Header Ads

සෙම අමාරු හා දද කුෂ්ට වලට විශ්මිත සුවය ගෙන දෙන ආයුර්වේද නා මල පානය සකස් කරගන්නා ආකාරය මෙන්න .


සෙම අමාරු හා දද කුෂ්ට වලට විශ්මිත සුවය ගෙන දෙන ආයුර්වේද නා මල පානය සකස් කරගන්නා ආකාරය මෙන්න .

නා” කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික වෘක්‍ෂය’ ඒ වගේම නාමල් ඉතා පූජනීයයි’ අටවිසි බෝධි වෘක්‍ෂවලට අයත් ශාකයක්’ මංගල” සුමන” රේවත” සෝභිත යන බුදුවරුන් බුදු බව ලබාගෙන තිඛෙන්නේ මේ පූජනීය නා බෝධිය පාමුලදීයි’ ඒ හේතුව නිසාම ලංකාවේ බොහෝ වෙහෙර විහාර ආශ්‍රිතව නා වෘක්‍ෂයන් දක්නට ලැඛෙනවා’ ඒ වගේම උද්‍යාන අලංකරණ කටයුතු සඳහාත් නා ශාකය බහුල වශයෙන්ම යොදා ගන්නවා’
අනුරාධපුර යුගයේදී නා ගසට ලංකාවේ සුවිශේෂී තැනක් හිමිවූ බව ඉතිහාසය දෙස බැලීමේදී තහවුරු වෙනවා’ 14 වැනි සියවසේ කළ ඇම්බැක්කේ කැටයම් සඳහා යොදාගෙන තිඛෙන්නේ නා ලීය’ නා කියන්නේ බොහෝ කලක් පවතින ශක්තිමත් දැව වර්ගයක්’ ආගමික සහ සංස්කෘතික වැදගත්කම් රැසකින් සමන්විත නා ශාකය අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය තුළත් සුවිශේෂී ඖෂධයක් බව කීවොත් ඇතැම් අය මවිත විය හැකියි’ ඇත්ත වශයෙන්ම නා කියන්නේ හොඳ අගනා ඖෂධයක්’ ආයුර්වේදයට අනුව නාග කේශර සහ නාග පුෂ්ප යන අන්වර්ථ නාමයන්ගෙනුත් නා හඳුන්වනවා’ මේ ශාකයට නාග කේශර යනුවෙන් හඳුන්වන්නේ නාමල් රේණු බහුල වශයෙන් ඖෂධ පිණිස ගන්නා නිසයි’
ආයුර්වේදයට අනුව ත්‍රිජාත නමින් ඖෂධ ප්‍රභේද තුනක් පවතිනවා’ ඒ තමයි කුරුඳු” එනසාල් සහ තේජ පත්‍ර යන ඖෂධයන්’ ත්‍රිජාත ඖෂධවල තිඛෙන වැදගත්කම තමයි ඒ ඖෂධ මුඛය සුවඳවත් කරනවා’ ඒ වගේම හෘදය සඳහා හිතකරයි’ ඒ ත්‍රිජාත ඖෂධවලට නාමල් එකතු කළාම එය චතුර්ජාත ලෙස හඳුන්වනවා’ ඒ අනුව පැහැදිලි වන දෙයක් තමයි නා කියන්නේ ආයුර්වේදයේ භාවිත කරන අද්විතීය ඖෂධයක් බව’

මධ්‍ය ප්‍රමාණ මීටර් 12ක් 13ක් වගේ උසකින් සමන්විත නා ගහේ කොළ තද කොළ පාටයි” යටි පැත්ත අළු පාටයි’ දැකුම්කලු රත් පැහැ නා දලු සාහිත්‍යධරයන් කාන්තාවන්ගේ දෙතොලටත් උපමා කළ අවස්ථා තිඛෙනවා’ සුදු පාට ලස්සන ප්‍රිය උපදවනසුලු නාමලේ මැද කහ පාට රේණු රැසක් පවතිනවා’ දේශීය ඖෂධ නිපදවීමේදී මේ නාමල් රේණු හා ඇට බහුල වශයෙන් යොදා ගන්නවා’
ඉන්දියාව” ලංකාව” නේපාලය” බුරුමය” තායිලන්තය සහ මැලේසියාව වැනි රටවල දක්නට ලැඛෙන නා වෘක්ෂය රුධිර ගැලීම් ආශි්‍රත රෝගවලට ඉතාමත් සුවදායක ඖෂධයක්’ නාසයෙන් හේතුවක් නැතිව රුධිරය පිටවන අවස්ථාවලදී කාන්තාවන්ගේ අධික ලෙස සිදුවන මාස් ශුද්ධිය අවස්ථාවලදී” රුධිරය පිටවන අර්ශස් රෝගවලදී නා මල් රේණු මඳක් වියළා පත අට එකට සිඳුවා දින කිහිපයක් උදේ සවස පත භාගය බැගින් බොනවා නම් ඉතාම සුවදායකයි’ ඒ සියලුම රුධිරය පිටවන රෝග ඉක්මනින් සුවතට ගැනීමට මේ ඖෂධීය කෂාය ඉතාම ගුණදායකයි’
ආයුර්වේදයේ සඳහන් ආකාරයට පිත් දෝෂය වැඩි වූ විටදී ඇගට දැවිල්ලක් ඇතිවෙනවා’ පිත්ත දෝෂය සමනය කරන්න නාමල් රේණුවලට හැකියාවක් තිඛෙනවා’ නාමල් මඳක් වියළා කෂායක් ලෙස ගන්නවා නම් රුධිරය පිටවන තත්ත්වයේ අර්ශස් පවා සුවකර අර්ශස් ගෙඩි හැකිළවීමේ හැකියාවක් මේ කෂාය තුළ පවතිනවා’
සුශ්‍රැත සංහිතාව” භාවප්‍රකාශය වගේ ආයුර්වේදයේ ඉපැරැණි ග්‍රන්ථවල සඳහන් ආකාරයට ඖෂධ පිණිස නාමල් රේණු සොයා ගන්න අපහසු වූ අවස්ථාවකදී එයට ආදේශකයක් ලෙස නෙලුම් මල් රේණු සුදුසුයි කියලා සඳහන් වෙනවා’
නා ඇට කියන්නෙත් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ භාවිත කරන සුවිශේෂී ඖෂධයක්’ නිසි ක්‍රමවේදයකට අනුව නා ඇට තෙල් සිඳගෙන ඒ තෙල් බාහිර ඉදිමුම්” වේදනා” කැක්කුම් ආශි්‍රත ස්ථානවල දිනපතා උදේ සවස ආලේප කරනව නම් ඒ කැක්කුම්” වේදනා” ආසාදන ඉක්මනින් සුව වෙනවා වගේම ඉදිමුම් බහිනවා’
දේශීය චිකිත්සාව තුළත් නාමල් රේණු කියන්නේ අගනා ඖෂධයක්’ සුද යෑම රෝගයට බහුල වශයෙන් භාවිත කරනවා’ ඒ වගේම යුනානි වෛද්‍ය ක්‍රමයේදී වගේම සිද්ධ වෛද්‍ය ක්‍රමයේදීත් නා ඖෂධය ඔසු නිපදවීමට යොදා ගන්නවා’ නාමල්වල ප්‍රදාහ නාශක ගුණයක් පවතිනවා’ ඒ නිසාම නාමල් කෂාය යම් රසායනික කහට රසයකින් යුක්තයි’ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව හටගන්නා රෝග සුවයටත් මේ නාමල් කෂාය පානය කිරීම ඉතාම යෝග්‍යයි’
යමකුට අතීසාරය වැනි රෝග තත්ත්වයකදී දිය හැකි කදිම කෂායක් තමයි නාමල් කැකුළු කෂාය’ දින කිහිපයක් උදේ සවස පත භාගය බැගින් ඒ කෂාය පානය කළොත් ඉක්මන් සුවයක් ලැබේවි’ අතීතයේ කාන්තාවකට දරු ප්‍රසූතියක් වූ විටකදී ගර්භාෂය පිරිසුදු කිරීමට කෂායක් ලෙස නාමල් දී තිඛෙනවා’ අද කාලයටත් මේ ගුණාත්මක කෂාය බොනව නම් එය සෞඛ්‍යයට හිතකරයි’
