විටමින් වර්ග ගැන ඔබ මෙන්න මේ කරුණු අනිවාරයෙන් දැනන් ඉන්න.

විටමින් වර්ග ගැන ඔබ මෙන්න මේ කරුණු අනිවාරයෙන් දැනන් ඉන්න..
විටමින් යනු අපගේ පෝෂණයට අත්‍යාවශ්‍ය අපගේ ආහාරයේ තිබිය යුතු පෝෂණ පදාර්ථ විශේෂයක්. විටමින් අපගේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍යම ද්‍රව්‍යයක්.
අප ගන්නා ආහාරවල තිබෙන කාබෝහයිඩ්රේට මේදය, ප්‍රෝටීන වැනි පෝෂ්‍ය පදාර්ථ ශරීරයට අවශෝෂණය කර ගැනීමට එම ද්‍රව්‍ය කුඩා කොටස් වලට කැඩී වෙන්විය යුතුයි. ඒ සඳහා උපකාරී වන්නේ ශරීරයේ තිබෙන එන්සයිම එම එන්සයිම ක්‍රියාකාරී වීමට විවිධ විටමින් වර්ග අවශ්‍යයි.
විටමින් වර්ග
ප්‍රධාන වශයෙන් ම විටමින් වර්ග කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවනි. A ජලයේ දියවන විටමින් වර්ග සහ මේදයේ දියවන විටමින් වර්ග ලෙස. විටමින් A, විටමින් D සහ විටමින් E, K යන වර්ග මේදයේ දියවී ඇති විටමින් වර්ග.මේදයේ දියවී ඇති විටමින් වැඩිපුර ශරීරයට ලබාගත් විට පහසුවෙන් ශරීරයෙන් ඉවත්වන්නේ නෑ. එම මේද කොටස් ශරීරයේ විවිධ ස්ථානවල තැන්පත් වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා පසුකාලීනව විවිධ රෝගාබාධවලට මුහුණ පෑමට ඔබට සිදුවන්නට පුළුවන්.
විටමින් D සහ විටමින් C දියවී ඇත්තේ ජලයේ. ජලයේ දියවී ඇති විටමින් අවශ්‍ය පමණට වඩා ශරීරයට ගත්තත් හානියක් සිදුවන්නේ නෑ. ඒ ඉතා පහසුවෙන් ඒවා ශරීරයෙන් පිටවී යන නිසයි.
විටමින්වලින් ශරීරයට ලැබෙන ප්‍රයෝජන
විටමින් A
ශරීරයට ලැබෙන විටමින් A ප්‍රමාණය අඩුවීම අස්ථි වර්ධනයට ඍජුවම බලපානවා. අපගේ සම ඉක්මනින් රළු වීමට විටමින් A ඌනතාවය හේතු වෙනවා. විටමින් A ඌනතාවය විශේෂයෙන් ම බලපාන්නේ ඇස්වලට. ටමින් A ශරීරයට වැඩිවීමත් ප්‍රබල ගැටලුවක්. පමණට වඩා ශරීරයේ විටමින් ඒ වැඩිවීම අක්මාව සහ අස්ථි ආශ්‍රිත රෝගවලට හේතුවක්.
විටමින් A කිරි, මස්, බිත්තර වැනි සත්ව ආහාරවල බහුල වශයෙන් අඩංගු වෙනවා. ඊට අමතරව කැරට්, බතල, පලා වර්ග ආදියේත් විටමින් බහුලව A තිබෙනවා.
විටමින් B
විටමින් B යනු විටමින සංකීර්ණයක්. විටමින් B1, B2, B4, B5, B6, B12 ලෙස ඒවා නම් කෙරෙනවා.
B කාණ්ඩයේ විටමින අප එදිනෙදා ගන්නා සත්ව ආහාරවල මෙන් ම ධාන්‍යවලද ඉතා සුලභව තිබෙනවා. බයොටින් නම් විටමිනය අයත් වන්නේත් විටමින් B යටතට. බයොටින් සත්වමය ආහාරවල මෙන් ම තක්කාලිවලත් බහුලව තිබෙනවා.
විටමින් C
දොඩම්, නෙල්ලි වැනි ආහාරවල විටමින් C බහුලයි. විටමින් C අප ගන්නා ආහාරවල පෝෂ්‍ය කොටස් ශරීරයට උරාගැනීමට බෙහෙවින් උපකාර වෙනවා.
ඒ නිසයි අප ගන්නා ප්‍රධාන ආහාර වේලකට පසුව විටමින් C අඩංගු පලතුරක් ආහාරයට ගත යුත්තේ. විදුරු මස් වලින් රුධිර වහනය, කැසීම් නිසා නිතර තුවාල ඇතිවීම සහ එම තුවාල සුවවීමට කලක් ගතවීම වැනි තත්ත්වයක් විටමින් C ශරීරයට අඩුවීම නිසා ඇතිවිය හැකියි.
එළවළු සහ පලතුරු වල විටමින් C බහුලව අඩංගු වන අතර ඒවා සිහින්ව කැපූවිට විටමින් C විනාශ වෙනවා. ආහාර අධික උෂ්ණත්වයට රත් කිරීම ද විටමින් C විනාශ වීමට එක් හේතුවක්.
විටමින් D
අපේ සමේ යම් යම් කොටස් හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ වලට නිරාවරණය වීමෙන් අපගේ සම මතම විටමින් D නිපදවෙනවා. මුහුදු මසුන්ගේ අක්මා තෙල්වලින්, බිත්තර කහමදයේත් විටමින් D බහුලයි.
විටමින් D අඩුවීම එම දරුවා Rickets නම් රෝග තත්ත්වය ඇතිවීමටත් වැඩිහිටියකුගේ ශරීරයේ විටමින් D අඩුවීම Osteomalasia නම් රෝග තත්ත්වය ඇතිවීමටත් හේතුවන බව සොයාගෙන තිබෙනවා.
විටමින් K
විටමින් K අපගේ රුධිරය කැටි ගැසීමට අවශ්‍යව ද්‍රව්‍යයක්.
මේ නිසා කිසියම් අයෙක් විටමින් K ඌනතාවයකින් පෙළෙන්නේ නම්, රුධිරය කැටි නොගැසීමෙන් විවිධ ආපදා ඇතිවිය හැකියි. එය ඉතා භයානක තත්ත්වයක්.
විටමින් E
විටමින් E ප්‍රති ඔක්සිකාරක විශේෂයක් ලෙස මිනිස් සෛල කෙරෙහි ක්‍රියාකරනවා. මිනිස් සෛල පටලවල ස්ථාවර බවට විටමින් E ඉතා යෝග්‍ය බවත් සොයාගෙන තිබෙනවා. සෝයා, තිරිඟු, අලි පේර, බතල වැනි ආහාරවල විටමින් E ඉතා බහුලයි. වර්තමානයේ මෝස්තරයක් වී තිබෙන ආකාරයෙන් විටමින් E කරල් ලෙස ගැනීම ශරීරයට අහිතකර විය හැකියි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: