Header Ads

ඔබේ කෙස් කලඹත් නිරෝගිමත්ද? කියලා හඳුනාගන්න මේ දේවල් ටික දැනගන්න.


ඔබේ කෙස් කලඹත් නිරෝගිමත්ද? කියලා හඳුනාගන්න මේ දේවල් ටික දැනගන්න.
 

පසුගිය සතියේ අපේ කතාබහ ආරම්භ වූයේ අපේ ශරීරයේ අලංකාරයට විශේෂයෙන්ම බලපාන කෙ‍ස් කලඹ සම්බන්ධවයි. නිරෝගී කෙස් කලඹක් කියන්නේ විශේෂයෙන්ම කාන්තාවකට සම්පතක්. ඔබත් සමහර විට දිගු කෙස් කලඹකට හිමිකම් කියන කාන්තාවක් විය හැකියි. එහෙත් මඳකට හෝ ඔබ ඔබේ කෙස් කලඹ සෑදී ඇත්තේ කෙලෙසකද යන්න ගැන අවධානය යොමු කළේ නෑ නේද? අද අපි ඔබට කෙස් කලඹ සෑදී ඇත්තේ කෙලසකින් ද යන්න පිළිබඳ කියා දෙන්නට සිතුවා. මේ ගැන අවබෝධයෙන් කටයුතු කළොත් ඔබේ කෙස් කලඹ නිරෝගි ද, නැත්ද කියා ඔබටම වටහා ගන්න‍ට පුළුවන් වේවි.

කෙස් ගසක් සෑදී තිබෙන්නේ කෙරටීන් වලින් කියලා තමයි හඳුන්වන්නේ. නිරෝගී කෙස් ගසක් නම් ඒ කෙසේ ගසේ ඉලාස්ටිසිටි (Elastisity) ගතිය නිතරම රැඳී තිබෙන්න ඕන.

මේ පිළිබඳ ඔබට වඩාත් පැහැදිලි කරනවා නම් කෙස්ගසක් කෙළවරින් අල්ල ඇද අතහැරිය විට ආපසු එය තිබුණු තැනට යා යුතුයි. එවැනි ආකාරයේ කෙස් ගස් ඔබ සතු වේ නම් ඒවා නිරෝගී කෙස් ගස්ය.

බැරිවෙලාවත් අපි කෙස් ගසේ අගින් අල්ලා අදින විට මැදින් කැඩී ගියහොත් ඒ කෙස් ගස් නීරෝගී කෙස් ගස් වශයෙන් සැලකිය නොහැකිය. සාමාන්‍යයෙන් නිරෝගී කෙස් ගසක තිබිය යුතු Volume එකක් තිබෙනවා. ඒ ප්‍රමාණය අපි සලකන්නේ IXI ප්‍රමාණය ලෙසිනුයි. මේ ප්‍රමාණය සමහරුන්ගේ පිහිටන්නේ අඩුවෙන්. තවත් සමහර අයගේ වැඩියෙන් පිහිටනවා. සාරවත් කෙස් කලඹක මේ තත්ත්වය අඩුයි.

කෙස් ගසක තිබිය යුතු අනිත් ලක්ෂණය තමයි porosity භාවය.

මේකෙන් තමයි කෙස් ගසේ තෙතමනය රඳා පැවතීම පිළිබඳ තීරණය වන්නේ. මේ තත්ත්වය වැඩියෙන් පවතිනවා නම් එය නිරෝගී කෙස් ගසක් නොවෙයි.

porosity තත්ත්වය අඩුවෙන් පවතී නම් කෙස්ගසේ තෙතමනය රඳා ගැනීමේ හැකියාව වැඩිය. porosity ගතිය වැඩි කොණ්ඩයක් කියන්නේ සාරවත් කොණ්ඩයක් නොවෙයි. මේ තත්ත්වය තමන්ගේ කොණ්ඩය දෙස බැලීමෙන් තමන්ටම අවබෝධ කරගත හැකිය. ඔබට නිකමට මෙන් ඉඳහිට ඔබේ කෙස් ග‍සක් ඇද බැලිය හැකියි. එවිට එය අතරමඟදී කැඩී යනවාද නැතහොත් ඉලාස්ටිසිටි ගතිය ඇතිව තිබූ තැනටම යනවාද? යන්න එවිට ඔබටම දැක ගත හැකිය.

මේ පිළිබඳ ඔබ දැන් හොඳින් දැනුවත් නිසා ඔබේ කෙස් කලඹ රෝගීද කියා තීරණය කරගත හැකියි. ඔබට රෝගී කෙස් කලඹක් තිබේ නම් ඒ සඳහා ප්‍රතිකාර වෙත යොමුවීමේ දී ඉතාම පරිස්සම් විය යුතුය. ඒ පිළිබඳවත් අපි ඉදිරියේ දී දැනුවත් කරන්නම්.

අපි දෙවැනියට කතාකළ porosity ස්වභාවය කෙස් කලඹක ඇතිවන්නට විවිධ හේතු බලපානවා. මේ තත්ත්වය හිරු එළියට අධිකව නිරාවරණය වන කෙස් කලඹවලට ඇතිවන්නට පුළුවන්.

විශේෂයෙන් අධික අව් රශ්මිය ඇති තැන්වල රැකියාව කරන, මහපාරේ වැඩ කරන අයගේ කෙස් කලඹවල මේ තත්ත්වය දකින්නට පුළුවන්. අනිත් අතට නවීන විලාසිතාවන්ට අනුව විවිධ කෘත්‍රිම කොණ්ඩා අලංකරණවලට අද බොහෝ දෙනෙක් පෙලඹී සිටිනවා.

මේ අතර rebone, irone, perfing ආදී වශයෙන් ඔබ කෙස් කලඹට කරන විලාසිතා නිසාත් මේ තත්ත්වය ඇතිවිය හැකියි. සමහර අවස්ථාවන්හිදී මේවා සැකසීමට විවිධ කෙමිකල් වර්ගත් පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. ඒවා නිසාද මේ තත්ත්වය ඇති විය හැකියි.

අපි ලබන සතියේ දී තවදුරටත් අපේ කේශ කලාපය ගැන දැනගනිමු.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

No comments:

Powered by Blogger.