පිරිමින්ට විවාහය එපා වෙන්නේ බිරිඳගේ මේ හැසිරීම් 7 නිසාලු

දෙදෙනෙක් විවාහ දිවියට එළඹෙන්නේ විශාල බලාපොරොත්තු ගොන්නක් සිත් තුල පුරවාගෙන. ඒ අතරින් එකක් තමයි ජීවිතයේ අවසානය වන තෙක්ම විවාහ දිවියේ චමත්කාරය නොවීයැකී පවතීවි යන්න. එහෙත් කණගාටුවෙන් වුවත් කිව යුතු කරුණ වන්නේ අති බහුතරයකටම වසර කිහිපයකට පසු විවාහ දිවිය එපා වී යන බවයි. ඇතැම් විට දරුවන් ලද පසු මෙම තත්වය තවත් වැඩි වෙනවා මිසක් අඩු වන්නේ නැහැ.
මේ ලිපියෙන් අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පිරිමි පාර්ශවයට තම විවාහ දිවිය එපා වීමට බලපාන කාන්තා හැසිරීම් කිහිපයක් ගැනයි. බලන්න ඔබත් මේ ආකාරයේ බිරිඳකද කියා.
රැකියාව නිමවී නිවසට පැමිණි විගස නිවසේ ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න හා වෙනත් අඩුපාඩු පිලිබඳ කතා කිරීමට පටන් ගැනීම.
ගෙදර ආව ගමන් ‘කච කචේ’ පටන් ගන්නවා කියලා සාමාන්‍යයෙන් කියන්නේ මෙන්න මේ වගේ තත්වයකදී. මේ වරද බොහෝ සෙයින් සිදුවන්නේ ගෘහණියන් අතින්. වෙහෙස මහන්සි වී නිවසට එන ඔහුට ඒ ආ විගසම ගෙදර දොර අඩුපාඩු පිලිබඳ මැසිවිලි නගන්නට පටන් ගැනීම කොහෙත්ම සුදුසු නැහැ. එයින් වෙන්නේ නිවස යනු ඔහුට ‘අපායක්’ බවට පත්වීමයි. ඉතින් ඔහුට විවාහය එපා වෙන එක අහන්නත් දෙයක්ද?
පෙරමෙන් දෙදෙනා එක්ව විනෝද වීම කෙරෙහි උනන්දුවක් නොදැක්වීම.
ඔබ විවාහ වූවේ ආදර සබඳතාවයකින් පසුවද? එසේනම් විවාහයට පෙර ඔබ දෙදෙනා එක්ව විනෝද වූ හැටි සිහියට නගාගන්න. විවාහයෙන් වසර කිහිපයකට පසුව ඒවා මග හැරගැනීම ඔබේ විවාහ දිවියට ඔබ විසින්ම කරගන්නා විශාල අසාධාරණයක්. රැකියාවට යාම, නැවත නිවසට ඒම, දරුවන්ගේ වැඩ කටයුතු කිරීම ආදී මේ සියළු දේ අතරේ ඔබ දෙදෙනාට පමණක් වෙන්වූ වේලාවක් සොයාගැනීමට අමතක නොකළ යුතුයි. නැතිනම් වන්නේ විවාහ ජීවිතය අතිශයින් නීරස වී යාමයි.
දරුවන්ගේ වැඩ කටයුතු පිළිබඳව පමණක් ඔහු සමඟ කතා බහ කිරීම.
දරුවන් පිලිබඳ ඔබ දෙදෙනා කතා බහ කළ යුතුමයි. එහෙත් ඔබ දෙදෙනා පිලිබඳ කතා බහ කිරීමද අතිශයින් වැදගත්. ඔබ ප්‍රිය කරන මාතෘකා, අතීත සිදුවීම් ආවර්ජනය මේ ඕනෑම දෙයක් ඔබට ඔහු හා කතා බහ කළ හැකියි.
තවදුරටත් ඕන ඔහු කෙරෙහි ආදරබර (romantic) නොවීම.
මෙයත් බිරිඳක් විසින් කරනා විශාල වරදක්. විවාහ ජීවිතය සුන්දර වීමට තිබිය යුතු අත්‍යාවශ්‍ය දෙයක් තමයි එකිනෙකා කෙරෙහි පවතින ආදරබර හැසිරීම් කියන්නේ. ප්‍රේම සබඳතාවය පවත්වාගෙන ගිය කාලයේ හා විවාහ වූ අලුත ඔබ විසින් ඔහුට පෙන්වූ ආදරය විවාහ වී වසර කිහිපයකට පසු නොපෙනේ නම් ඔහුට විවාහ දිවිය නීරස වීමට එයම හේතුවක් වනවා.
ලිංගික ජීවිතය ගැන සැලකිල්ලක් නොදැක්වීම
විවාහ ජීවිතය සමබරව රැගෙන යාමට නම් තිබිය යුතු අත්‍යාවශ්‍යම දේ වන්නේ යහපත් ලිංගික ජීවිතයක් සැමියා සහ බිරිඳ අතර පැවතීම. මැදි වියට ලංවන බොහෝ කාන්තාවන් ලිංගිකව එක් වීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. දරුවන් ලද පසුත් ඇතැම් කාන්තාවන් මෙසේ හැසිරෙනවා. මෙවන් තත්වයන්ට පිළියම වන්නේ ඒ කාරණා පිලිබඳ ඔබ දෙදෙනා විවෘතව කතා බහ කිරීමයි.
ඔබේ අදහස් විවෘතව ප්‍රකාශ නොකිරීම.
ස්වාමි පුරුෂයාගේ ඇතැම් හැසිරීම්වලට ඔබ අකමැති වන්නට පුළුවන්. එසේනම් ඔබ කළ යුත්තේ ඒවා හිතේ සඟවාගෙන නොසිට ඔහු සමඟ ඒ පිළිබඳව කතා කිරීමයි. නැතිනම් ඔබේ අමනාපයට හේතුව කුමක්දැයි ඔහු දැනගන්නේ නෑ වගේම ඔබත් ඒ පිළිබඳව අසතුටෙන් සිටීම පමණයි සිදු වන්නේ.
ඔහුගේ හැඟීම් පිලිබඳ සැලකිල්ලක් නොදැක්වීම.
ඔබේ ඇතැම් හැසිරීම්. වචන නිසා ඔහුගේ සිත රිදෙන්නට පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත්. ඔබේ හැඟීම් පිලිබඳ පමණක් සැලකිලිමත් වීම සුදුසු නැහැ.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
http://www.loveandsex.lk/

No comments: