Header Ads

ලිංගික එක්වීමකින් පසුව දරුවකු පිළිසිඳ ගන්න හැටි මෙන්න දන්නේ නැත්තම් අදම මේ ගැන දැනගන්න.


ලිංගික එක්වීමකින් පසුව දරුවකු පිළිසිඳ ගන්න හැටි මෙන්න දන්නේ නැත්තම් අදම මේ ගැන දැනගන්න.
 


ලෝකයේ පැවැත්ම සඳහා ජීවින්ගේ බිහිවීම අනිවාර්ය සාධකයකි. ජීවියෙකුගේ බිහිවීම හරිම අපුරු සිදුවීමකි. ලොව විශ්මිතම සත්වයා වන්නේ මිනිසාය. මිනිසා බිහිවීම සඳහා ආදරය,



 සෙනෙහස බෙහෙවින්ම ඉවහල් වෙයි. ස්ත්‍රීයක හා පිරිමියෙකු අතර ඇතිවන බැදීම හරහා ඔවුන්ගේ ලිංගික එක්වීමකින් මේ පුදුම සහගත මිනිස් සත්වයා බිහි වන්නේය.

බොහෝදෙනෙකු මෙය ප්‍රසිද්ධියේ කථා කිරීමට මැලිකමක් මෙන්ම ලැජ්ජා සහගත බවක්ද දක්වයි.

ජීවියෙකු හට ගැනීමට බලපාන හේතු මෙන්ම කලලයේ වැඩීම සිදුවන ආකාරය පිළිබඳවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආරියසේන යූ ගමගේ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

ඒක සෛලික බැක්ටීරියාවේ සිට දැවැන්ත තල්මසා දක්වා පැතිර යන ජෛව ලෝකයේ සතුන් තම වර්ගයා බෝ කිරීම සඳහා ප්‍රජනන ක්‍රියාවලියේ යෙදෙනවා. මිනිසාද තම වර්ගයා වර්ධනය කර ගැනීම සඳහා ප්‍රජනන ක්‍රියාවලියේ යෙදෙනවා.

වෘෂණ කෝෂයක් තුළ නිර්මාණය වන ශුක්‍රාණුවක පිරිමියාගේ ගති ලක්ෂණ සහිත වර්ණ දේහ 46 න් භාගයක් නැතහොත් 23 ක් වෙනවා.

ගැහැණියකගේ ඩිම්බකෝෂ තුළ හටගන්නා ඩිම්බයක් තුළද ඇයගේ ගති ලක්ෂණ සහිත වර්ණ දේහ 46 න් භාගයක් හෙවත් 23 ක් වෙනවා. මෙම වර්ණ දේහයන්ගේ එකතුවකින් මවගේ සහ පියාගේ පරපුරේ ගති ලක්ෂණ සහිත සජීවි දරුවෙකු බිහිවීම සිදුවෙනවා.

මවු කුසෙන් බිහිවීමෙන් පසු දරුවා තරුණ වියට එළඹෙත්ම ජීවිතයේ විවිධ කඩඉම් පසු කරනවා. මේ කඩඉම්වලදී දරුවාගේ ලිංගික ජීවිතයේත් විවිධ වෙනස්කම් සිදු වෙනවා.

තරුණවියට එළඹෙත්ම ලිංගික සක්‍රීයතා පෙන්නුම් කිරීමෙන් ඇය හෝ ඔහු දරුවන් ලැබීමට සුදුසු බවට ඉඟි පළ කෙරෙනවා. මෙහිදී පිරිමි දරුවාත් ගැහැණු දරුවාත් තම වර්ගයා බෝ කිරීම සඳහා ප්‍රජනන ක්‍රියාවලියට අනුගත වෙනවා.

පිරිමි දරුවෙකු සහ ගැහැණු දරුවෙකු ලිංගිකව එක්වීමෙන් පසු ඇතිවන ප්‍රතිඵලය ලෙස දරුවෙකු බිහිවීම සිදු වූවත් එහි විද්‍යාත්මක කතාන්තරය ඉතා රසවත් එකක් වෙනවා.

පිරිමියාගේ වෘෂණ කෝෂ තුළ නිපදවන ශුක්‍රාණු, ශිෂ්ණය මඟින් කාන්තාවකගේ යෝනි මාර්ගය තුළට කෝටි ගණනින් මුදාහැරීම කෙරෙනවා. ගර්භාෂ ගෙලෙහි මැද පිහිටි කුඩා සිදුර හරහා ගර්භාෂය තුළට ඇතුල්වන ශුක්‍රාණු, එහි ඉහළ කෙළවර දෙපැත්තේ ඇති පැලෝපීය නාල දිගේ ගමන් කෙරෙනවා. මෙසේ ගමන් කරන ශුක්‍රාණු කාන්තාවගේ ඩිම්බ කෝෂයකින් පිටවන එක් ඩිම්බයක් සමඟ සංසේචනය වීමෙන් පසු එය යුක්තානුවක් බවට පත් වෙනවා.

මෙය නව ජීවියෙකුගේ ආරම්භය ලෙස වෛද්‍ය විද්‍යාත්මක පිළිගැනීමයි. මෙලෙස ඇති වූ නව ජීවී සෛලය හෙවත් යුක්තානුව නැවත බෙදෙමින් පෙරලෙමින් පැමිණ ගර්භාෂයට ඇතුල්වෙනවා. එය දින 280 ක් (සති 40 ක් හෝ මාස 10 ක්) පුරා මවගේ පෝෂණය ලබමින් වර්ධනය වීම සිදුවෙනවා.

මෙම යුක්තානුව මින් පසු කලලය බවට පත්වෙනවා. කලලයෙන් ලිංගේන්ද්‍රියන් මතුවීම සඳහා සති කිහිපයක් ගත වෙනවා.

පළමුවෙන්ම පිරිමි සහ ගැහැණු ලිංගේන්ද්‍රියන් වෙන්කොට හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කලලයට සති 10 -12 ක් පමණ වනවිට ගැහැණු පිරිමි බව හඳුනාගත හැකියි. උපතේදී පිරිමි දරුවා ඔහුගේ ශිෂ්ණය මඟින්ද ගැහැණු දරුවා ඇයගේ ස්තී‍්‍ර ලිංගික ප්‍රදේශය අනුවද හඳුනාගත හැකියි.

කෙසේ වූවත් දරුවාගේ ලිංගේන්ද්‍රියන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම්  කරන්නේ ඉපදී කලක් ගතවීමෙන් පසුවයි. එම කාලය දරුවාගේ නව යොවුන් විය ලෙස හැඳින්වෙනවා.

යොවුන් වියේදී පිරිමි දරුවාගේ වෘෂණ තුළ ශුක්‍රාණු මෙන්ම ලිංගික හෝමෝනද නිපද වෙනවා. මේ නිසා ද්වීතීයික ලිංගික ලක්ෂන වන මුහුණේ රැවුල වැවීම, ලිංගික ප්‍රදේශ සහ කිහිලිවල කෙස් වැවීම, ශිෂ්ණය සහ වෘෂණ කෝෂ විශාලවීම මෙන්ම ශීඝ්‍ර ශාරීරික වර්ධනයද සිදුවෙනවා.

ගැහැණු දරුවෙකුගේ නව යොවුන් සමයේදී ඩිම්බ කෝෂ මඟින් ඩිම්බ මෝචනය ආරම්භ වෙනවා. මේ නිසා ඇතිවන ලිංගික හෝමෝන හේතුවෙන් ඇයගේ පියයුරු වර්ධනය, ලිංගික ප්‍රදේශවල සහ කිහිලිවල කෙස් වැඩීම, ඔසප් චක්‍රය ඇතිවීම සහ සිරුර ශීඝ්‍ර ලෙස වැඩීම සිදුවෙනවා.

මේ ලක්ෂණ පහළ වීමෙන් පසු ගැහැණු සහ පිරිමි අතර ලිංගික කටයුතු සිදුවන අතර එය තම වර්ගයා බෝ කිරීමත් ලිංගික තෘප්තිය මුල් කරගෙනත් සිදු වෙනවා. තෘප්තිමත් ලිංගික ජීවිතයක් සඳහා ඔහුට සහ ඇයට ප්‍රධාන වශයෙන් උදව් වෙන්නේ බාහිර ලිංගේන්ද්‍රියන්ට සැපයී ඇති සංවේදී ස්නායු ජාලයයි. මෙම ස්නායු ජාලය කෙළින්ම මොළය සමඟ සම්බන්ධ වෙනවා. මේ නිසා ලිංගික තෘප්තියේදී මූලිකවන ලිංගේන්ද්‍රිය වන්නේ මොළයයි.

ලිංගික ක්‍රියාවලිය හොඳින් සිදුවීමට ලිංගේන්ද්‍රියන් තුළට හොඳින් රුධිරය ගලායාම සිදුවිය යුතුයි. එමෙන්ම සිරුරේ අන්තරා සර්ග පද්ධතිය මඟින් නිපදවෙන හෝමෝන වර්ගද මනා සේ ක්‍රියාකළ යුතුයි.

ලිංගික ගැටලු ඇතිවන්නේ මේ පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ අඩුපාඩු ඇතිවිටයි.

දුමින්ද සම්පත්




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

No comments:

Powered by Blogger.