Header Ads

අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන මේ ගුණ අනිවාරයෙන්ම හැමෝම දැනගන්න.


අපි ආහාරයට ගන්න එක එක පළා වර්ග වල තියෙන
මේ ගුණ අනිවාරයෙන්ම හැමෝම දැනගන්න.

 

01. ඇඹුල් ඇඹිලිය

ඖෂධ වහයෙන් හා ආහාර වශයෙන් ගනු ලබයි. උෂ්ණය, රුචිය ඇති කරයි, දිරවීම පහසු කරයි, ග්‍රහණි අර්ශස් නසයි, අතීසාර සුව කරයි,  විස නසයි

02. පෙති තෝර

ඖෂධ වශයෙන් හා ආහාර වහයෙන් දිරැවීම පහසුය. වා, පිත්, සෙම්, සමනය කරයි.පණු රෝග නසයි, ඇදුම හික්කා සුව කරයි.

03. කූරතම්පළා

දරැවීම සැහැල්ලුයි. සෙම වඩයි. දැවිලි වාත රක්ත සුව කරයි. ඔසප් දෝෂ, උන්මාද රෝග ගුණ කරයි, ආහාර වශයෙන් හා ඖෂධ වශයෙන් ගනු ලබයි.

04. වැල්පෙනෙල

ඖෂධ ගුණයෙන්  අනූන කුඩා පැළෑටි වර්ගයකි. ආහාර හොදින් දිරවීම කරයි. ඉදිමුම් අර්ශස් අණ්ඩ වෘද්ධි ගුණ කරයි. ශුක්‍ර හීනත්වයෙන් ආති වන බෙලහීනතා ැති කරයි. අත් පා වෙවිලීම, සන්ධි රුජා සුව කරයි.

05. හාතාවාරිය

ඖෂධ වශයෙන් හා ආ‍හාර වශයෙන් ගනු ලබයි.උෂ්ණයි; රුච්ය ඇති කරයි; දිරවීම පහසුයි; ග්‍රහණි අර්ශස් නසයි; අතීසාර සුව කරයි.විෂ නසයි;

06. වලාවැන්න

දිය සහිත තැන්වල ළිං පතස් ආදියෙහි වැවෙන මීමන ගණයෙහි වැටෙන කුඩ‍ා පැළෑටි වෙසෙසෙකි. වර්ග කිහිපයක් ඇතැත් ලොකු කොළ ඇති වර්ගය වඩා ගුණයෙන් යුතු වෙයි.ශිතලයි; දිරවීම බරයි; දාහ අතීසාර, ලේ දොස් විෂ නැති කරයි.අපස්මාර සුව කරයි.

07. මුගුණුවැන්න

ඕනෑම තැනෙක පහසුවෙන් වැවෙයි, ශීතලයි, කුස ගිනි වඩයි. තන කිරි වඩයි. ඇස් රෝග නසයි; ඇඳුම, සෙම් රෝග සුව කරයි, ආහාර වේලෙහි අඩුව මකන ගුණදායී පළා වෙසෙසෙකි.

08. සාරන

 ඉතා හොඳ මුත්‍ර කාරක හා බල කාරක ගුණ ඇති පැළෑටියෙකි. මඳක් උෂ්ණයි, ගර්භාෂයේ හා ඩිම්බ කෝෂවල ආබාධ ඇති ස්ත්‍රීනට ගුණදායකයි, ඉදිමුම්, පාණ්ඩු, හෘද රෝග නසයි. කැස්ස සුව කරයි, උණ බැසීමට උපකාරී වේ.ඉදිමුම නසයි, ශ‍රීරයේ විෂ පහ කරයි.

09. කංකුං

සීතලයි; වා; සෙම්; දෙක වඩයි; මල බුරුල් කරයි. මූත්‍ර ශෝධනය කරයි; දිර වීමට මඳක් අපහසුයි, තන කිරි හා ශුක්‍ර වඩයි, පහසුවෙන් ලාබයට ලබාගත හැකි පළා වෙසෙසෙකි.

10. ගොටුකොළ

කුඩා වටකුරු කොළ ඇති වර්ගය හා මඳක් ලොකු කොළ ඇති වර්ගය වශයෙන් වර්ග දෙකෙකි.ඖෂධ සඳහා ද, ආහාරය සඳහා ද ගනු ලබයි.ශිතලයි, කුෂ්ඨ, ප්‍ර‍මේහ පාණ්ඩු සුව කරයි, උණ ඉදිමුම් නැති කරයි.

11. ලුණුවිල

 ලුණුවිල දිය සීරාව ඇති කොතැනෙක හෝ පහසුවෙන් වැවෙයි, ශීතලයි, විරේචනයි, නැණ නුවණ වඩයි, කුෂ්ඨ, පාණ්ඩු, ප්‍රමේහ, ලේ දොස්, උණ නැති කරයි; මධුරයි; කසටයි,ආයු වඩයි.

12. ගැට තුඹ

ආහාර වශයෙන් හා ඖෂධ වශයෙන් ගන්නා කුඩා පැළෑටියෙකි. සෙංගමාලය, ජලෝදර, පිලාවේ ආබාධ, ලේ විෂ වීම ආදීය සුව කරයි. පණු රෝග නසයි. මුත්‍ර ශුද්ධ කරයි, ලේ කැටි කරයි.

13. කරිවිල

ආහාර පිණිස වැඩි වශයෙන් යොදා ගනිතත් ඖෂධීය වශයෙන් කරිවිල තුඹ කරිවිල යන දෙ වර්ග‍යේම ඇත්තේ ප්‍රබල ගුණයෙකි. කුළු තිත්ත රසයෙන් යුතුයි. කුෂ්ඨ රෝග නසයි, සෙම්, පහ කරයිතන කිරි වඩයි, කුසගිනි දල්වයි, ලේ දොස් නසයි.

14. කුප්පමේනියා

ව්‍යංජන හෝ මැල්ලුම් වශයෙන් ආහාරයට ගනු ලබයි.කොළ කැඳ වශයෙන් ද සාදා ගැනෙයි, වාතය සහ සෙම නසයි, ඇදුමට විශේෂ ගුණ දෙන කොළ වර්ගයෙකි.මල බුරුල් කරයි, පණු රෝග , කැස්ස , අර්ශස්, හමේ රෝග , සන්ධි ඉදිමුම යන රෝග වලට ගුණ දෙයි.

15. කතුරු මුරුංගා

පෝෂ්‍යදායී ගුණ ඇති පළා අතුරින් ප්‍රධාන තැනක් ගනී.සෙම්, පිත් නසයි, කුස ගිනි වඩයි, බල කාරකයි.මල  බද්දය නසයිත ඇස් පෙනුම දියුණු කරයි. නිතර ඇතිවන ප්‍රතිශ්‍යාව , පීනස, ආදී සෙම් රෝග සදහාද සෙංගමාල, තොල කට වන වීම, වියලි කැස්ස ආදියටද ගුණයි.

16. කතුරු මුරුංගා මල්

සීතලයී, ස්ත්‍රීන්ගේ ඇඟ උණු කරවා යෑමට ඉතා ගුණ ඖෂධීය ආහාරයෙකි.බුද්ධිය වඩයි, සිරුර බල වඩයි, දැවිල්ල , රත්පිත් දෝෂ සමනය කරයි, සන්ධි ඉදිමුමට කතුරු මුරුංගා කොළ සහ මල් කළු අත්තන මුල් උණු දියෙන් අඹරා දවසකට වරක් ගාන්න.
 


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




 

No comments:

Powered by Blogger.