Header Ads

නැතුවම බැරි මේද ලබා දෙන සැමන්


නැතුවම බැරි මේද ලබා දෙන සැමන්


මාළු ව්‍යාංජනයක රස බලන්න. එතරම් කැමැති නැති කෙනෙක් වුවත් විශේෂ අවස්ථාවක සැමන් ටින් එකක් ගෙනෙන්නට අමතක කරන්නේ නැහැ. ඒ බත් වේලෙහි රස දෙගුණ තෙගුණ කරන්න පුංචි සැමන් කැල්ලකට හැකි නිසයි. සැමන් කටට රස මාළුවක් වගේම සිරුරට අත්‍යාවශ්‍ය පෝෂකයන් රැසකින්ම පෙහොසත්. ඇතැම් පෝෂක අපට එළවළු පලතුරුවලින් වත් ලබා ගැනීමට බැහැ. සැමන් අහිතකර මේදය අඩු, ඉතා ඉහළ පෙ‍්‍රීටීන ප‍්‍රමාණයක් අඩංගු ආහාරයක්. ඔමෙගා - 3 අත්‍යාවශ්‍ය මේද අම්ලය ලබා ගැනීමට ඇති හොඳම මගක් සැමන් කෑමට ගැනීම, ඔමෙගා -3 මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය මේද අම්ලයක්. මේ මේද අම්ලය ලබා ගත හැක්කේ සැමන් වැනි ආහාර මගින්ම පමණයි.

 හදවතට ඇති ගුණය තෙල් හදවතෙහි මිතුරකු කිවහොත් ඔබ එයට නොඅනුමානවම එකඟ නොවේවි. එහෙත් හදවතට හිත මිතුරු තෙල් වර්ගත් තිබෙනවා. ඔමෙගා - 3 අත්‍යාවශ්‍ය මේද අම්ලය අයත් වන්නේ එම කාණ්ඩයටයි. හදවතේ රිද්මය ක‍්‍රමවත්ව පවත්වා ගෙන යන්න, රුධිර කැටි ඇති වීම වළක්වන්නට, හිතකර කොලෙස්ටරොල් වැඩි කිරීමට, ඔමෙගා - 3 මේදය උදව් වෙනවා. මෙම අත්‍යාවශ්‍ය මේද අම්ලය ප‍්‍රදාහයන් ඇති වීම ද වළක්වනවා. සැමන් අවුන්ස හතරක ඔමෙගා - 3 මේද අම්ල දෛනික අවශ්‍යතාවයෙන් 33.6% ක් ලබා ගන්න පුළුවන්. සැමන් හදවතට ගුණ ඔමෙගා - 3 අඩංගු නිසාම පමණක් නොවෙයි. විටමින් කාණ්ඩ ගණනාවක් ද එහි අඩංගුයි. විටමින් බී ද හදවත සුරකිනවා.

 ආසාතයෙන් බේරා ගනී සැමන් වැනි මසුන් අඩු වශයෙන් මාසයකට 1 - 3 වරක් කෑමට ගැනීමෙන් ආසාතය ( ස්ටෙ‍්‍රීක් ) ඇතිවීමේ අවදානම අඩු කර ගන්න පුළුවන්. වැඩිහිටි කතුන්ට නැතිවම බැහැ. ආර්තවහරණය සිදුවී දියවැඩියාවෙන් පීඩා විඳින කාන්තාවන් නිරන්තරයෙන්ම ඔමෙගා - 3 න් පොහොසත් සැමන් වැනි මසුන් සතියකට දෙවරක්වත් ආහාරයට ගත යුතුයි. සැමන් වගේම, ටූනා, මැකරල්, සාඩින් වැනි ටින් කළ මසුන් තුළ ද ඔමෙගා - 3 යහමින් අඩංගුයි. තරබාරුකම වැළැක්වීමේ හැකියාවක් ද ඔමෙගා - 3ට තිබෙනවා. මෙම මේද අම්ලය සිරුරේ බර, පරිවෘත්තීය කි‍්‍රයා ක‍්‍රමවත් කිරීමට අවශ්‍ය හෝර්මෝන නිකුත් කිරීමට ආධාර වෙයි.
 පිරිමින්ටත් අවශ්‍යයි ස්වීඩන් පරීක්ෂණයකින් හෙළි වී ඇති අන්දමට නිතර ඔමෙගා - 3 මේද අම්ල අඩංගු ආහාර ගන්නා පිරිමින්ට පුරස්ථ ග‍්‍රන්ථියේ පිළිකා වැළඳීමේ අවදානම අඩුයි.

 ඇස් පෙනීම දියුණු කරයි වයස් ගත වීමත් සමග ඇති වෙන ඇස් පෙනීමේ දුර්වලතා වැළැක්වීමට ඔමෙගා - 3 සතු බලය අපරිමිතයි. ඇස්වල වියළි ගතියක් ඇති වීම ද සුලබ තත්ත්වයක් ඔමෙගා - 3 ගැනීමෙන් මෙය ද අවම කර ගන්න පුළුවන්. හිරු එළියෙන් සමට වෙන හානිය මර්දනය කිරීමේ හැකියාවත් ඔමෙගා - 3ට තිබෙනවා.
 ගැටවර වියේ කිපෙන සුළු බවට  නොරිස්සුම් සහගත බව ගැටවර වියේ සුලබ ගති ලක්ෂණයක්. සැමන්, ටූනා, මැකරල් වැනි මසුන් කෑමට ගැනීමෙන් නොරිස්සුම් සහගත බව අඩු කරගත හැකි බව හෙළි වී තිබෙනවා.
 මතකය නංවාලයි සැමන් වැනි මසුන් බුද්ධිය ගෙන දෙන ආහාරයකි. මිනිස් මොලයේ ආකෘතියෙන් 60% ක්ම නිර්මාණය වී ඇත්තේ මේදයෙන් එම මේදයට ඔමෙගා - 3 මේදය අත්‍යාවශ්‍යයි. නිතර මේ මේද අම්ලය ආහාරයට ගන්නා අය ඉගෙනීමට රුසියන්ය. ඔවුන්ගේ මතක ශක්තිය ද ඉහළයි. හොඳ මතක ශක්තියක් පවත්වා ගන්නට වගේම හොඳින් ඉගෙන ගන්නටත් සැමන් වැනි මසුන් වැඩි වශයෙන් කෑමට ගන්නමතක ශක්තිය නැති කරන ඇල්ෂයිමර් වැනි රෝග අවම කරගන්න නම් සැමන් නිතර ආහාරයට එක්කර ගත යුතුයි.
 පිළිකාවලින් රැකවරණය මාළු සුළු ප‍්‍රමාණයක් ආහාරයට ගත්ත ද ඩිම්බ කෝෂ හා ආහාර මාර්ගය ආශි‍්‍රත පිළිකාවලින් ආරක්ෂාවී සිටින්නට පුළුවන්. පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ මසුන් ආහාරයට ගන්නා අය අතර ඩිම්බ කෝෂ, පියයුරු, ලේ (ලියුකේමියා ) අග්න්‍යාශය, හා ආහාර ජීර්ණ පද්ධතියේ සියලුම කොටස්වල ඇති වන පිළිකා ඉතා අඩු බවයි.සිරූරේ බොහෝ පරිවෘත්තීය කි‍්‍රයාවන්ට අවශ්‍ය සිලේනියම් ක්ෂුද්‍ර පෝෂක ද සැමන් මලින් සිරුරට ලබා ගන්න පුළුවන්.

ටින් කළ සැමන් වැඩි පුර ගුණයි ඔමෙගා - 3 ටින් කළ සැමන්වල වැඩි පුර අඩංගු වී තිබෙනවා.
 සැමන් වලින් ලැබෙන පෝෂණය විටමින් ඩී ඔමෙගා - 03 සිලේනියම් පෙ‍්‍රීටීන් විටමින් බී 3 විටමින් බී 12 විටමින් බී 6 පොස්පරස් මැග්නීසියම්
චම්පිකා දීපානි රණසිංහ


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments:

Powered by Blogger.