Header Ads

මේ ආහාර අනුභව කරොත් දියවැඩියාව නිට්ටාවටම සුව වෙනවා.දියවැඩියාව සුව කරගන්න සාර්ථක ක්‍රම මෙන්න.


මේ ආහාර අනුභව කරොත් දියවැඩියාව නිට්ටාවටම සුව වෙනවා.දියවැඩියාව සුව කරගන්න සාර්ථක ක්‍රම මෙන්න.
 
කට නිසා බොහෝ දෙනා වැඩ වරද්ද ගන්නවා. දියවැඩියාවත් කටේ පාලනයක් නැති නිසා හටගන්නා රෝගයක්. කට පාලනය කර ගන්න පුළුවන් නම් දියවැඩියාව නිට්ටාවට සුව කරගන්න පුළුවන්. නමුත් දියවැඩියාව නරක් කර ගත්තොත් හට ගන්නේ මධුමේහයයි. ඒක සුව කිරීම අසීරුයි. එහෙනම් මේ දියවැඩියාව මාරාන්තික රෝගයක් කර ගන්නේ ඇයි?

යම් යම් ශාකසාර ඖෂධ සහ බටහිර ඖෂධවලින් රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. නමුත් එය සම්පූර්ණ රෝග සුවයක් හැටියට සලකන්න බැහැ. මේ සමහර ඖෂධ නිසා සීනි මට්ටම පහළ බැස්සත් ඒවා නිසා ඇතිවන අතුරු ආබාධ හේතු කොට ගෙන අක්මාව, වකුගඩු, හෘදය, ඇස් යනාදී ඉන්ද්‍රියයන්ට බරපතළ හානි ඇති වෙන්න පුළුවන්. අනෙක් කාරණය පුද්ගලයෙකු ජීවිත කාලයටම කුමන හෝ ඖෂධයක් පාවිච්චි කරමින් ජීවත්වීම රෝග සුවයක් හැටියට සලකන්න බැහැ. මේ ගැන ලෝකය පුරා කාලයක සිට බුද්ධිමය සංවාදයක් වගේම විකල්ප සොයන පර්යේෂණ සිදු කෙරෙනවා.

මේ රෝගය සුව කිරීම සම්බන්ධයෙන් විශාලම ගැටලුව තිඛෙන්නේ ආකල්ප සම්බන්ධවයි. අනෙක් ගැටලුව රෝගය සහ ප්‍රතිකාරය පිළිබඳව පැතිරිලා තියෙන මිථ්‍යා මත. මුලින්ම මිථ්‍යාවෙන් මිදිලා ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. අන්න ඒ නිසයි මා පුන පුනා කියන්නේ∙ දියවැඩියාව සුව කළ හැකියි. ඒත් එය මාරාන්තික රෝගයක් කර ගන්න එපා කියලා.

ඕනෑම සත්ත්ව ශරීරයක ජඨරාග්නිය ක්‍රියාත්මක වෙනවා. ජඨරාග්නිය කියන්නේ අප ගන්නා ආහාර පාන නිසි ලෙස ජීර්ණය කරගෙන පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි පැවතීම කියා සරලව තේරුම් ගන්න පුළුවන්. ශරීරයට ලැඛෙන සීනි ජීර්ණය කර ගන්නේ ඉන්සියුලීන්වලින්. මේක අපේ ශරීරයේ ස්වභාවිකව නිෂ්පාදනය වන දෙයක්. කිසියම් හේතුවක් නිසා ඒ ඉන්සියුලින් නිෂ්පාදනය දුර්වල වුණොත් රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යනවා. තවත් විදිහකට කීවොත්∙ ශරීරයේ සීනි ජීර්ණය කිරීමට තරම් ඉන්සියුලීන් නිෂ්පාදනය ප්‍රමාණවත් නැතිනම් එයින් සිදුවන්නේත් ශරිරයේ සීනි ප්‍රමාණය ඉහළ යෑමයි. මේක රෝග තත්ත්වයක්.

