Header Ads

මේ ස්වාභාවික ජෙල් එක ගෑවම පැහැපත් දිදුළන සමක් ලබා ගන්න පුළුවන් ආයේ කවදාවත් කඩෙන් මිල අධික කෘතීම දේවල් ගන්න එපා.


මේ ස්වාභාවික ජෙල් එක ගෑවම පැහැපත් දිදුළන සමක් ලබා ගන්න පුළුවන් ආයේ කවදාවත් කඩෙන් මිල අධික කෘතීම දේවල් ගන්න එපා.


 

නීරෝගී පැහැපත් දිදුලන සමක් ලබා ගැනීම සඳහා අපේ කාන්තාවන් බොහෝමයක් දෙනා අද වෙළඳපොලේ තිබෙන එක එක මාදිලියේ ආලේපන භාවිතයට හුරු වෙලා තිබෙනවා. ඉතින් මේ ඔබ භාවිතා කරන ආලේපන අතර වැඩි වශයෙන් තිබෙන්නෙ කෝමාරිකා ශාක සාරය අඩංගු ආලේපන කිව්වොත් මම නිවැරදියි. ඉතින් මේ වෙළෙඳ පොලෙන් ඔබ ලබා ගන්නා ආලේපන වලට යම් යම් රසායනික ද්‍රව්‍යද එක් කර ඇති නිසා ඒවා කෙතරම් දුරකට සෞඛ්‍ය සම්පන්නද යන්න ගැන අපිට ලොකු දැනීමක් නෑ. නමුත් වාසනාවකට වගේ මේ කෝමාරිකා ජෙල් ආලේපනය අපගේ නිවසේදිම සාදා ගැනීමට පුලූවන්. අප ඔබට කියන්න යන්නේ Alovera Gel නිවසේදිම සාදා ගන්නා ආකාරය පිළිබඳවයි

Alovera නම් වූ විද්‍යාත්මක නාමයෙන් හදුන් වන කෝමාරිකා ශාකය කුඩා පැළෑටියක් ලෙසට හැදී වැඩෙන අතර මෙය ඕනෑම රෝගයක් ආසාදනයක් සුව කිරීමට හැකි දිව්‍ය ඔසුවක් ලෙස හදුන්වන්න පුළුවන්. ඉතින් මේ කෝමාරිකා ශාකය යොදා ගනිමින් ඔබ අප නිතර අපේ ශරීරයේ ගැල්වීමට යොදා ගන්නා කෝමාරිකා ජෙල් එන නැතිනම් Alovera Gel එක සාදා ගන්නේ කෙසේදැයි අප බලමු

100%ක් ස්වාභාවික පෝෂ්‍යපදාර්ථ පිරි කෝමාරිකා ජෙල් සම සුරැකුම් ආලේපනයක්. නිවසේදිම සොයා ගන්නා අමු ද්‍රව්‍ය යොදා ගනිමින් ඔබට තනිවම පවා සාදා ගත හැකි මෙම කෝමාරිකා ජෙල් ආලේපනය සාදා ගැනීම සදහා අවශ්‍ය අනෙකුත් අමු ද්‍රව්‍ය මොනවාද යන්න අපි දැන් බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

හොදින් මඳ සූරා ගත් නැවුම් කෝමාරිකා කෝප්ප 1/4ක්
ලෙමන් යුෂ තේ හැදි 1/8 ක්
විටමින් E  තේ හැදි 1/4 ක්
පොල් තෙල් තේ හැදි 01 ක්
සාදාගන්නා ආකාරය

හොදින් සූරා ගත් කෝමාරිකා මඳ පිරිසිදු භාජනයකට දමා අතින් හොදින් පොඩි කර ගන්න.

පසුව එම කෝමාරිකා ද්‍රාවණයට ඉහත සඳහන් කල සියලූ ද්‍රව්‍ය එක් කොට එම ද්‍රාවණය සමජාතීය වන ලෙස හොදින් බ්ලෙන්ඩර් කර පිරිසිදු වීදුරු භාජනයකට එය දමා එම ද්‍රාවණය මිදෙන තුරු හොදින් වසා තබන්න.

මෙම ද්‍රාවණය අවම ලෙස මාසක් ගත වන තුරු ශීතකරණයේ තබා ගනිමින් භාවිතා කිරීමට ඔබට හැකිය

ශරීරයේ දැවිල්ල, ආසාදන තත්වයන්, පිලිස්සීමේ කැලැල් වැනි ඔබේ සමේ ඇති වුන ආසාදන තත්වයන් සඳහා මෙම කෝමාරිකා ජෙල් ඔබට භාවිතා කර හැකිය. බලපෑම් ඇති වුන ශරීර ප්‍රදේශ තුල මෙම කෝමාරිකා ජෙල් ආලේප කිරීම මගින් ඔබට සහනයක් ලබා ගැනීමට හැකිය.

එහෙනම් ආයෙමත් කඩෙන් ලොකු ගණන් දීලා එක එක කෘතීම සම සුරැකුම් රුපලාවන්‍ය ක්‍රීම් ගන්න එපා. මේ වගේ ස්වාභාවික දේවල් හැම අතින්ම ඔබේ සෞඛ්‍යට හිතකර බව මතක තබා ගන්න. මින් සමට ලැබෙන පෝෂණ ගුණයත් කෘතීම දේවල් වලට වඩා පැහැදිළිවම වැඩියි. ඔබට ජය



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.