Header Ads

වංශකතා කරුවන්ට පවා මග හැරුණු ගැමුණු රජුගේ කුඩා කාලය ගැන නොදන්නා කරුණු මෙන්න.


වංශකතා කරුවන්ට පවා මග හැරුණු ගැමුණු රජුගේ කුඩා කාලය ගැන නොදන්නා කරුණු මෙන්න.

ගැමුණු රජුගේ ජීවන මාර්ගයේ විශේෂ කාල පරිච්ඡේදයක්‌ වංශකතාකරුවන්ට මගහැරී ඇති අතර” ඒ පිළිබද තොරතුරු සොයා ගත හැකි ප්‍රධාන සාධකය වන්නේ පවතින ජනශ්‍රැති අධ්‍යයනයන් පමණි’ ගැමුණු කුමරු කාවන්තිස්‌ස රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ අතර ඔහු මලය දේශයට පලා යන්නේ පියා සමග උරණවීමකින් යෑයි වංශකතාවල සදහන් වේ’ එයට හේතු වී ඇත්තේ රට ආක්‍රමණය කර සිටින එළාර සමග සටනට යැමට අවසර ඉල්ලා සිටි ගැමුණු කුමරුට ඊට අවසර ලබා නොදීම හේතුවෙන් පිය රජතුමා වෙත ස්‌ත්‍රී ආභරණ යෑවීමය’ තම පියා පිරිමිකමටත් නිගාවක්‌ බැවින් ඔහුට සුදුසු ස්‌ත්‍රී ආභරණ යෑයි සලකමින් කාවන්තිස්‌ස රජු වෙත ස්‌ත්‍රී ආභරණ යෑවූ බව වංශකතාවල සදහන්ය’ කෝපයට පත් කාවන්තිස්‌ස රජු රන් දම් වැලකින් ඔහුව බැද තබන්නට නියෝග කළ බැවින්” පිය රජුට රහසින් මලය රටට ගිය බවත් පියාණන් කෙරෙහි දුෂ්ඨ වූ බැවින් ඔහු දුට්‌ඨ ගාමිණි යනුවෙන් නම් පටබැඳුණු බවත් මහාවංසයේ විස්‌තර කොට ඇත’(මහාවංශය”පරි’22″ගාථාව 7)

ගැමුණු කුමාරයාගේ කොත්මලේ ගමන පිළිබදව කෙහෙල්ගමුව මහතාගේ කොත්මලේ පුරාවෘත්ත ග්‍රන්ථයේ ද සදහන් වෙයි’ කාවන්තිස්‌ස මහ රජතුමා ස්‌වකීය පුත්‍රයාගේ අකීකරුභාවය ගැන කිපී ඔහු අල්වා රන්දමකින් බැද තබන ලෙස නියෝග කළ කල්හි” මෑණියන් විසින් රහසින් සිය පුතු අමතා ~~ඉරදිගට පැල් විස්‌ස නම් පැවති කොත්මලේ කන්ද උඩ කොට්‌ඨයට පලා යවයි~~ (කොත්මලේ පුරාවෘත්ත” පිටුව 01) කියා යෑවූ බව සදහන් වේ’ සද්ධර්මාලංකාරය” රසවාහිනිය” ථූපවංසය ආදී මූලාශ්‍ර කිහිපයක්‌ම ගැමුණු කුමරු රහසිගතව කොත්මලයට පලාගිය බව දක්‌වා තිඛෙනමුත්” ඔහු එහි ගතකළ ජීවිතය පිළිබදව කිසිදු කරුණක්‌ සදහන් නොකරයි’ එහෙත් ජනශ්‍රැති අධ්‍යයනය කිරීම මගින් ඔහු එහි ගත කළ ජීවිතය පිළිබද තතු අනාවරණය කරගත හැකිය’ ගැමුණු කුමරු කොත්මලය සීමාවට ඇතුඑ වූ අවස්‌ථාවේ සිට රජකම ලබා ගැනීම සදහා වූ වසර 12කට ආසන්න කාල සීමාව තුළ කුමරා කළ කී දෑ මෙන් ම” ඔහු හා බැදි විශේෂ සිදුවීම් සියල්ල ජනශ්‍රැති අධ්‍යයනය මගින් පැහැදිලි කරගත හැකිය’

ගැමුණු කුමරු තනිව කොත්මලයට පැමිණි බව ජනශ්‍රැතියේ සදහන් වේ’ එහි කියෑවෙන ඇතැම් සිදුවීම් දෙස විමසා බලන විට ඔහු මාගම සමග සම්බන්ධතා පවත්වා තිඛෙන බව ද හඳුනාගත හැකිය’ ඔහුගේ පැමි”මට හේතුව පැහැදිලිව හඳුනාගත නොහැකි වුවත් කොත්මලය ආශ්‍රිතව ගෙතී ඇති ජනප්‍රවාදය මෙසේ දැක්‌විය හැකිය’

මාගමින් පිටත් වූ ගැමුණු කුමරු කොත්මලය බලා පිටත් වූ ගමනේ දී ස්‌වාභාවික කඳු මිටියාවත්වලින් ගහන වූ වනාන්තර ඇළ දොළ පසු කරමින් හෝරා ගණනාවක්‌ පැමිණ”මෙන් ඇති වූ විඩාව සංසිඳුවා ගැනීමට අතර මග නැවතුණේය’ ගලායන දිය පහරින් මුහුණ අතපය සෝදාගත් කුමරු නැවතත් තමාගේ ගමන ආරම්භ කළේය’ රෑ බෝවීමත් සමග රාත්‍රිය ඒ අතරමග ගතකළ කුමරු පසුදා උදයේම කොත්මලය බලා නැවත පිටත් විය’ ඔහු කොත්මලයට ළගා වන විට ඉර මුදුන් වී පැය දෙකක්‌ පමණ ගෙවී ගොස්‌ තිබිණ’ ගමන් මාර්ගයක්‌ නොමැතිව මහ ඝණ වනය මැදින් පැමි”ම නිසා කුමරු දැඩි වෙහෙසට පත් වී සිටියේය’ සියල්ලටම වඩා කුසගින්න ඉහවහා ගොස්‌ තිබුණි’ කුමරු මෙසේ ක්‍රමයෙන් මොණරාගල කඳු වැටියේ අතර මැද පිහිටි සුන්දර කොටගේපිටිය පේනමානයට පැමිණි කල කුමරුගේ විඩාව යම්තාක්‌ දුරට අඩු වී තිබුණි’ කොටගේපිටිය නම් ගමට ඇතුඑ වීමට ප්‍රථම” ~කඩදොර~ නම් දොරටුවක්‌ පැවති අතර එම කඩදොර අසල දී ගැමුණු කුමරු තමාගේ වෙස්‌වළා ගැනීම සිදු කළ යුතු යෑයි සිතුවේය’ කුමරු ඔහු අත තිබූ කඩුව ඒ අසලම තිබූ සුවිශාල නුග ගසක සගවා සාමාන්‍ය ගම් වැසියකුගේ ස්‌වරූපයෙන් වෙස්‌වළා ගෙන ගමට ඇතුඑ විය’ මෙසේ ඇතුඑ වූ කුමරු අදින් පසුව මතු යම් දිනක්‌ වේද” ඒ දක්‌වා තමා ගුත්තා ලෙස ජීවත් විය යුතු බව සිතා ගත්තේය’ වැස්‌සක්‌ ළගම එනු දුටු කුමරු ඉක්‌මනින් ඒ අසල වූ ගම්මුලාදෑනියා වූ ඌරු පැලැස්‌සේ ගම ගෙදර දෙසට දිව ගියේය’ පුරාණයේ දී ගෙයක්‌ සාදාගන්නට ප්‍රථම ඒ සදහා සුදුසු තැනක්‌ තොරාගත් අතර වන සතුන් සිය කැමැත්තෙන් පැමිණ යම් ස්‌ථානයක වාසය කරයි ද එම ස්‌ථානය ~ජය භූමියක්‌~ ලෙස ඔවුන් සැලකූහ’ එබැවින් පැරැන්ණෝ ඌරන්” සාවුන්” අලි ඇතුන් ළගින ස්‌ථාන හෙළිපෙහෙළි කර ඒ තැන්වල වාසස්‌ථාන ගොඩ නගාගෙන ඇත’ ඌරු පැලැස්‌ස නම් ගම ගෙදර ද ඌරන් ළගින පැලැස්‌සක සාදාගත් බැවින් ඒ නම භාවිත කර ඇතැයි ජනප්‍රවාදයේ කියවේ’

වැස්‌ස තදින් ඇද හැලෙන්නට වූ හෙයින් කු}මරු ඌරු පැලැස්‌සේ ගම ගෙදර පිළිකන්නට ගොඩ විය’ වැස්‌ස තදින් ඇද හැලෙද්දී ගම්මහේගේ බිරිද පිළිකන්නේ සිටි කුමරු දැක සතුටට පත්ව ඔහු පැළ ඇතුළට කැදවා ගෙන ගොස්‌ ආගිය වතගොත විමසන්නට පටන්ගත්තාය’ තමාගේ දෙමාපියන් දෙදෙනාම නොමැති බවත් තමා දුර කතර ගෙවාගෙන මෙහි පැමිණි බවත්” තමාගේ නාමය ගුත්තා ලෙසත් කියා සිටියේය’ ආගන්තුකයන්ගෙන් නම ගම ඇසීම පෙර සිටම සිංහලයන්ගේ චාරිත්‍රයක්‌ වී තිබුණි’ නමෙන් ගමෙන් ඔහුඣ් කවර ජාතියක” කවර කුලයක දැයි දැනගත හැකි අතර ඉන්පසුව ඔහුගේ ඒ තත්වයට අනුව සංග්‍රහ කිරීම සිදු විය’

තොරතුරු අසා ගුත්තා සාගින්නෙන් පෙළෙන බව දැනගත් ඇය” දහවලට උයන ලද ඇඹුල සියල්ලම කුඹුරට ගෙනයාමට සූදානම් කර තිබූ නිසා” ප්‍රමාදයකින් තොරව දෙකඩ හාල් ටිකක්‌ ගෙන කිරිබතක්‌ සාදා දුන්නාය’ කුසගින්නේ සිටි කුමරු ඒ උණු කිරිබත් කෑමට යැමෙන් කුමරුගේ අත සහ කට දෙකම පිච්චී ගියේය’ මෙය බලා සිටි ඇය ~උඹ බත් ටික කන්නේ හරියට අපේ ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ” ඔය බත් ටික කන්නේ මෙසේ යෑයි~ කියා දුන්නාය’ පළමු කොට ඒ ආහාර කුඩා ගුලි වශයෙන් සාදා භාජනය වටේට තබා පසුව මුල සිට කෑමට පටන් ගත යුතු බව පෙන්වා දුන්නාය’ ගම්මහගේ කියා දුන් පරිදි බත් ගුලි වශයෙන් සාදාගත් පසුව පිගානේ වටේට තබා මුලින්ම ගුලි කළ බත් ගුලියේ සිට කෑමට පටන් ගත්තේය’ ඒ වන විට ඒවා නිවී තිබූ බැවින් බත් ගුලි සියල්ල කෑමට හැකි විය’ කුසගින්නේ සිටි කුමරුට මේ කටුක ආහාරය දිව්‍ය භෝජනයක්‌ විය’ තමා එළාරට එරෙහිව තැන් තැන්වල කරන යුද්ධ අසාර්ථක වූයේ කිසිම සැලසුමක්‌ නොමැති නිසා බව කුමරුට මේ තුළින් අවබෝධ විය’

එදින ගමරාළ සිය ගොවීන් පිරිවරා තමාගේ කුඹුර සී සාමින් සිටියේය’ ඉර අවරට ගොස්‌ සුඑ වේලාවක්‌ ගත වූ බැවින් සාගිනි ඉවසාගත නොහැකිව සිටියේය’ කුඹුරට යැමට සූදානම් වී සිටි ගමමහගේ” ගමරාළ පැමිණෙන තුරු ඌරු පැලැල්ලේ සිටින ලෙස ගුත්තාගෙන් ඉල්ලා සිටියාය’ ගුත්තා ද තමාට යන්න එන්න තැනක්‌ නොමැති වූයෙන් ඊට එකග වූයේය’ සාගින්න ඉවසාගත නොහැකිව සිටි ගමරාළ” ගමමහගේ දකිනවාත් සමග නෝක්‌කාඩු කියන්නට පටන් ගත්තේය’ එවිට ගමමහගේ මේ අපූරු කොලුගැටයා පිළිබදව සියලු තතු ගමරාළට පැවසීය’ එබැවින් කොලුගැටයාට කෑම බීම දී සාත්තු කර එන්නට සිදු වූ නිසා මදක්‌ ප්‍රමාද වූ බව කියා සමාව අයෑද සිටියාය’ විස්‌තර ඇසූ ඔහුට ද එවෙලේම ඌරු පැලැල්ලට යාමට සිතුනත් සිදු කිරීමට තිබූ කාර්යය පිළිබදව මතක්‌ වී සවස්‌ වනතෙක්‌ එය ඉවසා සිටියේය’

සවස්‌ යාමයේ වැඩ අවසන් කර සුනන්ගු නොවී” ඌරු පැලැල්ලට පැමිණි ගමරාළ ගමමහගේ කීවාටත් වඩා අපූරු කොලුගැටයා දැක බොහෝ සතුටට පත් විය’ මොහු තමාගේ නිවසේ නවතා ගැනීමට සිතක්‌ ගමරාළ තුළ ද ඇති විය’ ගමරාළ ගුත්තාගෙන් විස්‌තර විමසා සිට ගමරාළගේ හරක්‌ පට්‌ටිය බලා ගැනීමට පුඑවන් දැයි විමසා ඔහුට ගමගෙදර නවතින ලෙස ඉල්ලීම් කළහ’ ගුත්තා ද එම ඉල්ලීමට එකග වූයේය’ එදා පටන් සෑම දිනකම උදෑසන ආහාරය ගෙන දවල්ට බත් මුලක්‌ ද බැද ගෙන ඔහු හරක්‌ රංචුව දක්‌කමින් මොණරාගල කඳු වැටිය ඉහත්තෑවේ පහත් බිම් දක්‌වා යයි’ හරක්‌ රැළ නිතරම තණකොළ ඇති ප්‍රදේශ වෙත දක්‌කාගෙන යන ඔහු පැටවු සහ මහ හරකුන්ගේ බඩ පුරවා ගන්නට ඉඩ දී අනතුරුව දිය පහරකට දක්‌කාගෙන ගොස්‌ එහිදී වතුර දී ඇග අතුල්ලා උන්ව නෑවීම සිදු කරයි’ කඑවර වැටීමට ආසන්න වෙත්ම හරක්‌ රංචුව බලන අතර තුර ඌරු පැලැස්‌සට ගෙන ඒම සදහා එකතු කළ දර සහ පළා වර්ග ද අතැතිව පල්ලම් බසියි’ කිහිපදෙනෙකුටම කළ නොහැකි එඩේරකම තනිවම කිරීම මෙන්ම කෑමක්‌ බීමක්‌ නොමැතිව සිටි හරකුන් හැමදාම බඩ පුරවාගෙන සිටීමත්” හීලෑ නොවූ හරකුන් පවා හීලෑ කළ නිසාත්” පැටවුන් සංඛ්‍යාව එන්න එන්න වැඩිවීමෙන් ලැඛෙන කිරි ප්‍රමාණය ද වැඩිවීමත් නිසා ගමරාළත්” ගමමහගේත් ගුත්තාට බොහෝ සෙයින් ආදරය කළහ’ ගුත්තා ද ගමරාළට මෙන්ම ගමමහගේටත් දෙමාපියන්ට මෙන් සුවච කීකරුව සිටියේය’ ගුත්තා ශක්‌ති සම්පන්න එෙŒරකමට දක්‌ෂ කොලු ගැටයෙක්‌ බව පමණක්‌ ඔවුන් සිතා සිටියෝය’ ගමමහගෙට පුතෙක්‌ නොසිටි නිසා ගුත්තා කෙරෙහි පුතු සෙනෙහස දක්‌වමින් පුතා කියා බොහෝ විට අමතන්නට ද විය’

ගමගෙදර සිටි දූවරු දෙදෙනාගෙන් බාල තැනැත්තී රන්මැණිකා වූ අතර කඑමැණිකා වැඩිමහල් දියණිය වූවාය’ මේ අතරින් රන්මැණිකා කාරුණිස්ක සිතක්‌ ඇති අයෙකු බව ගුත්තා වටහා ගත්තේය’ ඇනුම් පද කියමින් ඉක්‌මනින් කෝපවන කඑමැණිකාට වඩා උදෑසන ආහාරයත් දවල් බත් මුලත් බැද දෙන රන්මැණිකාගේ ලෙන්ගතුකම ගැන ඔහුට නිතරම සිතට දැනුණි’ කාලය ගත වෙත්ම රන්මැණිකා සමග උසුඑ විසුඑ කිරීමට ගුත්තා පෙළඹුණේ ද ඈ තුළ වූ මේ ගුණය නිසාමය’

දිනපතාම හරකුන් දක්‌කා මොණරාගල කඳු වැටියේ පහත් බිමට යන ගුත්තා පිළිබද ගම්මානයේම කතාබහට ලක්‌ වී තිබිණි’ පහත්බිමට ගොස්‌ ගුත්තා පිළිබදව සොයා බලා ඔහු හා මිතුරුවීමට අනෙක්‌ ගොපඑ තරුණයන්ට වැඩිකලක්‌ ගත නොවීය’ ඔවුන් සමග මිතුරු වී හරකුන් නිදැල්ලේ සිටින අවස්‌ථාවලදී සෙල්ලම් කිරීමට ගුත්තා පුරුදු වූයේය’ කාලයක්‌ ගතවෙත්ම තම මිතුරන් සමග එකතු වී ක්‍රියා කිරීමේ දී තමන් සතු කඩිසර බවට” අදහස්‌වලට හා ක්‍රියාශීලී බවට අන් අය ප්‍රියකළ බැවින් තම කණ්‌ඩායමේ නායකයා ලෙස පත් කර ගන්නා ලදී’ ඔවුන්ට ද ගුත්තා නැතිවම බැරි චරිතයක්‌ බවට පත් විය’ ඔවුන්ගේ හරක්‌ පිළිබද ප්‍රශ්න” අලුතිස්න් තණබිම් සොයායන ප්‍රදේශ ආදිය හමු වී සාකච්ඡා කර කටයුතු කිරීමෙන් සියලු දෙනාගේම හරක්‌ රංචු ඉතාමත් හොදින් පහසුවෙන් පාලනය කිරීමට හැකියාව ලැබුණි’ ගමරාළට අවුරුද්ද මුළුල්ලේ වැවීම සදහා අවශ්‍ය තරම් වී නොමැති නිසා ඉල් උඳුවප් මාසවලදි කුරක්‌කන් හා අල වර්ග ද කන්නට සිදු විය’ මේ ගැන සිත් තැවුලෙන් පසු වූ ගුත්තා නිකරුණේ ගොපඑ තරුණයන් සමග කඳු වැටිය පුරා රවුම් ගැසීම” සෙල්ලම් කිරීමට වඩා හොඳින් ජල උල්පත් ඇති කුඹුරක්‌ අස්‌වැද්දීමට සුදුසු ස්‌ථානයක්‌ සොයා බැලීය’ අවසානයේ ගුත්තා විසින් ඒ සදහා සුදුසු උල්දිය ඇති ප්‍රදේශයක්‌ සොයාගත් පසු කුඹුර සැකසීම සදහා අවශ්‍ය උදලු” කැති ආදී ආම්පන්න ගමරාළගෙන් ඉල්ලා සිටියේය’ එවිට ගමරාළ කියා සිටියේ හරක්‌ රංචුව බලාගෙන සිටීම වඩා යහපත් බවයි’

ඔහුගේ සිත් රැඳි අරමුණ ඉටු කර ගැනීමට කෙසේ හෝ ආම්පන්න අවශ්‍ය බව සිතුවේය’ මේ වන විට ගමරාළ සමග ඌරු පැලැල්ලට අවශ්‍ය ආයුධ ආම්පන්න සෑදීම සදහා අවස්‌ථා කීපයකදීම කම්හලට ගොස්‌ තිබුණි’ දිනක්‌ ගමරාළ උදලු සාදාගැනීම සදහා කම්හලට යැමට පිටත් විය’ ගුත්තා ද තමාට අවශ්‍යය උදැල්ල කැත්ත සාදා ගැනීමට හොද අවස්‌ථාවක්‌ ලෙස සිතා ගමරාළ සමග එහි ගියේය’ කම්හල්කරු විසින් ගමරාළට උදැල්ලක්‌ සාදා දුන් පසු ගුත්තා” ගමරාළ සමග ආපසු පැමි”ම මදකට ප්‍රමාද කර තමාට ද උදැල්ලක්‌ සාදා දෙන ලෙසට කම්හල් හිමියාගෙන් ඉල්ලා සිටියේය’ ඒ වන විට කම්හල් හිමියා වැඩ කර දහවල් ආහාරය සදහා යාමට සූදානම් වී සිටි අතර ගුත්තාගේ ඉල්ලීම නොසලකා හැර පිටත් විය’ ඔහු විසින් එය සකස්‌ කර දෙනතුරු බලා සිටීමෙන් තම අවශ්‍යතාව ඉටු නොවන බව දැනගත් ගුත්තා” අනතුරුව එහි විසිර තිබූ යබොර හා කැඩුණු බිදුණු යකඩ කෑලි එකතු කොට උඳුනට දමා උණු කර කිණිහිරේ තබා තළන්නට විය’ කටයුතු මෙසේ සිද්ධ වෙත්ම එකවරම ගුත්තාගේ පින් මහිමයෙන් උදැල්ලක්‌ නිර්මාණය වී ඇත’ උදැල්ලට පසුව ඔහුට අවශ්‍ය වූ කැත්ත සාදන විට කම්හල්කරු දිවා ආහාරය ගෙන අවසන් වී නිවසින්අ පිටතට පැමිණෙනවාත් සමගම කම්හලේ කවුරුන් හෝ යකඩ තලන ශබ්දයක්‌ ඇසුණි’ කම්මල්කරු වහා කලබල වී එතැනට දිවගිය අතර එහිදී ඔහුට දැකගත හැකිවූයේ අරුම පුදුම සිදුවීමකි’ ගුත්තා පසෙක තබා තිබූ උදැල්ලේ ප්‍රමාණයත්” හැඩයත්” මනා නිමාවත් දුටු කම්හල්කරු මේ අනර්ඝතම නිර්මාණය දැක පුදුම වී බලා සිටියේය’ ඔහු ගුත්තා දෙස බලා ඔහු එසේ මෙසේ අයෙකු නොවන බව සිතා ගුත්තා ඉදිරියේ දණින් වැටී ආචාර සමාචාර පවත්වන්නට විය’ මේ අවස්‌ථාවේ ගුත්තා තමා කවරෙකුදැයි ඔහු දැනගත් බව සිතා සින්නජ්ජාතියා මේ ගැන කාටවත් කියා තිබුණොත් තෝ මරණ බවත්” කිසිවකුට එය නොකියන බවටත් දිවුරුම් කර ගත්තේය’ පසුව තමාගේ කුඹුරු වැඩට අවශ්‍ය සියලුම උපකරණ සකසා ගෙන නැවත ඌරු පැලැල්ල බලා පිටත් විය’

පසුදින උදෑසනම ගුත්තා කොටගේපිටියට දකුණු දෙසින් පිහිටි තමා තෝරාගත් කොටසේ කැලෑව කපා හෙළි කර නියරවල් බැද වැට ද බැන්දේය’ මෙය අද ~රජතලා වෙල~ වශයෙන් හඳුන්වයි’ මෙය කඳු සහිත ප්‍රදේශයක පිහිටි සාමාන්‍ය තැනිතලා ප්‍රදේශයකි’ මෙහි පසෙහි වර්ණය ද අනෙක්‌ තැන්වලට වඩා වෙනස්‌ය’ තමන් සෑදූ කුඹුරට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවූ නිසා ජලය සපයා ගැනීමට සුදුසු ස්‌ථානයක්‌ සොයන්නට විය’ වතුර ගැනීමට සුඣ්දුසු ස්‌ථානයක්‌ සොයන අවස්‌ථාවේ ගුත්තාට දිනක්‌ අග්ගහ කැලේ සැඩ දියපහරක්‌ සහිත ගැඹුරු ඔයක්‌ හමු විය’ එය ~බෝඹුරු ඔය~ ලෙස වර්තමානයේ හඳුන්වයි’ මෙහි සිට ජලය ගැනීමට හැකි බව කල්පනා වූයෙන් අමුණු බැදීමට සුදුසු තැනක්‌ සොයන්නට විය’ අවසානයේදී සුදුසු තැනක්‌ සොයා එහි සිට කුඹුර වෙත ඇළක්‌ නිර්මාණය කළේය’ එය ~රජ ඇළ ~ ලෙස හැදින් වූ අතර වර්තමානයෙ දී ද එය ඒ නමින්ම පවතී’ මෙසේ දිය බැද කුඹුර වැපිරීමට ආසන්න විය’ වෙනදාටත් වඩා රෑ බෝවනතුරු කුඹුරේ වැඩ කළේය’ කුඹුර සකස්‌ කළ පසුව බිත්තර වී සොයාගෙන ගිය ද එය සොයාගත නොහැකි විය’ සමහරෙකු ළඟ තිබූ වී ඒ වන විට අවසන් වී තිබූ අතර සමහරු ගුත්තාට බිත්තර වී දී ආපසු ලබා ගැනීමට නොහැකි වේ යෑයි සිතා නොදුන්හ’ දින ගණනාවක්‌ ගෙවී ගිය පසු ගෙදරක බොල් වී රැසක්‌ පොළා තිඛෙනු දැක එහි ගොස්‌ ගුත්තා වී ඉල්ලුවේය’ එහිදී වී නැති බව කියා බොල් වී ගොඩ පෙන්වා කැමති නම් ඒවා ගෙනගොස්‌ වපුරා ගන්නැයි අවතක්‌සෙඇරුවෙන් කීවේය’ ගුත්තා තමන්ට අවශ්‍ය බොල් වී ප්‍රමාණය ගෙනගොස්‌ අධිෂ්ඨාන කර වැපිරීම සිදු කළේය’ දින කිහිපයකට පසු කුඹුරට ගිය ගුත්තාට දැකගත හැකි වූයේ වැපිරූ බොල් වී හොදින් පැළ වී තිබුණ ආකාරයයි’ මෙසේ හරක්‌ බලා ගන්නා අතරතුර ගුත්තා විවේකයක්‌ ලැඛෙන සෑම අවස්‌ථාවකම තම කුඹුරේ කාලය ගත කිරීමට අමතක නොකළේය’ බොහෝ වේලාවට ඔහු ආපසු පැමිණියේ රෑ බෝවීමට ඔන්න මෙන්න තිබියදීය’

ගොයම පීදී කිරි වදින කාලයට කුඹුර සතුන්ගෙන් ආරක්‌ෂා කර ගැනීමට ගුත්තාට සිදු විය’ ගුත්තා මේ කුඹුර සෑදුවේ ගම්වාසින්ටත්” ඌරු පැලැල්ලේ ගම මහගෙටත්” ගමරාළටත් හොර රහසේය’ මෙම රහස වැඩි කලක්‌ සගවා තබා ගැනීමට නොහැකි විය’ කැලයට ගිය අයෙකු විසින් ගුත්තාගේ මේ අපූරු කුඹුර දැක මුළු ගමටම ඒ බව කියා සිටියේ ය’ පසු දින ගමරාළ ඇතුළු පිස්රිස කුඹුරට පැමිණි අතර කුඹුර දැක මහත් සතුටට පත් වූහ’ පසු දින ගුත්තා කුඹුරට එන විට ගමරාළ ද ඔහු සමඟ කුඹුරට ගියේය’ තමා වගා කළ කුඹුර ගැන නොතකමින් ගුත්තාගේ කුඹුරේම දවස ගත කිරීමට ගමරාළට සතුටු සිත් ඇති වූයේය’

කාලය ගතවෙත්ම ගම පුරා ගුත්තාගේ මේ අපූරු කුඹුරු යාය පිළිබද කතාබහක්‌ ඇති විය’ ඔහුට බොල් වී දුන් පුද්ගලයා ද ඒ අසා අස්‌වනු නෙළන දිනයේ දී ඔහු තමා දුන් වී ආපසු ගෙනයාමට පැමිණ සිටියේය’ ඒ අවස්‌ථාවේ සිවලෙකුගේ වෙස්‌ ගත් දෙවියකු එහි පිදුරු ගොඩේ ඒ මේ අත පෙරළෙමින් කෝදිරි ගාන්නට පටන් ගත්තේය’ මෙසේ දගලන්නේ ඇයි දැයි කියා ඇසූ විට” ගොන් කිරි බීමෙන් බඩේ රුදාව හටගත් බව කීය’ එවිට මේ පුද්ගලයා ~ගොන්නුන්ට කිරි කොයින්දැයි ~ ඇසූ විට” එසේ නම් ~බොල් වී වලට වී කොයින් දැයි~ විමසමින් සිවලා මදක්‌ දුර දිවගොස්‌ නොපෙනී ගිය බවත්” ඉන්පසු බොල් වී දුන් පුද්ගලයා ලැජ්ජාවට පත් වී ආපසු හැරී ගිය බවත් ජනප්‍රවාදයේ කියවේ’

ගුත්තා ගොයම් කපා පාගා අවසන් වූ පසු බැත ගෙදරට ගෙන ඒම අපහසු කරුණක්‌ වූයේ වනාන්තරයේ කිසිකෙනෙකුට ළගා විය නොහැකි තැනක එය සැකසූ නිසාවෙනි’ කඳු” පල්ලම්” බෑවුම් වැඩි නිසාත් හරි මගක්‌ නොතිබූ නිසාත් එය රැගෙන යාම තවත් අපහසු විය’ මේ නිසා ගුත්තා තම හරක්‌ බලන කෙවිට ගෙන කමතේ සිට අදින මේ ඉර දිගේ බැත පැමිණෙත්වායි අධිෂ්ඨාන සිතින් රේඛාවක්‌ ඇදගෙන ඌරු පැලැල්ලේ ගම ගෙදර වෙත ගිය බවත් බැත ඒ දිග ඇදී ගොස්‌ ඌරු පැලැල්ලේ අටුකොටු පිරී ඉතිරුණු බවත්” ගමමහගේ කැදවා ඇයගෙන් වී ප්‍රමාණවත් දැයි විමසූ පසු ඇය වී ප්‍රමාණවත් බව පවසා තිබේ’ ගුත්තා වී ගලා ඒම නවතින ලෙසට අධිෂ්ඨාන කළ බවත් ඉන්පසු වී ගලා ඒම නැවතුණ බවත් ජනප්‍රවාදයේ කියවේ’

ඉදදන 2
බාගත කිරීමට පින්තූරය මත ක්ලික් කරන්න

ඌරු පැලැල්ලේ ගම ගෙදර අටුකොටු පිරීයත්ම මේ අපූරු ක්‍රියාවන් නිසා ඌරු පැලැල්ල පිළිබදව ගම්වාසීන්ට උසස්‌ හැගීමක්‌ ඇති විය’ ගුත්තා කොත්මලය පුරා ප්‍රසිද්ධිය ලත් දක්‌ෂ ගොවියකු මෙන්ම අපූරු වූ පුද්ගලයෙකු ලෙස ද කීර්තිය දිනා ගත්තේය’ දිනක්‌ ගුත්තා ඔහුගේ කුඹුරේ වැඩ කරමින් සිටියේය’ රන්මැණිකා කුඹුරට දවල් ඇඹුල ගෙන ආ පසු එය රසබලා හොදින් සප්පායම් වී රන්මැණිකාගේ ඇකයේ හිස තබා ගත් පසු ඔහු නොදැනීම තද නින්දට වැටුණු අතර සිහිනයක්‌ ද දුටුවේය’ තම බඩවැල් මුඛයෙන් එළියට විත් නැවත ඇතුළට යනවා ඔහු දුටුවේය’ සිහිනයට බිය වී ගුත්තා අවදි වූ අතර ඔහුට ඈතින් හේවිසි හඩක්‌ ඇසුණි’ රන්මැණිකා ද ඒ පිළිබදව අවධානය යොමු කොට සිටි අතර එහෙත් හරි හැටි කුමක්‌දැයි කියා අවබෝධයක්‌ නොවීය’ බැලුම්ගලට නැඟ බැලූ ගුත්තා ළඟ ළඟ එන පෙරහැර දුටුවේය’ හොදින් ඒ දෙස බැලු කල එය රජ පෙරහැරක්‌ බව වටහා ගත්තේය’ වේඑසුමන යෝධයා මුල්ව එන පෙරහැර දැක ඔහු සියල්ල තේරුම් ගත්හ’ ගුත්තා සිටි කුඹුර දෙසට පෙරහැර පැමිණි පසු එහි පෙරමුණේ පැමිණි වේඑසුමන යෝධයා ඇතුඑ පිරිස ගුත්තාට දණ නමා ගරු බුහුමන් කරන්නට විය’ පෙරහැර ආ පසුපස පැමිණි ගම්වාසින් ද රන්මැණිකා ද පුදුමයට පත්ව මේ දෙස බලා සිටිනුයේ තමා දකින්නේ හීනයක්‌ ද කියා සිතාගත නොහැකිවය’ මේ සිදුවීම ඌරු පැලැල්ලේ ගමමහගේටත් ගමරාළටත් සැලවී ඔවුහු කුඹුරට දිව ආවෝය’ පසුව ගුත්තා සියලුදෙනා ඉදිරියේ තමා ගැන සියලු විස්‌තර කියා සිටියේය’ තමා කාවන්තිස්‌ස රජුගේ වැඩිමහල් පුතු ගැමුණු කුමරු බවත්” රට” ජාතිය” ආගම වෙනුවෙන් මෙලෙස සැගවී සිටිය බවත්” තම පියාගේ අභාවයෙන් පසු රජකම ලබා ගැනීමටත්” ඉන් පසුව එළාර රජුගෙන් රාජ්‍ය බේරා ගැනීමටත් තමා මාගම වෙත යන බව පවසා කුමරු ඒ අසල වූ දිය පහරින් මඩ සෝදා රජ ඇඳුමින් සැරසී රන්මැණිකා ද කැටුව ඇතුපිට නැග මාගම බලා පිටත් වූ බව ජනප්‍රවාදයේ කියවේ’

