Header Ads

ඔබේ කටේ තිබෙන ඥාණ දත් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.මේ දත් ගැන ඔබ අනිවා දැනගන්න .ඔබට ගොඩක් වටිනවා


ඔබේ කටේ තිබෙන ඥාණ දත් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න
මේ දත් ගැන ඔබ අනිවා දැනගන්න ඔබට ගොඩක් වටිනවා. 


ඥාණ දත් කියන්නෙ මොනවද? ඥාණ දත් කියන්නේ හනු වල කෙළවරේම එන දත් වලට. සාමාන්‍යයෙන් මේ දත් හතරක් තියෙනවා. උඩ හනුවේ හා යට හනුවේ 2 බැගින්. මේ දත් එන්නේ වයස 18-24 අතර කාලයේ. ඉතින් මේ දත පසු කාලීනව එන නිසා විව්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.


මේ දත් අස්ථිය හෝ විදුරුමස් තුළ ගිලී පවතින්න පුළුවන්. අවුරුදු 24 ට පස්සෙ තාමත් මේ දත් ඇවිත් නැත්තම් ගොඩක් වෙලාවට මේ හේතුව නිසා වෙන්න පුළුවන්.
දත් පැත්තකට ඇද වෙලා එන්න පුළුවන්. මේ නිසා ඒ දත අනෙක් දත් වලට තද වීමෙන් ඒ අනෙක් දත් වලට විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
ඒ දත් හනුවේ කෙළවර පිහිටා තිබීම නිසා පිරිසිදු කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දත් පහසුවෙන් නරක් වීමට පුළුවන්.
එ වගේම පිරිසිදු කිරීම අපහසු නිසා ඒ අවට විදුරුමස් නිතර ආසාදනය වෙන්න පුළුවන්. මේ නිසා දැඩි වේදනාවක් හටගන්නවා.
විදුරුමස් ආසාදිත තත්වයට පත්වුණ දතක් තමයි මේ රූපයෙන් දැක්වෙන්නෙ.

මේ වගේ අපහසුතා ඇතිවීම නිසා මේ දත ගලවා ඉවත් කරන්න වෙනවා. අස්ථිය තුල ගිලී ඇති නිසා මෙය සාමාන්‍ය විදියට ගලවා ඉවත් කරන්න බැහැ. ඒ සඳහා සුළු ශල්‍යකර්මයක් කළ යුතුයි. එම දත ආසන්නයේ කුඩා කැපුමක් දමා දත වටේ ඇති අස්ථිය ඉවත් කිරීමෙන් ඒ දත ගලවා ඉවත් කරන්න පුළුවන්.

එක් දතක් පමණක් මේ විදියට ඉවත් කරනවා නම් හිරි වට්ටල කරන්න පුළුවන්. ඒත් දත් 4ම මේ විදියට ගලවා ඉවත් කරනවා නම් බොහෝවිට සිහි නැති කරලා තමයි කරන්නෙ.

මෙම ශල්‍යකර්මයට පෙර එක්ස් රේ පරීක්ෂණයක් කිරීම අනිවාර්යයි. යටි හනුවේ මෙම දතට ආසන්නයෙන් ස්නායුවක් ගමන් කරනවා. එම නිසා ඒ ස්නායුව දතට කොපමණ ළඟින් පිහිටා තිබෙනවාදැයි දැනගන්න එක්ස් රේ පරීක්ෂණය ඉතාම වැදගත්.

ශල්‍යකර්මයට පෙර ඔබ ඔබේ වෛද්‍යවරයාට ඔබට ඇති රෝගි තත්ව, ඔබ ලබාගන්නා බෙහෙත්, ඔබට ඇති ආසාත්මිකතා (allergies) දන්වා සිටීම වැදගත් වෙනවා.

මෙම ශල්‍යකර්මය සඳහා සාමාන්‍යයෙන් විනාඩි 30-45ක් තමයි ගත වෙන්නේ. මෙය ඉතා සුළු ශල්‍යකර්මයක් වුණාට සමහර සංකූලතා ඇති වෙන්න පුළුවන්. එම් සංකූලතා ගැන වගේම ශල්‍යකර්මයෙන් පසු කල යුතු දේවල් ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි 


No comments:

Powered by Blogger.