කතරගම දෙවියන්ගේ පිහිට ලබාගන්න මේ සරල පූජාව ඔබත් කරන්න

කතරගම දෙවියන් මහේශාක්‍ය දේව ගණයට අයත් වන ලංකාරක්‍ෂක දෙවියන් අතරින් කෙනෙකු බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. හින්දු පුරාණ ග්‍රන්ථ අනුව එතුමා ශිව පාර්වතී දෙදෙනාගේ පුත්‍රයාය. ශිව දෙවි මහා බලවත් මන්ත්‍රයක් දැන සිටියේය. එම මන්ත්‍රය මතුරා යමෙකුගේ හිසට අත තැබුවොත් ඔහු දැවී අළු වන්නේය. භෂ්ම නම් අසුරිදු ඉසිවර දෙවිගෙන් මේ මන්ත්‍රය කෙසේ හෝ උගෙන ඊෂ්වරයන්ම නැසීමට තැත් කළේය. ඊශ්වර බිය වී සක්‌වල වටා දුවන විට විෂ්ණු දෙවි ස්‌ත්‍රී වෙසක් ගෙන භෂ්ම ඉදිරියේ පෙනී සිටියාය. ඇය දුටු භෂ්ම ඈ කෙරේ රාග සිත් පහළ විය. විෂුණු ලලනාව තමා අත නොහරින බවට හිස අත තබා දිවුරන්නැයි භෂ්මට කීවේය. භෂ්ම එසේ කරත්ම ඔහු දා අළු වී ගියේය. භෂ්ම තමා පසුපස නො එන බැවින් ආපසු එන ඊෂ්වර තෙමේ විෂ්ණුගේ ලලනා ස්‌වරූපය දැක ඇය විවාහ කර ගන්නට කැමැත්ත පළ කළාය. විෂ්ණු ලලනාව උමයංගනාවගෙන් අවසර ගෙන එන ලෙස ඊෂ්වරට පැවැසීය. ඊෂ්වර උමාගෙන් අවසර ගෙන එන විට දරුවෙකු සමඟ සිටියාය. ඇය පැවසුවේ දරුවෙකු හා තමා බාරගන්න කැමති දැයි උමයංගනාවන්ගෙන් අවසර ලබා ගෙන එන ලෙසයි. ඊෂ්වර කැමැත්ත ලබා එන විට ළමයින් දෙදෙනකු සිටියාය. ඇය පැවසුයේ නැවත ගොස් ළමයින් දෙදෙනකු හා තමා බාර ගැනීමට අවසර ලබා ගෙන එන ලෙසයි. මෙලෙස හය වරක් සිදුවිය. මේ විස්‌මය දැකීමට උමා මෙවර ඊෂ්වර දෙවි සමඟ පැමිණියාය. දරුවන් දැක උදම් වූ ඇය කුමාර කන්දක් යෑයි පවසා ඔවුන් සියල්ල වැළඳ ගත්තාය. ඒ සමඟ එක් ශරීරයක් ද, මුහුණු සයක් හා අත් දොළසක් සමඟ කඳ කුමරු පහළ වූ බවත්, යුද්ධයේ දක්‍ෂ මේ දෙවිඳු සූරයන්ට සතුරු වූ අයුරින් මරා දමා ජයගත් බවත් දේව සේනාපති බවත් කඳ කුමරු පිළිබඳ එක් පුරාණ කතාවකි.
බෞද්ධයන්ට අනුව නම් කතරගම දෙවියන් සෝවාන් වූ දෙවියෙකි. අප බුදු රදුන් තෙවැනි වර ලක්‌දිවට වැඩම වූ විට කතරගමට ද වැඩමවයි. එහිදී මෙතුමානෝ බුදු හිමිගෙන් බණ අසා සෝවාන් වූ බැව් කඳ කුමරු යාදිනිවල දැක්‌වේ. කෙසේ වෙතත් මෙතුමානෝ අනන්ත බල ඇති නොවරදා පිහිට ලබාදෙන දෙවියකු ලෙස ලාංකේය සමාජය තුළ ප්‍රකටව ඇත්තේය.
කඳ කුමරුන් හෙවත් කතරගම දෙවිඳුන්ගෙන් පිහිට ලැබීමට නම් කළ යුත්තේ උන්වහන්සේ පහදවා ගැනීමයි. අතීතයේ සිරි රහල් හිමි කඳ කුමරුගෙන් වරම් ලැබූ බව පරවි සදසේ දැක්‌වේ. "කඳ සුරිදුගෙන් වරලැබ පසළොස් වයස් උන්වහන්සේ සතුව පැවති පුළුල් ශාස්‌ත්‍රී ඥානය ලැබීමට කඳ කුමරුගේ වරය හේතු වූ බැව් කියෑවේ. තවද, භරණ ගණිතයා ද එවන් බහුශ්‍රැත භාවයකට පත් වූයේ කඳ කුමරුගේ පිහිට ලබා ගෙන යෑයි පැවසේ. එපමණක් නොව දුටුගැමුණු රජු එළාර හා යුද්ධයට යැමේදී කඳ කුමරුන්ගේ සහාය ලැබුණු බවත්, එයට උපකාර ලෙස රජු රුහුණු කතරගම දෙවොල කළ බවත් ජනප්‍රවාදයේ එන කතාවකි.
