ශ්රී ලාංකික අංගම්පොර සටන්කරුවන්ගේ වීඩියෝවකින් අන්තර්ජාලය කැළඹෙයි
අංගම්පොර Angampora කියන්නේ ඉතා පැරණි ඉතිහාසයක් තියෙන සටන් කලාවක්.
අංගම්පොර සටන් කලාවේ තියෙන සුවිශේෂත්වය තමයි පුද්ගල ශරීරයේ නිල වලට ප්රහාර එල්ල කර එයින් පුද්ගලයෙකු මරණයට පත් කිරීමට හැකිවීම.
අභාවයට යමින් තියෙන මේ සටන් කලාව නැවත ප්රචලිත කිරීමේ අරමුණින් ගුවන් හමුදාව ගුවන් සෙබළුන්ට අංගම්පොර පුහුණුව ලබාදීම 2012දි ආරම්භ කළා.
රත්මලාන ගුවන් හමුදා කදවුරේ ආරම්භ කරපු මෙම් පුහුණු පාඨමාලාවේ උපදේශකයා විදිහට කටයුතු කළේ අංගම්මැලූල්ල හා රණපිල පරම්පරාවේ ප්රධාන ගුරු උපදේශක ආචාර්ය අජන්ත හෙට්ටිආරච්චි මහතා.
ඔහු ඇතුළු ඔහුගේ සහාය උපදේශකයින් 5දෙනෙකු ගුවන් හමුදාවේ රෙජිමේන්තු විශේෂ බලකායේ සහ ගුවන් මෙහෙයුම් ඒකකයේ සේවකයින් පුහුණු කළා.
අවියක් අත නොමැති අවස්ථාවක ප්රභූ ආරක්ෂාව සදහා මෙම සටන් ක්රමය යොදාගන්න පුළුවන් කියලයි ගුවන් හමුදාව කියන්නේ.
No comments: