ඔබේ සමේ ස්වභාවයට ගැලපෙන ලෙස කහ යොදාමුහුන ආලේපනයක් සකසා ගන්නා අයුරු මෙන්න
ඔබේ සමේ ස්වභාවයට ගැලපෙන ලෙස කහ යොදාමුහුන ආලේපනයක් සකසා ගන්නා අයුරු මෙන්න
සමේ ස්වභාවයට ගැලපෙන ලෙස මෙම ආලේපන සකසන අයුරු පහත දැක්වේ.
වියලි සමට:
වියලි සමට සෑම විටම තෙතමනය හා පිරිසිදුබව අවශ්‍ය වෙනවා.පහත ආලේපන වියලි සමට අවශ්‍ය තෙතමනය හා දීප්තිමත් බව ලබා දෙනවා.
1.කිරි යොදය,කඩල පිටි සහ කහ
1.කඩල පිටි තේ හැදි 2,සුදු හදුන් කුඩු තේ හැදි 1,කිරි යොදය තේ හැදි 1 හා කහ කුඩු ස්වල්පයක් එකට මිශ්‍ර කරන්න.ඔබේ සම වඩා වියලි නම් ඔලිව් හෝ ආමන්ඩ් තෙල් බිදු කීපයක් එක් කරන්න .
2.සියලූ ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කර සිනිදු තලපයක් ලෙස සකසන්න.
3.මුහුනේ හා ගෙලේ ආලේප කර මිනිත්තු 15ක් තබා උනුසුම් ජලයෙන් සෝදා හරින්න.
2.බිත්තර සුදු මදය හා කහ
1.බිත්තර සුදු මදයට ඔලිව් හෝ ආමන්ඩ් තෙල් බිදු කීපයක් එක් කරන්න.
2.එයට රෝස වතුර තේ හැදි 1/2ක්,ලෙමන් යුශ හා කහ එකතු කරන්න.
3.මුහුන,වැලමිට හා දනහිස් ඇතුලූ සිරුරේ වියලි ස්ථාන වල ආලේප කරන්න.
4.ආලේපය හොදින් වියලූනු පසු උනුසුම් ජලයෙන් සෝදා හරින්න.
තෙල් සහිත සමට:
ස්නේහශ්‍රාවී ග්‍රන්ථී මගින් අධිකව නිපදවන සීබම් හා තෙල් ,තෙල් සහිත සමක් ඇති වීමට හේතු වෙනවා.දිනපතා මුහුන සෝදා පිරිසිදු කිරීම මගින් මුහුනේ අධික තෙල් ස්වභාවය පාලනය කල හැකි වෙනවා.කහ මගින් තෙල් සහිත සමක සීබම් නිපදවීම පාලනය කරනවා.
1.යෝගට් සහ කහ
1.ආලේපය සකසා ගැනීමට යෝගට් තේ හැදි 2ක්,රෝස වතුර හා කහ එකට එක් කරන්න.අවශ නම් සුදු හදුන් කුඩු එක් කරගන්න.
2.සකසා ගත් සිනිදු මිශ්‍රනය මුහුනේ ආලේප කර මිනිත්තු15ක් තබා සීතල වතුරෙන් සෝදා හරින්න.
2.සුදු හදුන් සහ කහ
1.සුදු හදුන් තේ හැදි 2ක් හා කහ කුඩු එකට එක් කරන්න.
2රෝස වතුර එක් කරමින් හොදින් මිශ්‍ර කරන්න.
3.මුහුනේ ආලේප කර මිනිත්තු 15ක් තබා සීතල ජලයෙන් සෝදා හරින්න.
සන්වේදී සමට:
සන්වේදී සමට බොහෝ රූපලාවන්‍ය නිශ්පාදන ගැලපෙන්නේ නැහැ.ඒවා භාවිතයේදී සම රතු පැැහයට හැරීම,දැවිල්ල ආදී ලක්ශන ඇති වෙනවා.කහ සහ කෝමාරිකා සමේ දැවිල්ල අඩු කර සහනය ලබා දෙනවා.
1.කෝමාරිකා සහ කහ
1.යෝගට් තේ හැදි 1ක්,කෝමාරිකා තේ හැදි 1/2ක් හා කහ කුඩු එකට එක් කරන්න.
2.සිනිදු තලපයක් සෑදෙන ලෙස හොදින් මිශ්‍ර කරන්න.
3.මුහුනේ ආලේප කර මිනිත්තු 20ක් තබා සීතල වතුරෙන් සෝදා හරින්න.
පැහැපත් සමකට
කහ මගින් ලප කැලැල්,පිග්මන්ටේශන්,කලූ ලප හා හිරු එලියෙන් සම මත ඇතිවන පැල්ලම් ඉවත් කරනවා.එමෙන්ම සමේ ඇතිවන සියුම් රේඛා හා රැලි වටීම්ද නැති කරනවා.එය සතු විශබීජ නාශක ගුනය නිසා පිලිස්සීම් සදහාද සුදුසුයි.
1.ලෙමන් සහ කහ
1.කඩල පිටි,ලෙමන් යුශ හා කහ කුඩු හොදින් මිශ්‍ර කරන්න.
2.මුහුනේ ආලේප කර මිනිත්තු 10ක් තබා උනුසුම් ජලයෙන් සෝදන්න.
මෙහි සදහන් ආලේපන වඩා පහසුවෙන් නිවසේදීම සකසා ගන්න පුලූවන්.නමුත් සෑම විටම කහ කුඩු ස්වල්පයක් ආලේපන සැකසීමට යොදා ගන්න.කහ අධිකව එක් කිරීමෙන් සම මත පැල්ලම් ඇති වීම සිදු විය හැකියි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments: