Header Ads

අනාරක්ෂිත ගැබ් ගැනීම් වලක්වන ලූප් දිගු කාලීන පවුල් සැලසුම් ක‍්‍රමය ගැන කාන්තා ඔබ නොදන්නා මේ රහස් ගැන දැනුවත් වෙන්න.


අනාරක්ෂිත ගැබ් ගැනීම් වලක්වන ලූප් දිගු කාලීන පවුල් සැලසුම් ක‍්‍රමය ගැන කාන්තා ඔබ නොදන්නා මේ රහස් ගැන දැනුවත් වෙන්න.
පලමු දරු උපතෙන් පසුව හෝ ඊට ප්‍රතම උපත් පාලන ක්‍රමයකට යොමුවීම සාමන්‍ය ක්‍රමයයි. එලෙස භාවිතා කරන උපත්පාලන ක්‍රම වලින් වඩාත් විශ්වසදායි මෙන්ම අතුරු ආබාද අඩු ක්‍රමයක් ලෙස ලූපය තැම්පත් කිරීම සැලකිය හැක. උපත් පාලනය සදහා යොදා ගන්නා තඹ ආලේපිත උපත් පාලන ලූපය මගින් වැඩි කාල සීමාවක් තුලදී අනාරක්ෂිත ගැබ් ගැනීමක් වලක්වනු ලබනවා. මෙය එතරම් ප‍්‍රචලිත ක‍්‍රමයක් නොවූවත් හදිසි උපත් පාලන පෙති භාවිතයට වඩා මෙහි ඇති සාර්ථකත්වය ඉහලයි. මෙය අනාරක්ෂිත සංසර්ගයක් සිදුවූ දිනයේ සිට දින 05 ක් තුල යෝනි මාර්ගයට ඇතුල් කිරීම මගින් ගැබ් ගැනීමක් වලක්වා ගන්නට පුළුවන්.

ලූපය මගින් සංසේචිත ඩිම්බය ගර්භාෂය තුල තැන්පත් වීම වලක්වන අතර, එහි ආලේපිත තඹ මගින් නිකුත් කරන තඹ අයන යුක්තානුවට විෂ සහිත වනවා. ලූපයක් ඇතුල් කිරීමේදී කාන්තාවට ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝගයක් වැළදී ඇත්නම් යම් කාල සීමාවක් සදහා ප‍්‍රතිජීවක ඖෂධ භාවිතා කිරීමක් සිදුකල යුතු වනවා. මේ නිසා මේ සදහා වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගැනීම අත්‍යාවශ්‍යයි.

ඇතුල් කල ලූපය ඊළඟ ඔසප් දිනය දක්වා තබා ගත යුතු අතර ඔබට අවශ්‍ය නම් එය දිගු කාලීන පවුල් සැලසුම් ක‍්‍රමයක් වශයෙන් තබා ගන්නටත් පුළුවන්. සාමාන්‍යයෙන් තඹ ආලේපිත ලූපයක් අවුරුදු 10 ක කාලයකට උපත් පාලන ක‍්‍රියාව සිදු කරනු ලබනවා. එමෙන්ම ඔබට අවශ්‍ය විටෙක එය ඉවත් කර ගැනීමද සිදුකල හැකි වනවා.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.