Header Ads

රෝග නසන රුව වඩවන කටු චිකිත්සාව ගැන මෙන්න මේ සැගවුන රහස් ඔබත් දැනගන්න.


රෝග නසන රුව වඩවන කටු චිකිත්සාව ගැන මෙන්න මේ සැගවුන රහස් ඔබත් දැනගන්න.

ලෝකයේ පවතින ආදිතම වෛද්‍ය ක්‍රමයක් ලෙස කටු චිකිත්සාව හැඳින්විය හැකිය. ලේඛනගත ඉතිහාසය දෙස බලන විට හුවාන් ඩිනේජින් නම් චීන කහ අධිරාජ්‍යයාගේ අභ්‍යන්තර වෛද්‍ය ලියවිල්ල හරහා කටු චිකිත්සාව චීනයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබේ. ක්‍රි.පු. දෛවැනි සියවසේ ලියැවුණු මෙම කෘතියේ දී සු වෙන් හා ලින්ෂි යනුවෙන් කොටස් 2 ක් පවතී. මෙහි ලින්ෂි කොටසෙහි කටු චිකිත්සාව සහ මුක්ත පිලිස්සුම් කොටසක් විස්තර වෙන අතර සු වෙන් කොටස අධ්‍යාත්මික ශාස්ත්‍රීය ලියවිල්ලක් ලෙස පවතී. මෙම කෘතියෙහි නිලස්ථාන 565 ක්. කටු චිකිත්සාව සිදුකරන ආකාරය, සුවකරන රෝග හා එක් එක් රෝගයාට කටු යෙදිය යුතු ආකාරය මෙන්ම එකල භාවිත වූ කටු වර්ග 9 ක් පිළිබඳවත් සඳහන් වේ.


කෙසේ වෙතත් කටු චිකිත්සාව මෙරට පැවැති නිල වෛද්‍ය ක්‍රමය යැයි මතයක් පවති. පෘතුගීසි හා ලන්දේසි ආක්‍රමණය නිසා දේශීය වෛද්‍යවරුන් මරාදැමීම තුළ මෙම වෛද්‍ය ක්‍රම චීනයට ගෙනගොස් චින කටු චිකිත්සාව ලෙස වර්ධනය වූ බව දැක්වේ. කෙසේ වුවද චීන කටු ක්‍රමය යටතේ රෝග රැසකට ප්‍රතිකාර ලබාගත හැකි ය.

 උස වැඩි කිරීම

මේ සඳහා ලෝකයේ ඇති එකම වෛද්‍ය ක්‍රමය “කටු චිකිත්සාවයි” ශරීරයේ උස සම්බන්ධව ක්‍රියා කරන ප්‍රධාන ග්‍රන්ථිය පිටියුටරි ග්‍රන්ථියයි. පුර්ව පිටියුටරියෙහි වර්ධක හෝමෝනය (Growth Hormone) සොමැටොට් ට්‍රොපික් යන හෝමෝන මේ සඳහා ක්‍රියාකරයි. කටු චිකිත්සාව තුළින් ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයන්ගේ සමතුලිත තත්ත්වයක් ඇති කළ හැකි ය. මේ සඳහා ප්‍රධාන වශයෙන් Endocrine Point  භාවිත කරන අතර එයට අමතරව තෝරාගත් “යෝග“ ව්‍යායාම කිහිපයකුත් උපකාර කරගෙන සාර්ථකව කරගත හැකිය. එවැනි සාර්ථක ප්‍රතිඵල අත්කරගත් බොහෝ දෙනෙක් ඒ බවට සාක්ෂි දරනු ඇත.



ආතරයිටිස්

ආතරයිටිස් වර්ග කිහිපයක් වෙයි. ඔස්ටියෝ ආතරයිටිස්, රුවවොයිඩ් ආතරයිටිස්, රූමැටිකා සන්ධි ආසාදනය, ගෛ‍්‍රව් ස්පොන්ඩිලෝසිස්, කට් ස්පොන්ඩිලෝසිස්, ගවුට් මෙයින් ඉතාම සුලබ තත්ත්වය ඔස්ටියේ ආතරයිටිස් වෙයි. මෙහි දී සන්ධියක අස්ථි මතුපිට කාටිලේජ දිරාගොස් අස්ථිය සිනිදු බව නැති වී රළු වෙයි. පෑදුණු අස්ථිය අසාමාන්‍ය ලෙස වර්ධනය වෙයි. වියපත් අයගෙන් 80% කගේ පමණ මෙය දක්නට ලැබේ. මෙහිදී සන්ධියේ ක්‍රියාකාරිත්වය අවුල් වී වේදනාකාරී වේ. කෙසේ වුවද ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලය මඟින් කළ පරීක්ෂණයක දි “කටු චිකිත්සාව“ මගින් එම අස්ථි ආශ්‍රිතව අයිසොපප්‍රින් නමැති රසායනය ඇති වන බවත්, මෙමඟින් කාටිලේජ නැවත වැඩිමක් ඇතිකර ගත හැකි බවත් සනාථ කර ඇත.

 හිසරද ය

විවිධ වර්ගයේ හිසරදයන් ඇත. ආතතීමය හිසරදය Tention Headache  වාහිනීමය (Vascular)  හිසරදය Post Concussion (අධික කම්පනයට හැප්පීමකට පසුව ඇති වන හිසරදය) ඉදිරිපස පටක ආසාදනය (Sinusitis) ඇතිවන හිසරදය, තව ද මොළයේ රුධිරවාහිනී සංකෝචනය නිසා හටගන්නා ඉරුවාරදය Migraine)  වැනි තත්ත්වයන් ස්ථිර සුවයක් ඇති කළ නොහැකි බව බටහිර වෛද්‍ය මතය වුව ද “කටු චිකිත්සාවන්” සමහර යෝග ව්‍යායාම ක්‍රමත් යොදාගෙන මේ ආකාරයේ හිසරදයන් නිට්ටාවට සුව කළ හැකි බව මා හට පැවසිය හැකි යි.

 සමේ රෝග සහ රූපලාවණ්‍ය හා බර අඩුවීම

මුහුණ රැලි වැටීම, මුහුණේ මාංශ පේශි එල්ලා වැටීම, බොහෝ විට සිදුවන්නේ ක්‍රමයෙන් වියපත් වීමත් සමග ය. මෙහි දී කොලැජන් තන්තු ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන හේතු වයි. කුරුලෑ හා කැළැල් ඇතිවීමට හේතුව යොවුන් වියේදී ඇතිවන ග්‍රන්ථි ක්‍රියාකාරීත්වයන් නිස යි. මෙම තත්ත්වයන් නැතිකර ගැනීම සඳහා “කටු චිකිත්සාවේ” ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ක්‍රම ඇත. මෙහි දී මුහුණේ ඇති ග්‍රන්ථි නිසියාකාරව ක්‍රියාත්මකවීම සඳහා නියමිත නිල ප්‍රතිකාරත්, ලේසර් ප්‍රතිකාරත් යොදා ගනී.

හිසකෙස් ගැලවී යෑම සහ වැඩීම

1960 ඔරෙන්ට්‍රෙයිව් විසින් පුරුෂයන්ගේ හිසකෙස් යෑම ඇන්ඩ්‍රොජෙනටික් ඇලොපේෂියා නමින් හඳුන්වනු ලැබී ය. මෙය සිදුවන්නේ සමේ ටෙස්ටොස්ටොරොන් (Testostorone)  හෝමෝනයේ ඩියයිඩ්‍රෝ ටෙස්ටොස්ටෙරෝන් Dihydro testostorone)  මට්ටම වැඩිවීම නිසා ය. මානසික ආතතිය නිසාත්, වෙනත් රසායනික හේතු නිසාත් මෙම තත්ත්වය උදාවේ. චින කටු චිකිත්සාව මඟින් මෙය සාර්ථකව මැඬපැවැත්විය හැකි ය.

 ඇදුම සහ පීනස

පෙණහලුවල වායු මාර්ගයේ ගැස්මක්, ආසාත්මිකතාවක්, විෂබීජ නිසාත්, මානසික තත්ත්වයන් නිසාත් මෙය ඇති වේ. නාසයේ ස්ලේෂ්මල පටල ඉදිමීම, උගුර සම්බන්ධව පොදු ආසාත්මිකතාවයන් නිසා පීනස ඇති වේ. මෙහි ලක්ෂණ වන්නේ කිවිසුම් යාම, කඳුළු ගැලීම යන ආදියයි. මෙම රෝග තත්ත්වයන් චීන කටු චිකිත්සාව මඟින් සාර්ථක සුවකළ හැකි ය.

මීට අමතරව වෛද්‍ය සුමිත්‍ර මනම්පේරි මහතාගෙන් සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබාගත හැකි අතර,


071 4222954 හෝ 0777354220

දුරකථන අංක මාර්ගයෙන්

ආයුර්වේද වෛද්‍ය සුමිත්‍ර මනම්පේරි,

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.