කෙසේ වෙතත් මෙම මහේශාක්‍ය දෙවියන් සිල්වත් ගුණවත් අයට නිරන්තරයෙන් පිහිටි වන උතුමෙකි.
දිනකට තෙවරක් ලොව දෙස බලා වදාරණ බවත් තම සරණ පතා පැමිණෙන්නන්ට එහිදී ආශිර්වාද කරන බවත් පැවසේ. උන්වහන්සේගේ පිහිට පැතීම කළ යුත්තේ ඉතා පවිත්‍රව වත් පිළිවෙත් ගරුකවය. වත් නොරැක අධාර්මිකව උන්වහන්සේගේ පිහිට ලැබීම උගහටය. දෙවියන් පහදවා උන්වහන්සේගේ පිහිට ලබන එක් ක්‍රමයක් මෙහිලා අප දක්‌වමු.
ඔබට දෙවියන්ගෙන් යම් පිහිටක් අවැසි නම් පළමුව දින කිහිපයක් නිර්මාංශ ආහාර වේලක් අනුභවයත් දුගී මගී ආදීන්ට දන් දීමත් ඉතා වැදගත්ය. කතරගම දෙවියන් දාන මානාදිය දෙන්නන්ට ඉතා ප්‍රිය වන බැව් පැවසේ. ඉන් පසු මනාව පේවී පවිත්‍රව තෙරුවන් නැමද ඉක්‌බිති නිවසින් ඊසාන දිගට වන්නට මල් යහනක් තනා එයි තල තෙලින් රාත්‍රි 10.30 ට පහනක් දල්වා තමාට අවැසි කරුණ කියා සිටින්න. එහිදී පහත ගාථාවන් භාවිතය විපුල ඵල ලැබීමට හේතු වේ.
කාවර ග්‍රාම ග්‍රාමාන්තර වාස නවන නිත්‍යං
ශ්‍රී ඝන සාසන සංරක්‍ෂණ ලංකා ද්වීපං
මයුර වාහනාරූඩ කන්ද දේව රාජං
ශ්‍රී විරාජමාන පුෂ්ප ආයනං ප්‍රවිෂ්ටං
දීප ධූප ගන්ධ පුෂ්ප තාම්බුලාදී වෘදනං
ධ්‍යාන හෝම දාන යාවනායි කර්ම සේවිතං
පූජයාමි වාර වාර සෞධ්‍ය ලාභ හේතුජං
කදදේව රාජ පාද පද්මකං නමෝ සදා
පසුව තම කරුණ පවසා පහත ගාථාවද කියා පින්දෙන්න.
සළානෝ මහා තේජෝ
බලෝ මයුර වාහනෝ
දේවින්දො කාචරගාමේ
ඉදං පුඤ්නුමෝදතු
ඉන්පසු පවිත්‍රව නින්දට යන්ට ඔබට කතරගම දෙවියන්ගේ පිහිට නොඅනුමානවම ලැබෙනු ඇත.
කතරගම දෙවියන් නිතර සිහිකිරීම දාන මානාදිය දුගී මගී යාචකාදීන්ට ප්‍රදානය කොට ඒ පින් එතුමාණන්ට අනුමෝදන් කිරීම උන්වහන්සේ පහදවා ගැනීමට හේතු වේ.
අප කළ යුත්තේ අපට යම් විපතක් හිරිහැරයක් වූ විට පමණක් දෙවියන් යෑදීම නොව හැකි සෑම විටම දෙවියන් පහදවා ගැනීමට කටයුතු කිරීමය. දෙවියන් විසින් නිරායාසයෙන් අපගේ ගැටලුවලට විසදුම් ලබා දෙනවා ඇත. අප කිසිදා හඳුනන්නේ නැති අයකුගෙන් අප ගොස් යමක් ඉල්ලූ විට පමණින් ඔහු අපට එය ලබාදෙන්නේ නැත. මන්ද ඔහුට අප කෙරේ විශ්වාසයක් ගොඩ නැගී නැති නිසාවෙනි. නමුත් අප දන්නා හඳුනන අයෙකු වෙත අප ගොස් යමක් ඉල්ලූ විට ඔහු එය ලබාදීමට උත්සුක විය හැක. එම කරුණ දෙවියන් විෂයෙහිද සාධාරණ වේ. එබැවින් දෙවියන්ගෙන් යමක් ඉල්ලීමට පළමුව දෙවියන් පහදවා ගැනීම වැදගත් වන බැවින් නොකියාම බැරිය.
ජ්‍යෙතිෂශාස්‌ත්‍රඥ - උඳුගොඩ
සී. එම්. තරිඳු බණ්‌ඩාර

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments: