Header Ads

තරුණ පෙනුමැති මුහුණක් ලබා ගන්න පේර කොළවලින් කරන මෙන්න මේ විශ්මිත ක්‍රම ටික දැනගන්න


තරුණ පෙනුමැති මුහුණක් ලබා ගන්න පේර කොළවලින් කරන මෙන්න මේ විශ්මිත ක්‍රම ටික දැනගන්න
 

 තරුණ වෙන්න කවුද අකමැති? මුහුණේ සමේ ඇති කැළැල්, රැලි, මුහුණට වයස්ගත් පෙනුමක් ලබා දෙනවා. වයසට යනකොට කොහොමත් සම දුර්වර්ණ වෙනවානේ. අපිට ලේසියෙන්ම හොයා ගන්න පුළුවන් ඒ වගේම බොහෝවිට අපේ වත්තේම තිඛෙන පේර ගහෙන් තරුණ පෙනුමක් තියෙන සමක් ලබා ගන්න පුලුවන්නම් කොහොමද?

සමේ රෝග - පේර කොළ සමේ ඇතිවන රතු පැහැති පල්ලම් සහ උද්දීපනයන් සමනය කරයි. එහි ඇති ආසාත්මික තත්ව වලක්වන ගුණ හිස්ටමින් නම් සමේ පටක වල ඇති රසයනක ඇතිවීම වලක්වයි. එමගින් සමේ ඇතිවන ආසාත්මික තත්ව, කැසීම් ඉදමිම් නවත්වයි.

කුරුලෑ ප්‍රතිකාර - පරීක්ෂණ වලට අනුව පේර කොළ කුරුලෑ ඇතිකරන ඇසට නොපෙනෙන ජීවින්ට ඉතා අහිතකරය. පේර කොළ ඇති ප්‍රති බැක්ටීරියා ගුණ මගින් කුරුල ඇති වීම අඩු කරයි.

සම රැලිවටිමට - විද්‍යාත්මක පරීක්ෂණයන්ට අනුව පේර කොළ ගෙඩි වලට වඩා ඛෙහෙවින් ප්‍රයෝජනවත්ය. සම නිරෝගිව තබා ගන්නට උදවු වෙන අතර සම රැලි වැටීමට එරෙහිව ක්‍රියා කරයි.

කැළැල් සහ කළු ලප - මුහුණේ කළු ලප, රතු ගැන්වීම් ආදියට ප්‍රතිකාර ලෙස පේර කොළ පාවිච්චි කරන්න පුළුවන්. එය ඇසට නොපෙනෙන ජීවින් විනාශ කර උද්දීපනය අඩු කරයි.

භාවිතා කරන ආකාරය

පේර කොළ ටිකක් ගෙන පොඩිකර උතුරන වතුරට එකතු කරන්න. වතුර දුඹුරු පාට වී සාන්ද්‍ර වනතෙක් උතුරවන්න. ඉන්පසු නිවෙන්නට තබන්න.

පෙරාගත් ගත්පසු එම ජලය මුහුණ හෝ අවශ්‍ය ස්ථානය මත ගල්වා විනාඩි පමණ සිට මද උණු වතුරින් සෝදා හරින්න. සතියට දෙවරක් මෙසේ කිරීමෙන් වඩා හොද ප්‍රතිපල ලබා ගන්න පුළුවන්.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

No comments:

Powered by Blogger.