Header Ads

කෙසේල් වල ඇති විශ්මිත රෝග නැසිමේ ගුණ මෙන්න


කෙසේල් වල ඇති විශ්මිත රෝග නැසිමේ ගුණ මෙන්න



කෙසෙල් යනු ලොකු කුඞා කවුරුත් කව්රුත් එක ලෙස ප්‍රිය කරන ආහාරයකි.

ප්‍රණීත රසය හා දිරවිමේ පහසුව නිසා කෙසෙල් ලොව වැඩි දෙනකුගේ ප්‍රියතම අතුරුපසක් බවට පත්ව තිබේ.
ඇතමුන් සිතන්නේ මිල අධික කෙසෙල් පමණක් ගුණදායක බව‍ය. එය සාවද්‍ය මතයකි.

කෙසෙල් ප්‍රෙබ්ද අනුව එහි ගුණ යම් යම් ප්‍රමාණවලින් වෙනස් විය යැකි වුවද පොදුවේ වැදගත් වන ලක්ෂණ රැසක් ඇත.

ඇතැම් විට මිල අඩු කෙසේල් වර්ගවල මිල වැඩි වර්ගවලට වඩා විශේෂිත ගුණයන් ඇත.
නිදසුනක් දක්වතහොත් එතරම් මිල අධික ප්‍රබේදයක් නොවන ඇඔුල් කෙසේල් අධික ලෙස ප්‍රතිශක්ති ගුණයෙන් යුක්තය.

කෙසේ වෙතත් සැලකිය යුත්තේ මිල නොව අදාළ ප්‍රබේදය හා ගුණ අගුණයි.

කෙසෙල් ශාකය ලොව පළමුව ව්‍යාප්ත වුයේ පැපුවානිව්ගිනියා හී බව විශ්වාස කෙරේ. එහෙත් දැන් ලොව රටවල් 107 ක පමණ කෙසේල් සරුවට වගා කෙරේ.

කෙසේල් වලින් ලැබෙන ප්‍රධානම ලාභය ආහාරයක් ලෙස ගත හැකි විම වුවද අලංකරණ ශාකයක් ලේස ද තන්තු ලබා ගැනිම සදහා ද එය භාවිත වේ. කෙසේල් පලතුරක් ලෙස මෙන්ම ව්‍යාංජනයක් ලෙස ද ආහාරයට ගැනේ.

මිට අමතරව ඇතම් රටවල කෙසේල් මුවද ආහාරයට ගැනේ. ඇතමෙක් කෙසේල් මුව ආහාරයට නොගෙන ඉවත් කරති. එහෙත් එය රසවත් ගුණවත් ආහාරයකි. විශේෂයෙන්ම සලාද සාදා කැමට එය උචිතය. ‍

කෙසෙල් වලින් විශේෂිත පාන මෙන්ම ජෑම්ද සාදනු ලැබේ දකුණු ආසියා රටවල.කෙසේල් පෑන් කේක් ඉතා ප්‍රකටය.

බනානා චිප්ස් යනුවන් ද විශේෂිත කැමක් කෙසේල් වලින් පිළියෙල කෙරේ.එය සාදනුවේ කෙසෙල් පෙති කපා වියළිමෙනි. මෙසේ වියළන ලද සහින් පෙති සෘජුවම හෝ සිනි පැණි ලුණු දවටා ආහාරයට ගැනේ. ඇතැම්විට මෙවා තෙලෙන් බැදිමද කෙරේ මේ බනානා චිප්ස් සුපිරි වෙළඳ සැල්වලින් මිලදි ගන්නට පුලුවන. මේ චිප්ස් නිෂ්පාදනය කරන්නේ මඳක් ඉදුණු කෙසේල් වලිනි. ඉන්දියාවේ කේරලයේ බහුලව නිපදවන ප්‍රකට බනානා චිප්ස් වර්ගයක් වන්නේ උප්පේරිය කෙසේල් පෙති පොල්තෙලින් බැදීමෙන් සකස් කරයි.

නිර්ජලිකරණය ක්‍රම භාවිතයන්ද මෙම චිප්ස් නිශ්පාදනය කර ගත හැකිය.

කෙසෙල් බඩයද ඇතැම් රටවල ප්‍රණිත ආහාරයකි. කෙසෙල් පත්‍රයෙන් ද ආසියාතිකයෝ ප්‍රයෝජන ගනිති එ ආහාර ඇසුරුම් ලෙසය.

