Header Ads

නිවසේදීම බර අඩු කරගන්න මෙන්න මේ සරල උපදෙස් 15 ඔබත් පිළිපදින්න


නිවසේදීම බර අඩු කරගන්න මෙන්න මේ සරල උපදෙස් 15 ඔබත් පිළිපදින්න
1.ඔබේ කැමත්තෙන්ම විශ්වාසය ලගා කර ගන්න:

පලමුවෙන්ම ඔබ සිරුරේ බර අඩු කරගන්න බවට ශක්තිමත් විශ්වාසයක් ගොඩ නගාගන්න.
ඔබට අඩු කර ගත යුතු බර කොපමනදැයි තීරනය කරන්න.
එය ඔබේ සිරුරේ උස, සෞඛ්‍යය හා වයස මත තීරනය වෙනවා.
සත්‍යය දකින්න.සුපිරි නිරූපිකාවකගේ මෙන් අතිශය සිහින් සිරුරකට සිහින දකින්න එපා.
ඔබේ මනස සකසා ගත් පසු අනෙක් පියවර වලට යොමු වන්න.

2.ආහාර වේල ගැන අවධානය යොමු කරන්න:

මහන්සි වී වැඩ කරනවා නම් තමන් කැමති ඕනෑම ආහරයක් ආහාරයට ගත හැකි බව බොහෝ දෙනා සිතා සිටිනවා.නමුත් මෙය සම්පූර්නයෙන්ම වැරදි මතයක්.
මේ පියවර නිවසේදීම බර අඩු කර ගැනීමට වඩාත් වැදගත්ම පියවරයි.

3.ඔබ ගන්නා ආහාර ගැන සටහනක් තබා ගන්න:

සතියක් තුලදී ඔබ සාමාන්‍යයෙන් ලබා ගන්නා ආහාර වර්ග ගැන වාර්තාවක් ලබා ගන්න.
එමගින් ඔබ ලබා ගන්නා අමතර හා පෝශ්‍යදායී නොවන ආහාර ගැන ඔබටම බලා ගන්න පුලුවන්.
ලැයිස්තුවේ අඩන්ගු ආහාර අතුරින් ඔබේ ඉලක්කයට අවහිර වන ආහාර වලින් වලකින්න.
මෙමගින් ඔබ දිගටම ලබා ගත යුතු ආහාර හා වැලකිය යුතු ආහාර ගැන අවබෝධයක් ලබා ගන්න පුලුවන්.

4.ආහාරයට ගත යුත්තේ මොනවාදයි දැනගන්න:

ඔබ දිනකට ගන්නා බිස්කට් 4 වෙනුවට 2ක් කන්න.තේ වලට එක් කරන සීනි හැන්දක් අඩු කරන්න.
ශීතකරනයේ තිබෙන බදින ලද හා මේද අඩන්ගු ආහාර ඉවත් කරන්න.
ඒ වෙනුවට පෝශ්‍යදායී ආහාර ගබඩා කරන්න.
ආහාර සකසන්නේ කෙසේදයි විශේශයෙන් සොයා බලන්න.තම්බන ලද ,පුලුස්සන ලද,පිසින ලද හෝ බදින ලදදයි  බලන්න.සැකසීමේදී තෙල් භාවිතා කලාදැයි බලන්න.
ඔබ කොහේ ගියත් ඔබේ නව ආහාර රටාව අමතක කරන්න එපා.

5.ආහාර ගන්න ක්‍රමය වෙනස් කරන්න:

