Header Ads

පොල් තෙල් වලින් කරන්න පුළුවන් මේ විශ්මිත දේවල් ගැන ඔබ දන්නවානම් හැමදාම මේවා ඔබ නොවරදවාම කරයි.


පොල් තෙල් වලින් කරන්න පුළුවන් මේ විශ්මිත දේවල් ගැන ඔබ දන්නවානම් හැමදාම මේවා ඔබ නොවරදවාම කරයි.


ඉවුම් පිහුම් වලට, හිසේ ආලේප කිරීම වගේම ගොඩක් වැඩ වලදී පාවිච්චි වන දෙයක් තමයි පොල් තෙල් කියන්නේ. අපේ අයට නම් පොල් තෙල් සපත්තු පොලිෂ් කරන්න, කොහොල්ලෑ ඉවත් කරගන්න, හිරිවුණු මුද්දක් ඇගිල්ලෙන් ගලවා ගන්න, සරනේරු වගේ දේවල් වල හිර ගතිය නැති කර ගන්න පොල් තෙල් පාවිච්චි කරලා හොදට පුරුදුයි. ඒත් ඊට වඩා ගොඩක් අමුතුම දේවල් පොල් තෙල් වලින් කරන්න පුළුවන් කියලා මේ ටික දැක්කම ඔයාලට හිතෙයි.

ස්භාවක සම්බාහන තෙල් වර්ගයක් ලෙස

පිරිසිදු පොල්තෙල් කොප්පයකට ලැවැන්ඩර්, මින්ට්,ලෙමන් වැනි සුවද තෙල් වර්ගයකින් බිංදු කීපයක් එක් කිරීමෙන් සදාගන්නා තෙල් සම්බාහනයට ඉතා හොද තෙල් වර්ගයක් වගේම වියලි සමට හොද ප්‍රතිකාරයක්

කරදරකාර  සතුන් පලවා හැරීමට


පොල් තෙල් කොප්ප භාගයකට tea tree තෙල් බිංදු කීපයක් එක්කර  ඉසීමෙන් කරදරකාර කෘමි සතුන් පලවා හරන්න පුළුවන්. ඒ වගේම එය සමේ ආලේප කිරීමෙන් සමේ මෘදු බව හා සිසුනිදු බව රැකගන්න පුළුවන්

කනේ ඇති කලාදුරුඉවත් කිරීමට



පිරිසිදු පොල් තෙල් බිංදුවක් කන තුලට දැමීමෙන් කන ඇතුලත ඇති කලාදුරු ඉවත් කිරීම ඉතා පහසු වෙනවා. කලාදුරු ඉවත් කල පසු කනේ තෙල් ස්වභාවය ඉවත් කර  නැවතත් වියලි තත්වයට පත් කිරීමට වගබලා ගත යුතුයි.

ස්වභාවික ආලේපනයක් ලෙස

පිරිසිදු පොල් තෙල් කොප්පයකට ආමන්ඩ් තෙල් තේ හැදි දෙකක් මිශ්‍රකිරීමෙන් ස්වභාවිකවම  සමේ තෙතමනය සුරකින ආලේපනයක් සදාගන්න පුළුවන්. මේ ආලේපනය සුවදවත් කිරීමට ඔබ කැමති සුවද තෙල් වර්ගයක් එක් කරගන්න

ෂේවින් ක්‍රිම් එකක් ලෙස


පොල් තෙල් ෂේවින් ක්‍රිම් එකක් ලෙස යොදා ගන්න පුළුවන්. සංවේදී සමක් ඇති අයට මෙය ඉතා යෝග්‍යයි.  පොල් තෙල් වල ඇති තෙතමනය නිසා රෝම ඉවත් කිරීම පහසුවෙනවා.

සමේ ඇති පැල්ලම් ඉවත් කිරීමට සදහා

ගර්භනී භාවය, සිරුරේ බර අඩු වීම වැනි දේවල් නිසා ඇති වන දිගු පැල්ලම් ඉවත් කරන්න පොල් තෙල් වලට පුළුවන්. එවැනි පැල්ලම් ඇති තැන්වල පොල් තෙල් දමා ඇතිල්ලීමෙන් ඒවා කෙමෙන් අඩුකර ගන්න වගේම එවැනි පැල්ලම් වලින් ඇති වන අවලස්සන නැති කරගන්න පුළුවන්

තොල් ආලේපනයක් ලෙස


වියලි ගිය තොල් වල පිරිසිදු පොල් තෙල් ආලේප කිරීමෙන් පොල් තෙල් වල ඇති සංඝටක තොල් වලට උරා ගැනිම නිසා තොල් වල තෙතමනය රැක දී වියළි බව නැති කරයි.

ස්වභාවික ඩියෝඩ්න්ට් එකක් සාදා ගැනිමට


බේකින් සෝඩා, හුළංකීරය පිටි (arrowroot powder) හා ඉරිගු පිටි සමග පොල් තෙල් ස්වල්පයක් මිශ්‍රකිරීමෙන් ස්වභාවික ඩියෝඩ්‍රන්ට් එකක් සාදා ගන්න පුළුවන්. මෙය වෙළදපලෙන් මිල දී ගන්නා ඩියෝඩ්‍රන්ට් එකක් හා සමානව ශරීරයේ නැවුම්බව ආරක්ෂා කිරීමට සමත්.

අමාශයේ දැවිල්ල නිසා ඇතිවන වේදනාව නැති කිරීමට

අමාශයේ අම්ල ගතිය වැඩිවීම නිසා පපු ප්‍රදේශයේ ඇතිවන වේදනාව දුරු කිරීමට පොල් තෙල් ආලේප කිරීමෙන් හැකිවෙනවා.

ස්වභාවික දන්තාලේපයක් ලෙස


බේකින් සෝඩා සමග පොල් තෙල් මිශ්‍ර කිරීමෙන් දන්තාලේපයක් සදා ගන්න පුළුවන්. එය මුඛයේ ඇති විෂබීජ වලට එරෙහිව ඉතා හොදින් ක්‍රියාකරයි.

මුඛ සෝදනයක් ලෙස
පොල් තෙල් මුඛය පිරිසිදු කිරීම සදහා මුඛ සෝදනයක් ලෙස යොදා ගන්න පුළුවන්. නමුත් මුලින්ම පොල් තෙල් රත්කර ඝනත්වය අඩුකර ගත යුතුයි. ඉන්පසු අඩුම වශයෙන්  විනාඩි 10ක් පමණ එයින් හොදින් මුඛය සේදිය යුතුයි.

නාසයෙන් ලේ ගැලීම පාලනය කිරීමට

ඔබේ නාසයෙන් ලේ ගලන විට නාස් පුඩු මත පොල් තෙල් ස්වල්පයක් ආලේපකර තෙත මාත්තු කිරීමෙන් ලේ ගැලීම පාලනය කරන්න පුළුවන්

විළුඹ පැලීම වැලැක්වීමට



විළුඹේ ඇති වන පැලුම් සුව කරගන්න පොල් තෙල් යොදා ගන්න පුළුවන්. විළුඹේ ඇති පැලුණු සහ ඉදිමුණු තැන් ඉක්මනින් සුව කිරීමේ හැකයාව පොල් තෙල්වලට තිබෙනවා.

පණුකැවිලි ඉවත් කිරීමට
දිලීරයක් නිසා සමේ ඇතිවන පණුකැවිලි ඉවත් කරන්න පොල් තෙල්වලට දිලීර ප්‍රතිරෝධී ගුණයට හැකියාව තිබෙනවා.

කෝපි වලට එක්කර පානය කරීමට


කිරි  වෙනුවට කෝපි වලට පිරිසිදු පොල් තෙල් එක්කර පානය කරන්න පුළුවන්. මේස හැන්දක් පමණ පොල් තෙල් කෝපි කෝපයක් සමග පානය කර බලන්න.ඔබේ අවශ්‍යතාවය අනුව එක් කරන පොල් තෙල් ප්‍රමණය වෙනස්කර ගන්න

දත්වල ඇතිවන වේදනාව දුරු කිරීමට

කරාබු නැටි තෙල් සමග පොල් තෙල් මිශ්‍ර කර එය පුළුන් කැබැල්ලකින් වේදනාව සහිත දතේ ආලේප කිරිමෙන් වේදනාව ඉක්මනින් දුරු කරගන්න පුළුවන්

Makeup ඉවත් කිරීමට



පොල් තෙල් පුළුන් කෑල්ලකට ගෙන මුහුණේ Makeup කල තැන්වල  ආලේප කර උණු වතුරෙන් සේදීමෙන් මුහුණේ ඇති අපද්‍රව්‍ය ඉතා පහසුවෙන් ඉවත් කර ගන්න පුළුවන්. Makeup කිරීමට ප්‍රථම පොල් තෙල් ස්වල්පයක් සමේ ආලේප කිරීමෙන් දවස Makeup  එක පුරා පවත්වා ගන්න පුළුවන්

නියපොතු අසල සම ගැලවිම වලක්වා ගැනිමට

නියපොතු අසල සම ගැලවීම වලක්වා ගැනිම සදහා පොල් තෙල් අලේපකරිම සුදුසුයි

ඇස් යට කළු වීම අවම කර ගැනීමට



ඇස් යට පොල් තෙල් ස්වල්පයක් ආලේප කර සම්බාහනය කිරීමෙන් ඇස් යට කළු වීම අඩුකර ගන්න පුළුවන්

සම රැලි වැටීම වලක්වා ගැනිමට


මුහුණේ සම රැලි වැටුණු තැන් වල පොල් තෙල් ස්වල්පයක් නින්දට පෙර මෘදු ලෙස ආලේප කිරීමෙන් රැලි වැටීම වලක්වා සමේ තරුණ බව රැක ගන්න පුළුවන්

පිගන් කෝප්ප සේදීම පහසු කිරීමට


පිගන් කෝප් වල අල්ලා ඇති ඉවත් කිරීමට අපහසු කෑම කැබලි පොල් තෙල් ස්වල්පයක් යෙදීමෙන් ඉතා පහසුවෙන් ඉවත් කර ගන්න හැකිවනවා.
 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

 

No comments:

Powered by Blogger.