කෙසේල් ගෙඩියක කැමට ගතහැකි කොටසේ ග්‍රෑම් 100 ක් සැලකූ කල එහි ශක්තිය කිලෝ ජුල් 317 ක් අන්තර් ගතය කාබෝහයිඩ්‍රෙට් ග්‍රෑම් 23 ක් පමණ ඇත. තන්තු ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක්ද මෙදය 0.33 ක්ද ප්‍රෝටීන් ග්‍රෑම් 1ක්ද ඇත.

කෙසෙල් වල ඇති විටමින් වන්නේ විටමින් ඊ විටමින් ඊ1 විටමින් ඊ2 විටමින් ඊ3 විමින් ඊ4 විටමින් ඊ5 මිටමින් ඊ6 යනාදියයි. ෆෝලේට්ද සැලකිය යුතු ප්‍රතිශතයක් කෙසේල් වල ඇතුළත් ය. ෆෝලේට් යනු ගැබිනි මව්වරුන් අනිවාර්යයේන්ම ලැබිය යුතු පෝෂණ සංඝටකයකි. කැල්සියම්, යකඩ, මැග්නිසියම්, පොටෑසියම්, පොස්පරස්, සින්ක්, යනාදියද සැලකිය යුතු ප්‍රතිශතවලින් පවතී.

පිලිකා මර්දන යැකියාවක් කෙසේල් සතුයග මහාන්ත්‍ර පිළිකාව, පියයුරු පිළිකාවට එරෙහිව කෙසේල් භාවිත කළ හැකි බව කියවේ. අධික රුධිර පිඩනයෙන් පෙළෙන රෝගින්ටද කෙසෙල් යුෂය මහාග්‍ර ඔසුවකි.එසෙම වකුගඩු ගල් සහිත අයටද දෙනු ලැබේ.

ආතතිය මැඩ පැවැත්වීමෙලා වැදගත් වන ට්‍රිප්ටොපැන් නම් ඇමයීනෝ අම්ලයද කෙසෙල් වල අන්තර්ගතය ඩයරියා වැලැක්විමේ හැකියාවද කෙසෙල් සතුය. ඊට හේතුව වන්නේ කෙසෙල් වල තන්තු මය ස්වභාවයයි. දෘෂ්ටි ආබාධවළින් පෙළෙන්නවුන්ටද කෙසෙල් ගුණදායක ආහාරයකි. දෘශ්‍යබාධවලට මුල්වන යම් රෝග වලින් වැළකිම සදහා දිනකට ඉදුණු කෙසේල් ගෙඩියත්වත් කෑ යුතු බව කියවේ.

අන්ත්‍රයේ වෙසෙන හිතකර බැක්ටිරියාවන්ට පෝෂණය සපයන පෝෂ්‍ය ද්‍රව්‍යවලින්ද කෙසෙල් සමන්විතය. එ නිසා කෙසෙල් බහුලවම කෑම ආන්ත්‍රික රෝග වලින් මිදිමට මගකි.

නවතම පර්යේෂනයකින් හෙළිව ඇත්තේ HIV මර්දනයට කෙසෙල් යොදා ගතහැකි බවයි.මිචිගන් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් මෑතකදි පෙක්වා දුන්නේ HIV පැතිරි යාම වැළැක්විමට කෙසෙල් වලින් ප්‍රබල ඔෘෂධයක් නිපදවිය හැකි බවයි. කෙසෙල් වල පවතින බැන්ලේක් නම් ප්‍රෝටිනය HIV නිෂේධකයක් ලෙස ක්‍රියා කරන බව පෙනි ගොස් තිබේ. ලෙක්ටින් යනු සිණි හා බැදිමෙ හැකියාව ඇති ප්‍රෝවින් විශේෂයකි. මෙවාට වයිරස වැනි ආගන්තුක දේහ හදුනා ගැනිමේ හැකියාව ඇත හදුනා ගන්නට පමණක් නොව වයිරස වැනි ආගන්තුක දේහ වලට බැදි එ්වා වනසන්නටද හැකියාව ඇත. බැන්ලේක් ප්‍රෝටිනය බහුලව ඇත්තේ ඇපල් බනානාවල හා මුසා පැරඩියසිකා වැනි කෙසේල් වර්ග කිහිපයක පමණයි්‍.

HIV1 ප්‍රෝටිනය හා බැක්ෂන්නටත් එය වනසන්නට කෙසේල් ප්‍රෝටිනයක් වන බැන්ලේක් සතු හැකියාව ඉතා ඉහළයි ඇතැම් විට ඹ*20 මැරවිරොක් ප්‍රති HIV ඹෞෂධය තරම් එය බලවත් විය හැකි යැයි කියවේ.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments:

Powered by Blogger.