ලංකාවේ ජනප්‍රවාදයේ එන අද්භූත මේ හොල්මන් චරිත 5 ගැන ඔබ මෙතෙක් නොදැන සිටි අද්භූත රහස් මෙන්න.

අපි පොඩි කාලේ කළුවරට ගොඩක් බයයි. ඒ වගේම ඒ බය අපිට ඇතිවුනේ පොඩි කාලේ අපේ සීයලා, තාත්තාලා වගේ කට්ටිය අපිවත් වටකරගෙන හොල්මන් කතා කියපු නිසා බව අපිට හොඳට මතකයි. අපි පොඩි කාලේ දත් මැද්දේ එහෙම නැතිනම් අපේ සියා “ඔන්න පුතේ ඔය දත් මැද්දේ නැතොත් යකා ඇවිත් කටේ තියෙන ඔක්කොම දත් ගලවාගෙන යාවි” කියලා අපිව බය කළා. අපි බයටම දත් මැද්දත් අපි කවදාවත් සීයාගෙන් ඔය කියන යකා කවුද කියල අහලාවත්, ඒක අපිට පැහැදිලි කරන්නවත් කවදාවත් සීයා අපිට උත්සහ කරලත් නැහැ.
ඉතින් මේ කියන්නේ යන්නේ අපි පොඩි කාලේ බයවුණු, ඒ වගේ ජනප්‍රවාද වල අපිට හමුවෙන හොල්මන් චරිත කීපයක් ගැනයි. හැබැයි සමහර විට දැන් වන විටත් බය අඩුවෙලා නැත්තං, රෑට නං මේක කියවන්න එපා!
1. මහසෝනා
මිනිස් සිරුරකින් සහ වලසෙකුගේ හිසකින් යුතු යයි පත පොතේ සඳහන් වන මහසෝන් අවතාරයට එම හිස හිමිව ඇත්තේ දුටුගැමුණු රජුගේ කාලයේ ගෝටයිම්බර යෝධයා සමඟ වූ සටනකින් හිස කඳින් වෙන් වෙන්නට ගැසූ පහරක් නිසා බවයි සඳහන් වන්නේ. එවකට ජයසේන නමින් හැඳින්වූ අතර ඔහුගේ හිස සුන් සිරුරට වලසෙකුගේ හිසක් සවිකර ජීවය දෙන්නට උත්සහ කර ඇතත් හදිසිය නිසා එම වලස් හිස සවි කර ඇත්තේ පිටුපසටයි. එදාසිට විවිධ ආකාරයේ පෙනී සිටින මේ අද්භූත චරිතය වටා නිමක් නැති කතා සිදුවීම් ගොතා තිබෙනවා.
2. කළුකුමාර
අලුත වැඩිවියට පත් වූ යුවතියන් මෙන්ම කසාද බඳින වයසේ සිටින කාන්තාවන්ද අතීතයේ බියවන අද්භූත චරිතයකි කළුකුමාර දිෂ්ටිය. සිහිනෙන් බියවීම, සිහිනෙන් ඇවිදීම සහ සිරුර කෙසඟ වී ලෙඩ වීම මෙහෙම වසඟයේ ලක්ෂන බව පැරණි පොත පතේ සඳහන් වෙනවා. නිතර බියවුවත් වයසත් සමඟම මේ බියවීම කෑ ගැසීම් වියකී යන බව අතීත පොත පත සඳහන් කරනවා.
3. බෝදිලිමා අවතාරය
විලාප දෙමින් කෑගසමින් බිම දිගේ යනවා යයි විශ්වාස කරන බෝදිලිමා, ජීවමාන සතෙක් වුවද එය අවතාරයක් බව සලකන අතීතයක් අපිට උරුම වෙලා තිබුණා. ශබ්දය නිසාවෙන් මිනිසුන්ව බියගන්වන බෝදිලිමාගේ ආරම්භය ගැන කතන්දර බොහෝ පවතින බව ලංකාවේ අවතාර හොල්මන් වල ඉතිහාසය ගැන දැනුවත් නම් ඔබට තේරේවි.
4. ගෝනි බිල්ලා
“ඔන්න බබෝ බිල්ලෝ එනවෝ
අඬන ළමයි අල්ලනවෝ”
මේ කවි පද දෙක පොඩි කාලේ අපේ අම්මලා අපිට කියනවා අහගෙන ඉන්නකොට අපි නිකම්ම ඔවුන්ට අවනත උනා. ඇත්තටම ගෝනි බිල්ලා සන්නාසියා කියන නම් වලින් හඳුන්වන්නේ ඉස්සර හිසේ සිට දෙපතුල දක්වාම ගොනියකින් වසාගෙන යන රුපයක් තමා මැවෙන්නේ. නමුත් කිසිවෙක් දන්නේ නැහැ ගෝනි බිල්ලා කියන්නේ මොන වගේ ස්වරුපයක් තියෙන කෙනෙක්ද කියලා. එත් අතීතයෙන් ඉඳන් පොඩි බබාලට බත් ටික කවා ගන්න නම් ගෝනි බිල්ලා කරන්නේ නිම කරන්න බැරි සේවයක්.
5. මෝහිනී
මෝහිනී කිව්වම හිතට ටිකක් බිය ජනක අදහසක් ආවත් තරුණ පරම්පරාවට නම් පොඩ්ඩක් කට කොනින් හිනහා නොයනවා වෙන්නටත් බැරි නැහැ. ඒ කතාව පස්සේ කියන්නම් කෝ. ☺
මෝහිනී කියන්නේ කාන්තා අවතාරයක්. ඇය පිරිමින්ට බැල්ම දාන යක්ෂණියක් කියලයි ප්‍රසිද්ධ. පාලු මංමාවත් වල දරුවෙකුත් අතින් අරං සිටින මේ කාන්තාව පෙනුමින් ඉතා සුන්දර බව කතා වල සඳහන් වෙනවා. තනියෙන් මහමග යන පිරිමි කෙනෙකුට මේ චරිතය හමුවුනොත් “අනේ මගේ ඇඳුම පොඩ්ඩක් හදාගන්න මේ දරුවාව ගන්නවද?” කියා අසනවලු. උදව්වට කැමති පිරිමි මේ ළමයාව අතට ගත් විට ඒ කාන්තාවගේ පෙනුම වෙනස් වෙලා මිනිහාව තමන්ගේ වසඟයට ගන්නා බවයි පොත පත තුලින් කියවෙන්නේ.
හිනහ වෙන හේතුව මෙන්න මේකයි. දැන් ඔය දරුවාව වඩා ගන්න මගේ ඇඳුම හදාගන්න කියලා කියනවාලුනේ. එහෙම දරුවාව ගත්තමනේ ඈ දඬුවම් කරන්නේ. එකට අපේ අයියලා මරු ට්‍රික් එකක් හොයාගෙන. ඒක මෙහෙමයි.
මෝහිනී: අනේ මේ දරුවාව වඩා ගන්නවද මගේ ඇඳුම හදාගන්න?
පිරිමි කෙනා: ඉන්න ඔයා දරුවාව ඔහොමම තියාගන්න, මම ඇඳුම අන්දන්නම්.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: