Header Ads

කැකිරි ඇට වලින් මුත්‍රා වල ගල් ඉවත් කර ගන්න පුළුවන් මේ ස්වාභාවික බෙහෙත ගැන ඔබත් දැනුවත් වෙන්න.


කැකිරි ඇට වලින් මුත්‍රා වල ගල් ඉවත් කර ගන්න පුළුවන් මේ ස්වාභාවික බෙහෙත ගැන ඔබත් දැනුවත් වෙන්න.


මුත්‍රා පද්ධතිය තුල හට ගන්නා ගල් මුත්‍රා ආශ්මරි නමින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හදුනා ගන්නවා’ වකුගඩු ආශ්‍රිතව හැදෙන මේ ගල් මුත්‍රා නාල දිගේ මුත්‍රාශයට ගමන් කිරීම නිරායාසයෙන්ම සිදු වන අවස්ථාද පවතී’ මුත්‍ර පෙරීමේ ක්‍රියාවලියේදී ජලය අඩු වීම නිසා වියලි ස්වභාවයකින් පෙරීම මේ රෝගයට මුලිකව හේතු වේ’ ආයුර්වේදයේ සදහන් වන්නේ දුක සේ මුත්‍රා පහ කිරීම මේ රෝගයට මුල් වන බවයි’ ආම වාත රක්තවාත වැනි රෝග නිසාද මුත්‍රා ගල් ඇති වේ’
මේ රෝගය ඇති වන බව පෙන්වන ලක්ෂණ නම් තුනටිය වේදනාව ” ඉණ පෙදෙසේ සිට කලවා දක්වා පැතිර යන වේදනාව ” මුත්‍රා තද පාටින් පිටවීම හා වමනය වෙන අතර බොහෝ විට වේදනාව හට ගනී’ ගැහැණු පිරිමි දෙපක්ෂයට මුත්‍රා ගල් හට ගත්තත් බහුලව මෙම රෝගයට ගොදුරු වන්නේ පිරිමි පාර්ශ්වය වේ’
මෙම රෝගයට නුසුදුසු ආහාර ඇත’ එනම් ඇඹරල්ලා ” අඹ ” අන්නාසි ” අච්චාරු ” ලුණු දෙහි ” රඹුටන් ” මැංගුස් වැනි ආම්ලික ආහාරයි’ සුදුසු ආහාර වන්නේ පිපිඤඤා ” රාබු ” කැකිරි ” නීරමුල්ලිය ” සුවදැල් ” කෙසෙල් ” ඉදුණු පැපොල් ” කටු අනෝදා ආදියයි’ යහමින් ජලය පානය අතවශ්‍ය වේ’
මේ රෝගයට ප්‍රතිකාර කල යුතුතේ මුත්‍රා ගල් වල ස්වභාවය අනුවයි’ බටහිර වෛද්‍ය ක්‍රමය මගින් පවත්වනු ලබන පරීක්ෂණ තුලින් ඉක්මණින්ම ඒවායේ ප්‍රමානය තීරණය කර ගැනීමට හැකි වීම ආයුර්වේදීය ප්‍රතිකාර වලටත් වඩා ඉතා පහසු වේ’ මිලිමීටර් 10 ට අඩු කුඩා මුත්‍රා ගල් හැලීමට ඉතා පහසු ප්‍රතිකාර ඇති අතර මිලි මීටර් 10ක විෂ්කම්භයකට වඩා විශාල මුත්‍රා ගල් වුවද පහසුවෙන් දිය කර හැලීමට ආයුර්වේදයේ ප්‍රතිකාර ක්‍රම ඇත’ මේ විශාල ගල් හැලිමේදී වේදනාව සමනයට පිටතින් යොදන ආයුර්වේද ආලේපන තිබේ’
මුත්‍රා ගල් ඇති අය අක්කපාන කෑම සුදුසු වන නමුත් එසේ කෑම සුදුසු වන්නේ ගල් තලා මත සෑදෙන අක්කපානයි’ එසේම කුප්පමේනියා ශාකය (උල් හැඩය ඇති කුප්පමේනියා පත්‍ර ඇති ශාකය නොව රවුම් හැඩය ඇති කුප්පමේනියා පත්‍ර ඇති ශාකය) භාවිතයෙන් මුත්‍රා ගල් කුඩු කල හැකිය’ ආයුර්වේදයේ ප්‍රතිකාර වන කෂාය ” ගුලි ” චුර්ණ ” කල්ක තුලින් අතුරු අබාධ රහිතව මේ රෝගය සුව කල හැකියි’ මේ ප්‍රතිකාර සිදු කරන විට බදුනකට මුත්‍රා කර කුඩු වූ මුත්‍රා ගල් ඔබට දෑසින්ම දැක බලා ගැනීමට හැකි වනු ඇත’ රෝගය සුව වූ පසු මෙහි සදහන් පථ්‍ය එනම් සුදුසු ආහාර ගැනීමෙන් මුත්‍රා ගල් නැවත සැදීම වලක්වා ගත හැකියි’

මුත්‍රා ගල් ඇති අයටත් තිබී සුව වූ අයටත් මින් වැලකි සිටීමට කැමති අයටත් ඖෂධිය ගුණැති රසැති නිතර නිතර කෑමට ගත හැකි කැකිරි ව්‍යාන්ජනය පිළියෙළ කර ගතහැකි ආකාරය මෙසේය’ කැකිරි ඇට අඹරා හෝ බ්ලෙන්ඩරයකින් කොටා රෙදි කෑල්ලකින් හෝ දැලකින් පෙරන්න’ එය කැකිරි මාළුවට එක් කර පිස ආහාරයට ගන්න’

දේශීය ආයුර්වේද වෛද්‍ය සර්වාංග -සමිතා ප්‍රභාශිනි එදිරිවීර
බෝමිරිය නිරෝගා වෛද්‍ය මධ්‍යස්ථානය


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.