බොහෝ දෙනෙක් නාමල් කෂායේ පවතින කහට ගතිය නිසා මෙය පානය කිරීමට මැළිවන්න පුළුවන්’ ඒ නිසාම දරුවකු ප්‍රසූත කළ මවකට ගර්භාෂය පිරිසුදු වීමටත් පෙර සඳහන් කළ රෝගයනට ප්‍රතිකාර ලැබීමටත් නාමල් ඖෂධයක් ලෙස පානය කළ හැකි ආකාරයක් මම කියන්නම්’ නාමල් රේණු කොටසක් ගෙන මඳ පවනේ වියළා හොඳින් කුඩුකර එයට සමානව උළු හාල් සහ තේජ පත්‍ර කුඩු කොටස් දෙකක් අරගෙන හොඳින් මිශ්‍රකර ගන්න’ ඒ ආකාරයට මිශ්‍රකරගත් කුඩු සුළං නොවදින ඇසුරුමකට දමා වරකට ඒ කුඩු ග්‍රෑම් 5ක් පමණ ප්‍රමාණයක් කිරි සමඟ මිශ්‍රකර දිනපතා උදේ සවස දින පහක් පමණ ආහාරයට ගන්න’ ඉහත සඳහන් සෑම රෝගයකටම වගේම දරුවන් ප්‍රසූත කළ මවුවරුන්ගේ ගර්භාෂය පිරිසුදු කරන්නත් මේ ඖෂධීය ආහාරය ගුණදායකයි’
නාමල් කුඩුකර උණු වතුර කෝප්පයකට තේ හැඳි කාලක් බැගින් මිශ්‍රකර දිනපතා උදෑසන පානය කරනව නම් එයත් ඉතා ගුණදායකයි’ ඒ වගේම නාමල් වියළා හොඳින් කුඩුකර එය නැවතත් එළගිතෙලින් අඹරා රස්නෙ කාලයට ඇතිවන අතුල් පතුල් දැවිල්ලට අලේප කරන්න’ එමගින් ශරීරයට නැවුම් සිසිලසක් දැනේවි’
ඇතැම් අවස්ථාවලදී නළලෙ සෙම පිරුණු ගතියත් හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් ඇතිවීමේ ප්‍රවණතාවන් පවතිනවා’ එවන් අවස්ථාවලදී නා කොළ අරගෙන හොඳින් කොටා කල්කයක් ලෙස නළලෙ ආලේප කරන්න’ ඉක්මනින් සෙම ඉවත් වෙනවා’
ඒ වගේම අධික උෂ්ණ කාලයෙදි දහදිය දැමීම නිසා ශරීරයෙන් දැඩි දුගඳක් හමනවා’ ඒ වගේ අසීමිත උෂ්ණ රෝග තත්ත්වයන් නිසා බොහෝ දෙනෙක් අපහසුතාවනට මුහුණ දෙන අවස්ථා තිඛෙනවා’ නාමල් කුඩු සහ සැවැන්දරා කුඩු සමානව අරගෙන හොඳින් මිශ්‍රකර ඇල් දියෙන් අඹරා ශරීරයේ ආලේප කර පැය දෙකකට පමණ පසුව ඇග සෝදන්න’ දහදිය දුගඳ නැතිකර ශරීරයෙන් කාන්තිමත් සුවඳක් ලබා දෙන්න මේ ප්‍රතිකර්මය ඉතා ගුණදායකයි’
ගුරුවරුන්” ගායකයන්” වෙළෙදාම් කරන්නන් වැනි අය අධික ලෙස උගුර වෙහෙසවීම නිසා උගුර බැරැන්ඩි ගතියක් ඇති වෙනවා’ එවැනි පුද්ගලයන් නාමල් රේණු සහ එනසාල් ස්වල්පයක් මිශ්‍රකර සූකිරි ස්වල්පයක් සමග ආහාරයට ගන්න’ උගුරේ පවතින සෙම ගතිය සුළු මොහොතකින් නැති වෙලා යාවි’
ඒ වගේම රුධිරය ගලන අර්ශස් රෝගයට තවත් ප්‍රතිකර්මයක් පවතිනවා’ ඒ තමයි නාමල් කුඩු සමග සූකිරි ස්වල්පය බැගින් විටින් විට ආහාරයට ගැනීම’ ඒ තුළින් රුධිරය ගලන අර්ශස්වලට විසඳුමක් ලබන්න පුළුවන්’ කුෂ්ඨ රෝගයෙන් පීඩා විඳ එය සුව වූ පසුවත් බොහෝ දෙනකුට පවතින ගැටලුවක් තමයි කුෂ්ඨවල කැළැල් ශරීරයෙන් නොමැකී යෑම’ එවන් කුෂ්ඨ කැළැල් සහ තුවාල කැළැල් මකා දීප්තිමත් සමක් ලබා ගැනීමට නාමල් රේණු කුඩු සමග පිණ්ඩ තෛල (වෙළෙඳපොළේ පවතී) මිශ්‍රකර දිනපතා හමේ ආලේප කරන්න’ ටික කලක් මේ තෛලය සමේ ආලේප කරද්දී සමේ ඇති කැළැල් කෙමෙන් කෙමෙන් මැකී යෑමේ සතුට ඔබට විඳින්නට පුළුවන් වේවි’
නාමල් ඖෂධය ඇතුළත්ව සකස් කරන ලද ඖෂධ වර්ග වෙළෙඳපොළ තුළත් ඔබට ලබා ගන්න පුළුවන්’ ස්ත්‍රී රෝගවලට භාවිත කරන පුෂ්‍යනුග චූර්ණය” නාරායන තෛලය වැනි ඖෂධ තුළත් නා ඖෂධය අන්තර්ගතයි’ ඒ වගේම ස්ත්‍රී රෝගවලට භාවිත කරන කුමාර්යාසවය තුළත් මේ ඖෂධය අන්තර්ගතයි’ ඒ වගේම පෙණහලු ආශි්‍රත රෝග සඳහා ලබා දීමට සුදුසු ‘ද්‍රාක්ෂාරිෂ්ටය’තුළත් නා ඔසුව අඩංගුයි’ රෝගයක් වැලඳී එය සුව වූ පසුව ශරීරය පුෂ්ටිමත් කිරීමට ලබා දීමට සුදුසු ච්‍යාවන ප්‍රාශාවලේහ ඖෂධය තුළ වැඩි වශයෙන් නෙල්ලි ඖෂධය අන්තර්ගත වුණත් එහි නාමල් රේණු ඖෂධයත් අන්තර්ගතයි’ ජ් සමිත් මධුරංග


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.