සිරුරට දැනෙන්න හොදින් ජලය පානය කරන්න.
එලවලු,පලතුර,තන්තු හා පෝශක අඩන්ගු ආහාර වලින් මුලුතැන්ගෙය පුරවන්න.
ඔබ ගන්න ආහාර වගේම ආහාර ගන්නා වේලාවත් ඉතාමත් වැදගත් වෙනවා.
විශාල ආහාර වේල් කීපයක් වෙනුවට කුඩා ආහාර වේල් වැඩි ගනනක් ලබා ගන්න.
සෑම පැය 2-3කටම වරක් කුඩා ආහාර වේල් ලබා ගන්න.
ආහාර ගැනීමට විශාල පිගානක් වෙනුවට කුඩා පිගානක් යොදා ගන්න.කුඩා පිගානකින් අඩු ආහාර ප්‍රමානයක් ලබා ගත්තත් කුස පිරී තිබෙන බව අගවනවා.
එලවලු ප්‍රධාන ආහාරය ලෙස යොදාගන්න.
සලාද සකසන විට සෝස් හා ඩ්‍රෙසින් එක් කිරීමෙන් වලකින්න.
ස්නැක් ලෙස පිපිඤ්ඤා,කැරට්,සලාද ආදී එලවලු කෑමට ගන්න.
රෑ කෑමෙන් පසු අතුරුපසක් අවශ්‍ය නම් කපන ලද පලතුරු වලට මී පැනි ස්වල්පයක් හා කුරුදු කුඩු ස්වල්පයක් එක් කර කෑමට ගන්න.

6.ආහාරයට ගන්නේ මොනවද?

ඔබ සිරුරේ බර අඩු කිරීමට උත්සාහ කරනවානම්,ඔබ මොනවාද ආහාරයට ගන්නේ කියන එක ඔබ කොතරම් ආහාර ප්‍රමානයක් කනවාද යන්න තරම්ම වැදගත් වෙනවා.

සිරුරේ පරිවෘත්තීය ඉහල නන්වන ආහාර:

මෙම ආහාර වල ප්‍රෝටීන අඩන්ගු වන අතර ප්‍රෝටීන මගින් පරිවෘත්තීය වේගය වැඩි කරනවා.එමගින් අනවශ්‍ය මේදය දහනය සිදු වෙනවා.සිරුරේ පරිවෘත්තීය වේගය අඩු වූ විට මේද දහනය වීම දුර්වල වෙනවා.

1.සෝයා බෝන්චි

සෝයා බෝන්චි ප්‍රෝටීන වලින් පොහොසත් නිසා පරිවෘත්තීය වැඩි කර කැලරි දහනය සිදු කරනවා.

2.ගම්මිරිස්

සියලුම වර්ගයේ ගම්මිරිස් වල අඩන්ගු කැප්සයිසින් මගින් පරිවෘත්තීය වේගය 30%කින් පමන වැඩි කර සිරුරේ බර අඩු කර ගැනීමට තිබෙන අවස්ථාව වැඩි කරනවා.

3.කුලුබඩු

ඔබේ ආහාර වලට නිතර කුලුබඩු එක් කර ගැනීමෙන් පරිවෘත්තීය වේගය වැඩි කරනවා.විශේශයෙන් දිනපතා කුරුදු කුඩු තේ හැන්දක් ඔබේ ආහාරයට එක් කර ගන්න.

4.නැවුම් මාලු

සැමන්,ටූනා හා මැකරල් ආදී මසුන් ඔමෙගා-3 මේද අම්ල වලින් පොහොසත් වෙනවා.එය අමතර කැලරි දහනයට හේතු වෙනවා.

තන්තු අඩන්ගු ආහාර:

තන්තුමය ආහාර බර අඩු කර ගැනීමට ඉතා වැදගත් වෙනවා.එමගිම් ඔබේ උදරය ආහාර වලින් දිගු වෙලාවක් පුරවා තබා අනවශ්‍ය ලෙස ආහාර ලබා ගැනීම අඩු කරනවා.

7.ආහාර වේල් මග හරින්න එපා:

ආහාර වේල් මග හැරීම බොහෝ දෙනා අතින් සිදුවෙන අත්වැරද්දක්.
ඔබට සිරුරේ බර අඩු කර ගනීමට අවශ්ය නම් ආහාර වේල් මග නොහැර ලබා ගනීම ඉතා වැදගත්.
එමගින් ඔබේ සිරුර හාමත් තත්වයට පත් වෙනවා.
එවිට ඔබ ඊලග ආහාර වේලේදී වැඩිපුර ආහාර ගනීමට පෙලඹෙනවා.

8.නිවසේදීම ආහාර සකසාගන්න:

ඔබ බර අඩු කර ගැනීමට වෙහෙසෙනවානම් පිටින් කෑම ගැනීම නතර කර නිවසේදීම ආහාර සකසා ගන්න.

9.දියරමය ආහාර:

ඝන ආහාර වගේම දියර ආහාරත් ඔබේ ශරීරයේ නිරෝගී බවට හේතු වෙනවා.
දිනකට අවශ්ය ජලය සිරුරට ලබාදෙන්න.
අධික කැලරි අඩන්ගු පලතුරු බීම,සිසිල් බීම හා මද්යසාර පානයෙන් වලකින්න.
ලොව වඩාත්ම හොදම පානය පිරිසිදු ජලයයි.
ඔබට අවශ්ය නම් ස්වාභාවික එලවලු හා පලතුරු යොදා ගෙන පානයන් සකසාගන්න.නමුත් එයට සීනි එක් කරන්න එපා.

10.ව්යායාම:

ව්යායාමත් අතිශය වැදගත් වෙනවා.මෙහිදී ව්යායාම ලෙස සලකන්නේ නිවසේ වැඩ කටයුතු නම් නොවේ.
මෙහිදී ඔබට බයිසිකල් පැදීම,නර්තනය,අැවිදීම,පිහිනීම ආදියෙන් කැමත්තක් තෝරා ගත හැකියි.


11.කුඩා ආරම්භයක් ලබා ගන්න:

ඔබ ගන්නා ආහාර,ඔබ සිදු කරන ක්‍රියාකාරකම් ආදිය ඔබේ ඉලක්කයට යාමට පුන්චි පියවරක් ලෙස ඉදිරියට යන්න.
විදුලි සෝපානය වෙනුවට තරප්පු පෙල භාවිතා කරන්න.
කෙටි ගමන් බිමන් යන්නට වාහනයක් නොව දෙපා යොදා ගන්න.
දුරකතන සන්වාදයක යෙදෙන විට අැවිදිමින් කතා කරන්න.
මෙවනි කුඩා දේ මගින් ඔබේ ඉලක්කයට ලගා වීම වඩා පහසු වෙනවා.


12.තොරතුරු සොයා දෙන වීඩියෝ

වර්තමානයේදී නිවසේදීම බර අඩු කර ගැනීමට උපදෙස් සහිත වීඩියෝ වඩාත් ජනප්‍රිය වී තිබෙනවා.ඔබට මේවා අන්තර්ජාලයෙන් පහසුවෙන් සොයාගත හැකියි.
ඔබට මෙහිදී සල්සා, බෝල් රූම් ඩාන්සින්,හිප් හොප්,යෝගා ආදී බොහෝ දේ අතුරින් ඔබ කැමති දෙයක් තෝරා ගත හැකියි.

13.නව ක්‍රීඩාවක යෙදෙන්න:

ඔබ අනිවාර්යයෙන්ම ඔබට අලුත් ක්‍රීඩාවක යෙදීම ආරම්භ කරන්න.
ඔබට නිරත විය හකි බොහෝ ක්‍රීඩා සොයා ගන්න පුලුවන්.
ඔබේ අරමුන සදහා මේ පියවර අතිශය වැදගත් වෙනවා.

14.ඔබේ අරමුන තිබෙන මිතුරන් සමග එක්වන්න:

ඔබට මෙන්ම බර අඩු කරගන්න අවශ්ය මිතුරෙකු සිටිනවානම් ඔබේ අලුත් ජීවන රටාව ගැන කියන්න.
එයට හවුල් කර ගන්න.
එවිට ඔබට ඔබේ අරමුන එපා වුනත් ඔබේ මිතුරා නැවත ඔබව නිවැරදි මාවතට යොමු කරාවි.

15.ඔබ වෙනුවෙන් මෙය කරන්න:

අවසාන හා වඩාත් වැදගත් පියවර මේ සියලු දේ කරන්නේ ඔබේ යහපතටමයි කියලා මතක් කර ගන්න.
ඔබ උත්සාහ කිරීම අත් හැරියොත් එයින් අයහපතක් වෙන්නේ ඔබටමයි.
ලස්සන හැඩකාර සිරුර ඔබව නීරෝගීව තබන බව මතක තබා ගන්න.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.