Header Ads

ඇඳිවතේ ඔබත් අත පිස දමන්ට පුරුදුවෙලා ඉන්නවනම් ඔබත් දුප්පත්වෙන්න පුළුවන්.මෙන්න මේ විශ්මිත රහස් ගැන ඔබත් අනිවා දැනගන්න.


ඇඳිවතේ ඔබත් අත පිස දමන්ට පුරුදුවෙලා ඉන්නවනම් ඔබත් දුප්පත්වෙන්න පුළුවන්.මෙන්න මේ විශ්මිත රහස් ගැන ඔබත් අනිවා දැනගන්න.


ස්ත්‍රියකට මායම් 64ක් ඇති බවත් ඒවා තමන්ගේ යම් යම් අවස්ථාවන්ට උපයෝගී කර ගන්නා බවත් ජනවහරේ මතයකි. මෙහි සත්‍යයක් තිබේ. ස්ත්‍රී අංග ලක්ෂණ, ඇගේ ක්‍රියාකලාපය, කතා බහ ඇතුළු විවිධ දෙයින් පෙනී යන මායිම් නොහොත් වසඟ කර ගැනීම් ස්ත්‍රියකට හිමි වූ විශේෂත්වයකි.අවලස්සන ලස්සන වීමට රුව ඇති අය තවත් අලංකාර වීමටද බොහෝ උත්සාහ කරයි. එහිදී කරන විලාසිතා සෑම රුවකටම එක සේ නොගැළපුණද තිබූ වාසනාව ගිලිහී යෑමටද අහිමි වාසනාව ලැබීමටද එම අලංකාරය හේතු වෙයි. එබැවින් තමන් ගැන හරි අවබෝධයෙන් කටයුතු කර තම වාසනාව අහිමි කර නොගෙන විලාසිතාවන්ටද, ක්‍රියාකලාපයන්ට ද මුහුණ දෙන්නේ නම් ඇයට ශ්‍රියා කතකට බඳු වාසනාව උදා වනු ඇත.


බත් මුට්ටිය හෝ පිසින ලද අනෙකුත් ආහාර ළිපේ තිබියදීම කන පිඟානට ඛෙදන ස්ත්‍රිය හැමවිටම කලහකාරී වෙයි.හිසේ ගසන කොණ්ඩා කටුව හෝ වෙනත් දෙයක් කටේ ගසාගෙන හිස පීරයි නම් ඇය මොන ගමන ගියත් පල නොලැබේ.මුළුතැන්ගෙයි උයන ස්ත්‍රීන් උයන අතරතුර, ඇඳිවතේ අත පිසදායි නම් ඇය දුප්පත් වෙයි.


උදලූ‍ තලයෙන් ගෙදර ප්‍රයෝජනයට ගන්නා පොල් ගෙඩියේ ලෙලි ගලවන ස්ත්‍රිය පවුලේ සමඟියට, දරුවන්ගේ එකමුතුකමට හානි කරයි.තව කෙනකු සමඟ කතා කරන විට ගස්වල කොළ හෝ මල් කඩා පොඩි කරමින් කතා කරයි නම් ඇය වංචා සහගත ස්ත්‍රියකි. ඇය සමඟ විවාහ වන පුරුෂයාද ඇගෙන් වෙන් වෙයි.කතා කරන විට තමාගේ නැති බැරිකම් කියන ස්ත්‍රිය නිතර නිතර රෝගී වෙයි. තද කල්පනාවට බරය. අඹු - සැමියන් අතර නිතර ප්‍රශ්න ඇතිවෙයි.


ගේ ඉදිරි දොරටුවෙන් මස් - මාළු රැගෙන ගෙතුළට එන ස්ත්‍රීන්ගේ නිවෙස්වලට සෑම විටම තනිකම් දෝෂ ඇතිවෙයි.කෑම කන පිඟානේම වතුර බොන ස්ත්‍රිය, තම සැමියාට වංචා කරයි. චරිතයටද, මුදලටද වංචා කරන්නියකි.ඉලපතින් ළිප මදින හෝ ඒ වටා අතුගාන ස්ත්‍රිය කිසි දිනක අලංකාර ආභරණවලින් සැරැසීමට වාසනාව නොලබයි. අන් අයට ඊර්ෂ්‍යා කරයි.මිදුල අතුගාන ඉදලෙන් පූසන්ට, බල්ලන්ට පහර දෙන ස්ත්‍රීන් පිනට, දහමට ළැදි නැත. සමාජ වරප්‍රසාද අහිමි වෙයි.


හංසි ආටිගල / මව්බිම පුවත්පත

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.