Header Ads

බඩේ අමාරුව හැදුනොත් මුළුතැන්ගේ තිබෙන මේ දේවල් වලින් විශ්මිත ඔසුවක් හදාගන්න.


බඩේ අමාරුව හැදුනොත් මුළුතැන්ගේ තිබෙන මේ දේවල් වලින් විශ්මිත ඔසුවක් හදාගන්න.

අපි දවසට කීප වරක්‌ කෑම කනවා. ප්‍රධාන වශයෙන් වේල් තුනක්‌ කෑම කනවා. ඒත් ඔබ දන්නවද ඔබ කන්නේ මොනවද කියලා. ඔබ කන කෑමේ තියෙන්නේ මොන ගුණයක්‌ද කියලා.

අපි ගන්න ආහාරවල සංයෝගයේ හෝ ආහාරවලට විෂ බීජයක්‌ එකතු වීමෙන් හෝ අගුණ වෙලා තියෙන්න පුළුවන්. ඇතැම් වෙලාවට අපි උදේට කෑම හදනවා. ඒක ශීතකරණයට දානවා. දවල්ට අරගෙන රත් කරනවා. කනවා. ආයේ ශීතකරණයේ දානවා. රෑටත් ඒකම රත් කරලා කනවා. මේක ඉතා ම නරක දෙයක්‌. මේවා නිසාත් විවිධ බඩේ අමාරු ඇති වෙන්න ඉඩ තියෙනවා.

මෙතනදී වෙන්නේ අනවශ්‍ය විදියට අරපරිස්‌සම් කරන්න ගිහිල්ලා අසනීප හදා ගැනීමක්‌. අරපරිස්‌සම තියෙන්න ඕන දෙයක්‌. ඒත් මේ අනවශ්‍ය සැලසුමක්‌ නැති අරපරිස්‌සම නිසා ලෙඩ හදාගන්නවා. මේ අසනීප හදා ගත්තට පස්‌සේ අර කෑම වේලක්‌ පිරිමහගත්තා වගේ දහගුණයක්‌ වියදම් කරනවා බෙහෙත් අරගන්න.

අපේ ගෘහනියන්ට ගෙදර කුස්‌සියේ තියෙන ඖෂධ ගැනත් නිසි අවබෝධයක්‌ නෑ. යම් විදියකින් ගෙදර කෙනෙකුට බඩේ අමාරුවක්‌ හැදුනා කියලා අපි හිතමු. එතකොට අපට පුළුවන් දුරු ටිකක්‌, කබලේ බැදලා කුඩු කරලා කෝපි වගේ වක්‌කරලා බොන්න. ඔබට පුළුවන් දුරු ටිකක්‌ බැදලා කුඩු කරලා බෝතලේක දාලා තියාගන්න. ඒක කාටත් ප්‍රයෝජනයි. ඒ වගේ ම තද තේ කහට ටිකක්‌ වක්‌ කරලා ඒකට දෙහි ටිකක්‌ දාලා සීනි නැතුව බොන්න පුළුවන්.

කෝපි ටිකක්‌ අරගෙන කෝපි තේ හැඳි 2 ට දෙහි මේස හැඳි එකක්‌ පමණ දාලා සීනි නොදා බොන්න. ඒ එක්‌කම අපට පුළුවන් කැඳ ටිකක්‌ හදාගෙන බොන්න.

අපි හාල් ටිකක්‌ බැදලා කැඳ හදාගෙන බිව්වොත් බඩ වේලෙනවා. ඔබ අහලා ඇති,

"බෙලි කන කොට බඩ යනවා. බඩ යනකොට බෙලි කනවා" කියලා කතාවත් ඒවගේම තමයි.

"කැඳ බොනකොට බඩ යනවා. බඩ යනකොට කැඳ බොනවා" කියන එකත්

ලුණු කැඳයි, බැදිහාල් කැඳයි ගැන තමයි මෙතනදි කිව්වේ.

මේ විදියට ගෙදරදි කෑම බීම හදාගන්න උනන්දු වෙනවා වගේම ලෙඩකට බෙහෙතක්‌ කරගන්නත් ගෘහනියට දැනුමක්‌ තියෙන්න ඕන.
 

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

No comments:

Powered by Blogger.