කොත්මලය ප්‍රදේශයේ අදටත් හෙල්මලු ක්‍රමයට වී වගාව සිදු කරන අතර එදා සිට අද දක්‌වා පැවත ආ සිරිත් විරිත් රැකගනිමින් මේ සියලු වගාවන් සිදු කරන්නේ පාරම්පරික ක්‍රමයන්ට අනුකූලවය’ මෙම ප්‍රදේශයේ ඇතැම් කුඹුරු අදටත් සශ්‍රීකව පවතී’ මොවුන්ටම ආවේණික වූ කමත් බස්‌ වහරක්‌ ද පවතී’ විවිධ ආකාරයේ කමත් යන්ත්‍ර මගින් කොත්මලේ ප්‍රදේශයේ ගොවිතැන් කළ ඔවුන්ට ආවේණික වු ලක්‌ෂණ හඳුනාගත හැකිය’ කමත් යන්ත්‍රවලට අමතරව මෙහි ගොවීන් භාවිත කරන උපකරණ කිහිපයක්‌ ද හඳුනාගත හැකිය’ උඩරට ප්‍රදේශයට ආවේණික ගොවීන් භාවිත කරන උදැල්ල වර්තමානයෙහි මෙහි හඳුන්වන්නේ ~කොණ්‌ඩ උදැල්ල~ ලෙසය’ කම්හල්කරු දිවා ආහාරයට ගිය අවස්‌ථාවේ ගැමුණු කුමරු විශාල ප්‍රමාණයෙඇ උදැල්ලක්‌ සාදා නිම කළ බව ජනප්‍රවාදයේ කියවේ’ එකල රජ කුමරුන්ගේ කොණ්‌ඩ නොකපා උඩටකර බඳිනු ලැබීම නිසා ගැමුණු කුමරුගේ ද කොණ්‌ඩය එසේ වැවී තිඛෙන්නට ඇති නිසාත් ~කොණ්‌ඩ උදැල්ල~ ලෙස හඳුන්වන්නට ඇත’ ගැමියන්ගේ තවත් මතයක්‌ වන්නේ ගැමුණු කුමරු විසින් සැකසුවේ ~හපා උදැල්ල~ ලෙස හඳුන්වන උදැල්ලක්‌ බවය’ ( කොත්මලේ ඇත්තෝ” පිටුව 91) මේ උදලු වර්ග දෙකම මෙම ප්‍රදේශයට ආවේණික උදලු වර්ග වේ’

මේ ආකාරයට දුටුගැමුණු රජු කොත්මලේ ගතකළ ජීවිතය තුළ ඔහු බොහෝ පරිශ්‍රමයක්‌ දරා ඇත්තේ ගොවිතැන් කටයුතු දියුණු කිරීමටය’ මෙම ජනප්‍රවාදයන් අනුව එකල ගැමුණු කුමරු සැඟවී සිටියදී ගොවිතැන් කළ බවටත් ඔහු සැගවී සිටියේ කොත්මලය ප්‍රදේශයේ බවටත් තහවුරු කළ හැකි සාධක කිහිස්පයක්‌ වංශකතා තුළින් ද හමුවේ’

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





No comments:

Powered by Blogger.