සම පැහැපත් කරන උගුරැස්‌ස වල තිබෙන ඖෂධීය ගුණ ගැන දන්නවද?

අප රටේ වැවෙන බොහෝ පලතුරු පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ මට්‌ටමක පවතින අතර, එවැනි දේශීය පලතුරු ආහාරයට ගැනීමෙන් ලෙඩ රෝග රැසක් වළක්‌වා ගැනීමටද හැකියාව ඇති බව බොහෝ අය නොදනී. විශේෂයෙන්ම නූතන ළමා පරපුර දේශීය පලතුරු වර්ග නොහඳුනන අතර, වර්තමානයේ දරුවන්ට දේශිය පලතුරු පිළිබඳව ඇති දැනුම ද අල්පය. අප මව් රටේ පලතුරුවල රස ගුණ පමණක් නොව, ඒවා හඳුනා ගැනීමට පවා නොහැකි තත්ත්වයකට නූතන පරපුර පත්ව සිටින බව පෙනේ. එම නිසාම දේශීය පලතුරු බොහොමයකගේ පෝෂණ ගුණ සිරුරට ලබා ගැනීමට ඒ අය අපොහොසත් වී ඇත.
දිගු කාලයක් නිරෝගීව ජීවත්වීමට, ශරීරයේ වර්ණය ඇති කර ගැනීමට, බලය ශක්‌තිය ඇතිකර ගැනීමට, මතක ශක්‌තිය වර්ධනය කර ගැනීමට, ලෙඩ රෝග වලක්‌වා ගැනීමට, අපේ රටේ වැවෙන ක්‍රම ක්‍රමයෙන් අභාවයට යන පලතුරුවල බලයක් තිබෙනවා. විශේෂනේම අද ළමා පරපුර පුරුදු වී තිබෙන්නේ ඇපල් ගෙඩියක, පෙයාස් ගෙඩියක, මිදි ගෙඩියක රස බැලීමටයි. නමුත් වැඩිපුර මුදල් වියදම් කරමින් ලබා ගන්නා එම පලතුරුවලට වඩා අපේ දේශයේ වැවෙන පලතුරුවල ඖෂධීය ගුණ පිරී තිබෙනවා.
එවැනි ගුණදායක වූ පලතුරුක් පිළිබඳ අගනා කරුණු රැසක් මෙහි සඳහන් කරමු. ඔබ කෙදිනක හෝ උගුරැස්‌ස ගෙඩියක රස බලා තිබිය හැක. නමුත් ඉන් සිරුරට ලැබෙන ගුණය පිළිබඳ නොදැන සිටියා විය හැක.
උගුරැස්‌ස ලංකාවේ සෑම පළාතකම වගා කළ හැක. වසරකට දෙවරක් පමණ හොඳින් පලදරන මෙම පලතුරකි. බොහෝ අය හඳුන්වන්නේ කටු ලොවි කියලා. ගසේ කඳ තුළ කටු ඇති නිසා එලෙස හඳුන්වනවා විය හැක.
මේ හා සමාන ඉදුණු විට තද රතු පාටින් යුක්‌ත වූ ලොවි වර්ගයක්‌ද අප රටේ පල හට ගන්නවා. එය උගුරැස්‌ස නොවන අතර, උගුරැස්‌සවල පෝෂණ ගුණයද එම රතු පාට ලොවිවල නොමැත. උගුරැස්‌ස නම් පලතුරු ඇතැම් අය කටු ලොවි යනුවෙන් හඳුන්වන මෙය කළු පැහැයට හුරු වේ.
ආයුර්වේද වෛද්‍යා විද්‍යාව තුළ වටිනා ඖෂධයක් ලෙස සඳහන් වන උගුරැස්‌ස ගෙඩි පමණක් නොව, එහි කොළ පොතු මුල්, ඇට ආදී සියලුම ඖෂධ පිණිස භාවිත කරනවා. සංස්‌කෘතික නාමයන් වශයෙන් කණ්‌ටකී, ස්‌වාදු කණ්‌ටක, විකංකත යනුවෙන්ද, හින්දි බසින් කංටාය යනුවෙන් ද, ද්‍රවිඩ බසින් කටුකාලි යනුවෙන්ද ඉංග්‍රීසි බසින් ඵ්මරසඑසඩි චකමප යනුවෙන් ද උගුරැස්‌ස හැඳින්වේ.
උගුරැස්‌සවල ගුණ ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් වන්නේ මෙසේය. කහට රසකයකින් යුතු එහෙත් ප්‍රණීත රසයක් ඇති උගුරැස්‌ස සැහැල්ලු, කුසගින්න වඩවයි. ආහාර ජීර්ණයට උදව් කරයි. පිත් රෝග හෙවත් සිරුරේ උෂ්ණාධික දැවිල්ල ඇති කරන රෝග රැසක් සමනය කිරීමේ ප්‍රබල ඖෂධීය ගුණයක් උගුරැස්‌සවල ඇත. සිරුරේ ලේ පිරිසිදු කිරීමට යෝග්‍ය නිසා ශරීර වරåනය ඇති කිරීමට ඉවහල් වන පලතුරකි.
එමෙන්ම කාන්තාවන්ට බලපාන ඇඟ උණුකරවා යාම, මුත්‍රා දැවිල්ල වෙනත් මුත්‍ර දෝෂවලදීද උගුරැස්‌ස ගුණදායකයි. මේවා අමුවෙන්ද සිරුරට යෝග්‍ය වේ. ඒවායේ ඇති කහට ගතියත්, සෞම්‍ය සැහැල්ලු ගතියත් නිසා සිරුරෙන් රක්‌තය වැගිරෙන රෝග වලක්‌වාලීමටද ලේ දෝෂ සමනයටද, ශරීරයෙන් පිටවන පෝෂ්‍ය පදාර්ථ පාලනය කිරීමට විශේෂයෙන් ම එම ඝණයට අයත් වන ප්‍රමේහ හා දියවැඩියාව රෝග සමනය කිරීමටද උගුරැස්‌සවලට හැකියාව ඇත. ස්‌ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටද ලිඟු හා යෝනිවල ඇතිවන දැවිල්ල සුවවීමට උගුරැස්‌ස පොතු තැම්බූ ජලයෙන් සේදීම ගුණදායකය.
තව ද උගුරැස්‌ස කොළ තම්බා ගත් ජලය තුවාල සේදීමට සුදුසුය. ප්‍රමේහ රෝගයට දියවැඩියා රෝගයට මෙම පොතු තම්බා ගත් ජලය පිරිසිදු මී පැණි තේ හැඳි එකක් සමග උදේ හවස පානය කිරීමද යෝග්‍ය වේ.
ආයුෂ රැක ගැනීමට යෝග්‍ය පලතුරක් ලෙස පෙන්වා දිය හැක.s උගුරැස්‌සවල මිනිස් හදවතට හිතකර ප්‍රබල ශක්‌තියක් ගැබ්ව පවතී. මෙහි මුල් හා පොතු සෙම් රෝග, වාත රෝග සමනයටද යෙදිය හැක. තව ද මේවායේ මුල්වල පොතු සහ කොළ දේශීය කැඩුම් බිඳුම් චිකිත්සාවට ඖෂධීය මැල්ලුමක් ලෙස භාවිත කළ හැක.
උගුරැස්‌සවල ගුණ කෙතරම් ද කිවහොත් භික්‌ෂූන් වහන්සේලාට ආහාර වේලට අමතරව ගෙඩි මිරිකා යුෂ දෙනු ලබයි. එමෙන්ම සෙංඟමාලය නම් වූ රෝගයට ප්‍රතිකාරයක් ලෙස යොදා ගැනේ.
උගුරැස්‌ස නම් වූ පලතුර පිළිබඳව ඔබ නොදැන සිටී.
කරුණු රාශියක් මේ මගින් ඔබට දැන ගැනීමට හැකි වන්නට ඇත. මේ තරම් ගුණදායක දේශීය පලතුරක් තම ගෙවත්තේ වගා කර ගැනීමට උනන්දු වන්නේ නම් ගුණදායක ඖෂධීය පලතුරක් ඔබට ඔබේ ගෙවත්තෙන්ම ලබා ගත හැකි වනු ඇත. මෙය කුඩා බිම් ප්‍රමාණයක් ඇති අයටද වවා ගැනීමට හැකිවීමද සතුටට කරුණකි. විදේශීය පලතුරුවලට නොව මෙවැනි රසයෙන් මෙන්ම ගුණයෙන් ද ඉහළ පලතුරක් ආහාරයට ගැනීමට දරුවන්ටද පුරුදු කළ යුතු බව ඔබට වැටහෙන්නට ඇත.
ආයුර්වේද වෛද්‍ය මෙත්සුව පී. සරතසිංහ
සටහන- සුරම්‍යා අතුකෝරල
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: