘදයාබාධයක් වැළඳී ජීවිතයට සමුදීමට සිදු වීමයි’
ව්‍යායාම මහින් අපගේ සිරුරේ තිඛෙන අනවශ්‍ය කොලෙස්ටරෝල් දහනය කිරීමට තිඛෙන ඉඩකඩ වැඩි බව ඇත්ත’ නමුත් ව්‍යායම කරමින් මේදය සහිත ආහාර වැළඳුවහොත් රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රතිශතය වැඩිවීම නවත්වා ගැනීම නම් එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි’ එබැවින් මේදමය ආහාර පාලනය කළොත් සිරුරට ලැඛෙන අනවශ්‍ය මේදය අපට බැහැර කළ හැකියි’
මේදය වැඩි ආහාර ලෙස සැලකෙන්නේ සත්ව ආහාරයි’ මස්” කිරි” බිත්තර යනාදියයි’ එබැවින් මේ සත්ව ආහාර අවම කිරීමෙන් රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රතිශතය අවම කරගත හැකියි’
මස් වෙනුවට මාළු වර්ග ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් වැඩිවීම වළක්වා ගත හැකියි’ කවර මාළු වර්ගයක් වුවද ගුණදායකය’ හෘදයාබාධවලට ගුණ දෙන ඔමේගා 3 එහි අන්තර්ගතය’ නමුත් කලපු සත්වයන් වන ඉස්සන්” පොකිරිස්සන්” කකුළුවන් නම් අහිතකරය’
කුකුල් මස් ගුණදායක නමුදු කුකුල් මස් අනුභව කළ යුත්තේ සම ඉවත් කිරීමෙන් අනතුරුවය’ හේතුව කුකුල් මස්වල තෙල් ඇත්තේ සමේ කොටසේ බැවිණි’ හරක් මස්” ඌරු මස් වලින් වැළකී සිටීම වඩාත් හොඳය’
විවිධාකාර කිරි ආහාර අපි අනුභව කරන නමුදු වැඩිපුරම මේදය ඇත්තේ මී කිරිවලය’ එබැවින් මේදය රහිත එළකිරි වර්ග ‍තෝරාගන්නේ නම් වඩාත් හොඳය’ මේදය අතින් පොහොසත් තවත් නිෂ්පාදන වන්නේ කිරිවලින් නිපදවන යෝගට්” බටර්” චීස් යනාදියයි’
මේදය අඩු හෝ මේදය රහිත යෝගට්” බටර් හෝ චීස් ලබාගත හැකි නම් වඩාත් හොඳය’ විශේෂයෙන්ම මුදවන ලද කිරිවල මේද ඇත්තේ එහි මතුපිට කොටස (යොදය) බැවින් එය ඉවත් කර අහාරයට ගැනිම හොඳය’ බටර් සහ චීස් මේද බහුල ආහාරය බැවින් ඒවා නවතා දැමිය යුතුය’ මාගරින් වර්ග බහු අසංතෘප්ත බැවින් ඒවා පරිභෝජනය කලද අගුණයක් නැත’
බිත්තර අතිශයින් පෝෂ්‍යදායක ආහාරයකි’ එබැවින් දිනපතා දරුවෙකුට බිත්තරක් දීම වඩාත් යෝග්‍යයය’ එනමුත් කොලෙස්ටරෝල් ‍වැඩි වීමට මේදය බලපාන බැවින් වැඩිහිටියන් හැකිතාක් එය අවම කරගත යුතුය’ විශේෂයෙන් මේදය බහුලව ඇත්තේ බිත්තර කහ මදයේය’ සුදු මදය මේදයෙන් තොරව ප්‍රෝටීන් බහුලව ඇත’ එබැවින් හැකිතාක් බිත්තර සුදු මදය අනුභව කරන්න’
තෙල් භාවිතයේදී පොල් තෙල් ෆාම් තෙල් හැකිතරම් අඩු කරන්න’ හේතුව මේවා සංතෘප්ත තෙල් බැවිනි’ සංතෘප්ත තෙල් සොයා ගැනීමට කදිම නිදසුන වන්නේ” සීතලේදී පහසුවෙන් මිදීමයි’ බහු අසංතෘප්ත තෙල් ඒතරම් අගුණ නොවන නමුත් දිනකට තේ හැඳි 1 -2 අතර සීමා කළ යුතුය’ මෙම තෙල් වර්ග සීත උෂ්ණත්වයෙන් මිදෙන්නේ නැත’ සෝයා තෙල්” බඩඉරිගු තෙල්” සූරියකාන්ත තෙල් මේ ගණයට අයත් වේ’ ඒක අසංතෘප්ත තෙල් ලෙස ඔලිව් තෙල් හැඳින්විය හැක’ වඩාත් ගුණදායක වන්නේ ඔලිව් තෙල්ය’ අලිගැටපේර ද ඒක අසංතෘප්ත මේදය සහිත වුවද සතියකට ගෙඩි 2 ක් පමණ සෑහේ’
කොලෙස්ටරෝල් නැතැයි බෝතලයේ සඳහන් කළ ද පොල් තෙල් ෆාම් තෙල් පවා අනුභව කළ විට අක්මාවේදී එයින් කොටසක් කොලෙස්ටරෝල් බවට පත් වේ’ ඛෙහෝ ආහාරවල සැගවුණු මේදය ඇත’ කට්ලට්” පැටිස්” රෝල්ස්” වඩේ වර්ගවල මේදය බහුල වන්නේ ඒවා ගැඹුරු තෙලෙන් බදින බැවිණි’ බිත්තර සහ කිරි අඩංගු බැවින් කේක් සහ පුඩිම් වර්ගවලද මේදය ඇත’
පිසගත් ආහාරවල මේදය අවම කර ගැනීමට නම් එය ශීතකරණයේ තබන්න’ එවිට මේදය උඩට පාවී තෙල් තට්ටුවක් ලෙස මිදේ’ එවිට හැන්දකින් ඒ මිදුණු තෙල් තට්ටුව ඉවත් කර වෑංජනය නැවත රත් කොට ආහාරයට ගන්න’
සියලුම පලතුරුවල කොලෙස්ටරෝල් නොමැති අතර කෙඳි සහිත පලතුරුවල රුධිර කොලෙස්ටරෝල් පහල දැමීමේ හැකියාවක් ඇත’ පියලි ඇට වර්ග කඩල” මුං ඇට” සෝයා” පරිප්පු” මෑ” කව්පි මේ සියල්ල අතිශයින් ගුණදායකය’ පලා වර්ග ද කොලෙස්ටරෝල් රහිත ආහාරයි’ විශේෂයෙන් කෙඳි සහිත ආහාර නිසා රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය පහල බසිනු ඇත’
සුදුලූණු සහ බී ලූණුවල කොලෙස්ටරෝල් අවම කිරීමේ ගුණයක් ඇති බැවින් දිනපතා වුවද සුළු වශයෙන් ආහාරයට ගත්තාට කම් නැත’
තේ පානය අතිශයින් ගුණදායකය’ වඩාත් යෝග්‍ය වන්නේ සීනි සහ පිටි වලින් තොර තේවල (ප්ලේන්ටී) කොලෙස්ටරෝල් අවම කිරීමේ හැකියාවක් ඇත’

අධික රුධිර පීඩනය ඇත්නම් ලුණු භාවිතය අවම කරන්න’
දිනකට ප්‍රධාන ආහාර වේල් ගැනීම අනිවාර්යය’ රාත්‍රියේදී ඉතා සුළු වශයෙන් ආහාර වේල් 4 ක් ගන්නේ නම් වඩාත් යෝග්‍යය’ තෙම්පරා” බැදුම හැර තම්බා මලවා හුමාලයෙන් තම්බා එළවළු ආහාරයට ගන්න’
ක්ෂණික ආහාර සියල්ලෙන්ම වළකින්න’ අධික ලෙස මධ්‍යසාර ගැනීම ද අනතුරු සාධකයකි’ මේ අනුව ඔබේ ආහාර වට්ටෝරුව දිනපතා සකසා ගැනීමෙන් ඔබගේ රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අවම කරගත හැක’
සුදුලූණු සහ බී ලූණුවල කොලෙස්ටරෝල් අවම කිරීමේ ගුණයක් තියෙනවා’
තෙල්වල කොලෙස්ටරෝල් නැහැ කිව්වට ආහාරයට ගත පසු මේ තෙල් අක්මාවේදී කොටසක් කොලෙස්ටරෝල් බවට පත්වෙනවා’
පිසගත් ආහාර ශීතකරණයේ තබා මතුපිට තිඛෙන ඝන තෙල්තට්ටුව ඉවත් කර ගන්න’
නවලෝක රොහලේ සහ මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රොහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක’


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



 

No comments:

Powered by Blogger.