දැන් මොකද කරන්නේ? එක්කෝ ඉන්සියුලීන් නිෂ්පාදනය ඉහළ නංවන්න ඕනේ. එහෙම නැතිනම් බාහිරව ඉන්සියුලීන් ලබා දෙන්න වෙනවා. එහෙමත් නැත්නම් ශරීරයට ලැඛෙන සීනි ප්‍රමාණය අඩු කළ යුතුයි. ආහාර පාලනය සහ ඇතැම් ඖෂධවලින් ඒ සඳහා උත්සාහ ගන්නවා.

අපේ පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාරයෙන් මූලිකව කෙරෙන්නේ අර කලින් කීව ජඨරාග්නිය හා ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා බල චිකිත්සාවත් යොදා ගැනෙනවා. අද මේ ප්‍රතිකාර සිදු කෙරෙන්නේ විද්‍යාත්මක පරීක්ෂණ හා නිරීක්ෂණයන්ට යටත්වයි. ඒ ක්‍රමයට දියවැඩියාව සුව කරගත් අය බොහෝමයි. ඒ ගැන පසුව කතාකරමු.

තමන් ගේ රුධිරයේ සීනි මට්ටම නියමිත ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව දැනගත්ත කෙනෙක් ඒ තත්ත්වයෙන් මිදෙන්න නම් මුලින්ම කරන්න ඕනේ මේ දියවැඩියාව සුව කරන්න පුළුවන් කියන ආකල්පය ඇති කර ගැනීමයි. මා මුලින් ආකල්ප වෙනසක් අත්‍යවශ්‍ය බව කීවේ ඒ නිසයි. දෙවනුව මේ රෝගය සහ ප්‍රතිකාරය පිළිබඳව පැතිරිලා තියෙන මිථ්‍යාවන්ගෙන් මිදෙන්න ඕනේ.

දියවැඩියාවට ආයුර්වේද ප්‍රතිකාර ගන්නවාය කියන්නේ අවිචාරයෙන් ගුලි, කල්ක, ශාකසාර ගැනීම නොවෙයි. සමහරු කරවිල යුෂ හිතුමතයට බොනවා. තවත් අය කොතල හිඹුටු වගේ ද්‍රව්‍ය ගන්නවා. මේවා අනිසි ඖෂධ භාවිතය හැටියටයි හඳුන්වන්න වෙන්නේ. කෙටි කාලයකින් රුධිරගත සීනි ප්‍රමාණය පහළ බහින්න පුළුවන්. නමුත් අතුරු ආබාධ නිසා නැති රෝග හා අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි හට ගන්නත් පුළුවන්.

වෛද්‍යවරයා සහ ඖෂධ කොයි තරම් යෝග්‍ය වුණත් රෝගියා ඒවා නිසි ලෙස භාවිතා කළේ නැත්නම් රෝග සුවයක් අපේක්ෂා කරන්න බැහැ. විශේෂයෙන්ම දියවැඩියාවෙන් පෙළෙන රෝගියකු නම් ඒ රෝගයෙන් මිදෙන්න අවංකවම කැප වෙන්න ඕනේ. මොනතරම් ඖෂධ පානය කළත් කට පරෙස්සම් කරගන්න බැරි නම් දියවැඩියාව සුව කර ගන්න බැහැ.

ඒ නිසාම මුලින්ම පෙන්වා දෙන්න කැමතියි කට පරෙස්සම් කරගන්න හැටි. මේක කොටස් තුනකට ඛෙදෙනවා. මාර්ග සංඥා පුවරුවක දකින්න ලැඛෙන රතු කහ කොළ කියන වර්ණ අනුව ගත්තොත් රතු කියන්නේ වාහනය සම්පූර්ණයෙන් නතර කළ යුතු බවයි. කහ එළිය හගවන්නේ යෑමට සූදානම් වන්න කියලයි. කොළ එළියෙන් ගමනට අවසර ලැඛෙනවා. අන්න ඒ ආකාරයට දියවැඩියා රෝගීන්, ගත යුතු නොගත යුතු ආහාර පාන කොටස් තුනකට ඛෙදෙනවා.

දියවැඩියා රෝගීන් සම්පූර්ණයෙන් වැළකිය යුතු ආහාර

මුදවපු කිරි, යෝගට්, සීනි, හකුරු, සිරප් වර්ග, පැණි වර්ග, පැණි රසයෙන් සාදන ලද ආහාර පාන, (ජෑම්, ටොෆි, කේක්, රසකැවිලි, අයිස්ක්‍රීම්, ටින්කිරි, පාන්පිටි ආහාර) මේවා දියවැඩියා රෝගීන් ‘රතු’ ආහාර ලෙස සැලකිය යුතුයි.

යම් ප්‍රමාණයකින් ගත හැකි ආහාර

නිවුඩු තම්බපු බත්, රතු කැකුළු බත්, කුරහන්, මුංඇට, කඩල, කවුපි, සෝයා, සහ හාල් පිටිවලින් සකස් කළ ආහාර. (මේවා දියවැඩියා රෝගීන් ‘කහ’ ආහාර වශයෙන් සැලකීම වැදගත්. එහෙත් රාත්‍රියට සම්බා බත් යනාදිය කිසිසේත් නොගැනීම වැදගත්.

හැකි තරම් ගත හැකි ආහාර

පලා වර්ග, කරවිල, වැටකොළු, බණ්ඩක්කා, ළපටි බෝංචි, මෑ කරල්, දඹල, ගෝවා යනාදී එළවුළු හා විශේෂයෙන් ම කෙඳි සහිත ආහාර, පැපොල්, මුරුංගා කොළ, ගොටුකොළ, කන්කුන්, පිට සුදු සාරණ, කොහිල හා කොහිල දළු, රතු ළූනු කොළ, අනෝදා දළු, තුඹ දළු, මොනරකුඩුම්බිය, වට්ටක්කා දළු, ඕලු දළු, නෙළුම් දඩු වැල්පෙනෙල, කෝප්ප කොළ, කොළ ගෝවා, නිවිති කොළ, පොළොස්, අළු කෙසෙල් හා පොතු, ඇඹරැල්ලා දළු, කොස් දළු, කෙසෙල් මුව, ළපටි අත්තික්කා ගෙඩි, පතෝල, වැටකොළු, පොතු, අගුණකොළ, මඩු දළු, එරබදු කොළ, කරවිල කොළ,

මීට අමතරව, ඛෙලි කොළ, ඛෙලි මල්, රණවරා කොළ, රණවරා මල්, කොතල හිඹුටු මුල් යනාදිය තම්බා බීම යෝග්‍යයි. විශේෂයෙන්ම දිනපතා බාර්ලි ග්‍රෑම් 50ක් තම්බා ගත් වතුර බෝතලයක් වරින් වර පානය කිරීම ඉතා ගුණදායකයි. එමෙන්ම නෙල්ලි, මඳක් ඉදුණු ඇඹුල් කෙසෙල්, මාදං ගෙඩි, ඇඹරැල්ලා, කජු පුහුලන්, ජම්බු හා පිණි ජම්බු සහ හබල පෙති යනාදියත් දියවැඩියා රෝගීන්ට ඉතා ප්‍රශස්ථයි.

ඉහත විස්තර කළ හයිකාබොහයිඩ්‍රේට් හයිප්ලාන්ට් ෆයිබර් ඩයට් (ආහාර මාදිලිය) අනුගමනය කිරීමෙන් පළමු වර්ගයේ දියවැඩියා රෝගීන්ගේ ඉන්සියුලීන් විදීම 30% – 40% දක්වා අඩු කර ගත හැකිය. එම ආහාර රටාව අනුගමනය කළහොත්∙ දෙවැනි වර්ගයේ රෝගීන්ගේ ඉන්සියුලීන් ඉල්ලුම 75%-100% දක්වා අඩු කර ගත හැකිය.දියවැඩියාව සුව කර ගත හැකියි. එය මාරාන්තික රෝගයක් කර ගන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු ඇත්තේ ඔබ ළගමය.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


 
 





 

No comments:

Powered by Blogger.