ඔබේ නියපොතු වලින් ඔබ ගැන කීයවෙන විශ්මිත රහස් මෙන්න.

ඔබේ නියපොතු වලින් ඔබ ගැන කීයවෙන විශ්මිත රහස් මෙන්න.
අත බලා ශාස්ත්‍ර කීම, එහෙමත් නැති නම් අනාවැකි කීම, අප සැම දැක ඇති ශාස්ත්‍රයක්. බොහෝ විට මහ මග අසල අත බලා අනාවැකි කීමට දක්ෂ යැයි කියන විවිධ කුලයන්ට අයත් යැයි කියන මිනිසුන් හා කාන්තාවන් අත බලා අනාවැකි කියන අයුරු ඔබ දැක තිඛෙනවා ඇති. බොහෝ අය කියන්නේ මෙහි සත්‍ය තාවයක් නොමැති බවයි. මේ විදියට ශාස්ත්‍ර කියන අය එය හරි හැටි නොදැන සිටීම නිසා හෝ ඔවුන් බොරු කරන නිසා මෙම අනාවැකි බොරු වෙන්නට ඇති ඉඩකඩකුත් නැතිවාම නෙමෙයි. සමහර විට මෙම ශාස්ත්‍රයේ නිවැරදි පැත්තක් තිඛෙන්නටත් ඉඩ තිඛෙනවා.
මේ ශාස්ත්‍රය පිළිබඳ ලියැවුණු ඉපැර‚ ග්‍රන්ථයකින් උපුටා ගත් පහත අනාවැකි ගැන ඔබේ අත්ල පරීක්ෂා කර නිවැරදි දැයි බැලීමෙන් මෙහි සත්‍ය අසත්‍ය තාවය අපිටම හොයා ගන්න පුළුවන්. මේ අනාවැකි නම් පාරේදී ඔබට හමුවන අය කියන අනාවැකි වලට වඩා 100%ක්ම නිවැරදි බව පරීක්ෂා කිරීමේදී ඔබට වැටහේවි.
ඇඟිලි
ඉපැර‚ ග්‍රන්ථයේ සඳහන් පරිදි අපේ අතෙහි ඇගිලි පහ විවිධ ග්‍රහයින්ට අයත් බව පැවසෙනවා.
මහපටගිල්ල - සිකුරු
දබරගිල්ල - බ්‍රහස්පති
මැදගිල්ල - සෙනසුරු
රණගිල්ල - ඉරු
සුලගිල්ල - බුද
ඇගිලි සම්බන්ධව පලාඵල දැක්වීමේදී එය කොටස් හතරකට ඛෙදා වෙන් කර පලාපල දක්වයි
නිය
2. ඇගිලි නිර්මාණය වී තිබීමේ ලක්ෂණ
3. රෝම
4. රේඛා
නිය සම්බන්ධ පලඵල
කෙනෙකුගේ නිය දිගට වාඩා පළල්ව තිබේ නම්
ඔහුට කරුණු පැහැදිලි කරමින් කථා කිරීමේ හැකියාව ඇත. ගැඹුරු ඥාණයකින් යුත් උගතෙක් වේ. තම නෑදෑයින්, අසල්වාසීන් ඉදිරියෙහි තම බලය පෙන්වීමටද ඔහු කැමැත්තක් දක්වයි. මෙවන් අය බොහෝ විට පුවත් පත් කතුවරුන් වැනි රැකියාවල යෙදී සිටියි. එහෙත් ඔවුන්ගේ අත්ලෙහි රේඛා බලවත් නොවේ නම් එවැනි අවස්ථා ඔවුන්ට අහිමි වීමටද ඉඩ තිබේ.
නියපොතු සපන කෙනෙක් නම්,
ස්ථීරවම ඔහු දුෂ්ටයෙක් ලෙස ග්‍රන්තය දක්වයි. ඔහු චපල ගති ඇති කලබල කාරයෙක් වෙයි. බොහෝ විට මොවුන්ගේ දුෂ්ට භාවය නොපෙනෙන ලෙස ඉතාමත් මෘදු වචනයෙන් කතා කරයි.
කෙනෙකුගේ නියපොතු දික්ව වකුටුව තිබේනම්, ඔහු ඉතාමත් නපුරු, චන්ඩ ගති ඇති අයෙකි.
කුඩා වූ අපිරිසිදු නිය තිබේ නම්, ඔහු වංචා කාරයෙක් සහ බොරු කාරයෙක් වෙයි.
කුඩා කළු පාටින් යුක්ත නිය තිබේ නම්, ද්‍රෝහී පුද්ගලයෙකි
ටිකක් පළල් කළුපාට නිය තිබේ නම්, ලැජ්ජවක් නැති වංචාකරායෙකි.
සුදුපාට දිග නිය තිබේ නම්, ඔහු ඉතාමත් යහපත් ගති පැවතුම් ඇති කෙනෙකු වෙයි.
නියපොතු තුනී නම්, ඔහු දුර්වල, අසනීප ගතිය වැඩි, වංචා සහගත කෙනෙකු වෙයි.
වටකුරු නියපොතු තිබේ නම්, ඔහු ප්‍රීති වීමට ඉතාමත ආශාවක් ඇති පුද්ගලයෙකි.
මහපට ඇගිල්ලෙහි නිය මත සුදු පුල්ලියක් තිබේ නම්, ඔහු කාන්තාවන් කෙරෙහි අධික ආශාවක් දක්වන කෙනෙක් වෙයි. එහි කළු පුල්ලියක් තිබේ නම්, ඔහු වැරදි, නපුරු කාම ආශාවන් ඇති අයෙක් වෙයි.
දබරගිල්ලේ නිය මත සුදු පුල්ලියක් තිබේ නම්, එය ධනය ලැබීමේ ලක්ෂයකි. එහි කළු පුල්ලියක් තිබේ නම් එය මුදල් විනාශයේ ලක්ෂණයකි.
මැදගිල්ලේ නිය මත සුදු පුල්ලියක් තිබේ නම්, ඔහු සංචාරය කිරීමට ප්‍රියතාවයක් දක්වයි. එහි කළු පුල්ලියක් තිබේ නම් ඔහු මරණයට ළංවී සිටින කෙනෙකි.
රණගිල්ලේ නිය මත සුදු පුල්ලියක් ඇති වීම මහත් වූ ධනය ලැබීමේ සලකුණකි. එහි කළු පුල්ලියක් ඇති වීම කෙනෙකුගේ මානසික ශක්තිය හීන වීමටත් අපවාද ඇසීමටත් හේතුවකි.
සුලගිල්ලේ නිම මත සුදු පුල්ලියක් තිබේ නම්, ඔහු ඉගෙනීමට ඉතාමත් ප්‍රිය කෙනෙකු වෙයි. ව්‍යාපාර කටයුතු වලින් මහත් ධනයක් උපයන කෙනෙකු වෙයි. එහි කහ පාට හෝ කළුපාට පුල්ලියක් ඇති වීම මරණයට ආසන්න වීමේ ලක්ෂණයකි.
ඇගිලි මත ඇති රෝම සම්බන්ධ පලාඵල
කෙනෙකුගේ ඇගිලි වල මුල් පුරුකෙහි රෝම විශාල වශයෙන් පිහිටීම ක්‍රෑර, චපල අයෙකුගේ පිහිටන ලක්ෂණයකි.
එහෙත් එවැනි රෝම සම්පූර්ණයෙන්ම නැති අය ඉතාමත් බියසුලූ තැනැත්තන් වේ.
ඇගිලි උඩ රේඛා සහ ලකුණු පලාඵල
කෙනෙකුගේ ඇගිලි පුරුක් මත රේඛා වක්‍රව පිහිටයි නම් ඔහු සන්සුන් ගති ඇති කෙනෙකි. ඇගිලි වල අග පුරුක සහ මැද පුරුක අතර සන්ධිය ඍජු එක් රේඛාවකින් යුතු නම් ඔහු ඥානවන්ත ලෙස තම ජීවිතය ගත කරන්නෙක් වේ. කෙනෙකුගේ ඇගිලි පුරුක් අතර රේඛා වල එක් රේඛාවකට අමතරව කුඩා අතු රේඛාවක් පිහිටා තිබේ නම් ඔහු හදිසියේ මරණයට පත්වේ.
ඛසෙැ
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: