Header Ads

දත් කැක්කුමට මිනිත්තු 10න් ක්ෂණික සහනය ලබාදෙන විශ්මිත ස්වාහාවික ප්‍රතිකාරය මෙන්න.


දත් කැක්කුමට මිනිත්තු 10න් ක්ෂණික සහනය ලබාදෙන විශ්මිත ස්වාහාවික ප්‍රතිකාරය මෙන්න.




දත් කැක්කුම හේතුවෙන් ඔබට ඇතිවෙන වේදනාව අමුතුවෙන් කිව යුතු නැත’මේ හේතුවෙන් රාත්‍රී නින්දක් නොලැබේ ආහාරයක් ගැනීමට නොහැකිවේ’මේ ආදී තවත් නොයෙකුත් අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ’

දත් කැක්කුමකින් ඔබත් පිඩා විදින්නෙක් නම් හා දන්ත වෛද්‍යවරයෙකු හමුවීමට නොයා නිවසේදීම දත් කැක්කුම සමනය කරගත හැකි විශ්මිත ඖෂධයක් අප සැමගේම නිවෙස්වල ඇත’

මේ සඳහා උපකාරී වන්නේ කරාඹු නැටිය’මෙය ලොව පුරා ප්‍රචලිත වන්නේ ආහාර රස කිරීම සඳහා යොදා ගන්නා වූ කුලුබඩුවක් ලෙසින්ය’නමුත් මෙහි අඩංගු ගුණාත්මක බව හේතුවෙන් ක්ෂණිකව දත් වල ඇතිවෙන වේදනාව නැති කරන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි’

භාවිතා කරන ආකාරය

විදුරුමස් වල ඇතිවෙන වේදනා හා පනුවන් කෑ දත් කැබලි හේතුවෙන් ඇතිවෙන වේදනා හා රාත්‍රී දත් නොමැදීම හේතුවෙන් ආහාර දත් අතර රැදී වේදනා ගෙන දෙයි’මේ සියලුම වේදනාවන්ට ඇති එකම ක්ෂණික ප්‍රතිකාරය වන්නේ කරාඹු නැටිය’

දත් වල වේදනාවක් ඇතිවූ විටෙක එම ස්ථානයෙහි කරාඹු නැට්ටක් තබා හෙමින් හපන්න’එලෙසම මිනිත්තු 15ක් හෝ පැය 1/2ක් තබන්න’ඒ මගින් වේදනාව අඩු වී සම්පුර්ණයෙන්ම නැතිවී යයි’

දරුණු ලෙස දත් කැක්කුමක් ඇතිවේ නම් මේ සඳහා කරාඹු නැටි තෙල් භාවිතා කරන්න’ආයුර්වේද ඖෂධහල් වලින් ඔබට මෙය ලබාගත හැකියි’
මෙහි ඇති විෂබිජනාෂක”වේදනා නාශක ගුණයන් හේතුවෙන් ඉතාම ඉක්මනින් ප්‍රතිපල ලබාගැනීමට ඔබට හැකියාව ලැඛෙනු ඇත’

මිට අමතරව බැක්ටීරියා ක්‍රියාකාරිත්වය හේතුවෙන් ඇතිවෙන මුඛ දුර්ගන්ධය නැති කර නැවුම් සුවදක් මුඛයෙන් වහනය වීමටද කරාඹු නැටි තෙල් උපයෝගී වේ’තවද කරාඹු නැටි සැපීම මගින් ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය වී ජීරණ ක්‍රියාවලිය පහසු කරවයි’


                           අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
                         






 
 

No comments:

Powered by Blogger.