Header Ads

සීනි වැඩි වුනොත් ඔබේ සිරුරේ සිදුවෙන වෙනස් කම් දන්නවද? මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔබටත් ඇතිවෙන්න පුළුවන්.


සීනි වැඩි වුනොත් ඔබේ සිරුරේ සිදුවෙන වෙනස් කම් දන්නවද? මෙන්න මේ වගේ රෝග ලක්ෂණ ඔබටත් ඇතිවෙන්න පුළුවන්.

සීනි අඩංගු ආහාර නිතර ගැනීම සිරුරට හිතකර නොවන බව කවුරුත් දන්නවා. එසේම සීනි වැඩිවුණොත් දියවැඩියාව හැදෙනවා කියල තමයි සාමාන්‍යයෙන් අපි දන්නේ. එහෙත් අපි නොදන්නා ඉතාමත් අහිතකර බලපෑම් ගැන තමා මේ කියන්න යන්නේ. සීනි ඔබේ සෞඛ්‍යයට අහිතකර වීමට බලපාන හේතු කීපයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ.



දන්ත සෞඛ්‍යයට අහිතකරයි

සීනිවල අත්‍යවශ්‍ය පෝෂණ කොටස් අඩංගු නැත. කැලරිද එහි අන්තර්ගතව නැත. අත්‍යවශ්‍ය විටමින්, ප්‍රෝටීන් හා මේද කිසිවක් මින් ලබාගත නොහැකියි. එය මුඛය තුළ බැක්ටීරියා වර්ධනය වීමට හේතු වන නිසා දත්වලට හානි කරයි.

අක්මාව ඉදිමෙනවා

සීනි දිරවීමෙන් පසු රුධිරයට එක්වී එය ග්ලූකෝස් හා රෙමජඑදිැ ලෙස බැෙ`දයි. ග්ලුකෝස් ශරීරය තුළින්ම නිපදවුවද රෙමජඑදිැ අප ලබා ගන්නේ පිටතිනි. නමුත් එය අවශ්‍ය වන්නේ ස්වල්ප වශයෙනි. මේවා වැඩිපුර ආහාරයට ගැනීමෙන් ඒවා ග්ලයිකොජන් බවට පත්වී අනවශ්‍ය ලෙස අක්මාවේ තැන්පත් වෙයි. මේ නිසා මේදය තැන්පත්ව අක්මාව ඉදිමීමට ලක්විය හැකියි.

අක්මාවේ මේද තැන්පත් කරවනවා

සීනිවල අඩංගු ෆෘක්ටෝස් මේද බවට පත්ව අක්මාවේ තැන්පත් වෙයි. මේ හේතුවෙන් මද්‍යසාර නොගන්නා අයට වුවත් ව්ධද භයානක අක්මා රෝග ඇතිවීමේ අවදානම ඇතිවිය හැකියි.

දියවැඩියා රෝග අවදානම

ශරීරයේ ක්‍රියාවලියට ඉන්සියුලින් අත්‍යවශ්‍ය සාධකයකි. එම ග්ලූකෝස් රුධිර නාළිකාවලට ඇතුළු වී මේද දහනය වෙනුවට ග්ලූකෝස් දහනය කරයි. මේ හේතුවෙන් දියවැඩියා අවදානම වැඩිවී තරබාරුකම, හෘද රෝග වැනි රෝග තත්ත්ව රැසකටම මුහුණපෑමට සිදුවෙයි.

පිළිකා අවදානම

හෝමෝන වර්ධනයට ඉන්සියුලින්වල වැඩි බලපෑමක් සිදු කළ හැකියි. නිතර ඉන්සියුලින් ප්‍රමාණය වැඩිවීමත් පිළිකා අවදානම වැඩි කිරීමට හේතුවෙයි.

මොළයට බලපානවා

බොහෝදෙනා පැණිරසට ඇබ්බැහි වී ඇත. එය මොළයේ නිවැරැදි සංඥා නිකුත් කිරීමටද බාධා ඇති කරවයි.

මහත් වෙනවා

සීනිවල බලපෑම මොළයට මෙන්ම තරබාරුකමටද බලපෑම් ඇති කරවයි. සීනි යෙදූ ආහාර වැඩිපුර ගැනීම තරබාරුකමට හේතුවන බව සොයා ගැනේ.

කොලෙස්ටරෝල් හා හෘද රෝග

පර්යේෂණ මගින් පෙන්වා දෙන්නේ රුධිර ගත ඉන්සියුලින් මට්ටම ඉහළ ගොස් හෘද රෝග අවදානමද ඇතිකරවන බවයි.

නිතර කුසගින්න ඇතිකරවයි

තරබාරුකම පාලනයට ආහාර අඩු ප්‍රමාණයක් ගන්න ඇතැම් අය හුරුව සිටිති. මේදය අඩු වුවත් එම ආහාරවල සීනි අධිකව අඩංගු වේ නම් ඔබට නිතර කුසගින්න ඇතිවෙයි. එනමුත් වැඩිපුර ආහාර ගත්තද තරබාරුකම ඇති නොවුවත් නිතර කුසගින්න ඇති වන්නේ සීනි අධිකව ගැනීමෙනි.

විඩාව වැඩිවෙයි

කාබෝහයිඩ්‍රේට් හා සීනි වැඩිපුර ගැනීම නිසා රුධිර ගත සීනි මට්ටම ඉහළ යයි. මේ හේතුවෙන් සිරුරට අධික වෙහෙසක් ඇතිවිය හැකියි.

අධෛර්යයට පත්කරයි

සීනි අධිකව ගැනීම නිසා ඔබේ මොළයේ ෙසෙලවලට අහිතකර බලපෑම් ඇති කරවයි. මතක ශක්තිය, මනසේ ප්‍රබෝධය අඩු කරයි.

මාංසපේශි වේදනාව

පිරිසුදු කරන ලද සීනි ගැනීමෙන් මාංස පේශිවල වේදනාව හා ඉදිමුම් ඇතිවිය හැකියි. එලෙස හෝමෝනවල ඇතිවන අසමතුලිතතාව හේතුවෙන් ප්‍රතිශක්තිකරණය අඩු වී සිරුරේ අලස බවත් ඇති වෙයි. මේ නිසා සීනි අඩු ආහාරවලට හුරුවන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.